14. 19.
මහණ තෙමේ තෙල (යථෝක්ත) ධර්‍මය දැන (අනිත්‍යාදිය) විමසනුයේ සියලු කල්හි ස්මෘතිමත් වූයේ (ත්‍රිවිධ ශික්‍ෂාවෙහි) හික්මෙන්නේ යැ. (රාගාදීන්ගේ) නිවීම ශාන්තිය යි දැන ගෞතමබුද්ධශාසනයෙහි නො පමා වන්නේ යි.
එතඤ්ච ධම්මමඤ්ඤාය - ‘එතං’ යනු කියන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්‍රකට කළ ප්‍රකාශ කළ; ධම්මමඤ්ඤාය - දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්‍රකාශ කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් (කායසුචරිතාදි) සමය ද (කායදුශ්චරිතාදි) විසමය ද දශකුශලකර්‍මපථය ද දශ අකුශලකර්‍මපථය ද සාවද්‍ය (අකුශල) අනවද්‍ය (කුශල) හීන - ප්‍රණීත - කෘෂ්ණ - ශුක්ල - විඥයන් විසින් ගර්හිත වූ විඥප්‍රශස්ත වූ ද ධර්‍මය දැන, දැනගෙන, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් සම්‍යක්ප්‍රතිපත්තිය අනුලෝම ප්‍රතිපත්තිය අවිරුද්ධප්‍රතිපත්තිය අන්වර්‍තථප්‍රතිපත්තිය ධර්‍මානුධර්‍මප්‍රතිපත්තිය ප්‍රාතිමෝක්‍ෂශීලයෙහි පරිපූරකාරිත්‍වය ඉන්‍ද්‍රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්‍රඥතාව ජාගර්‍ය්‍යානුයෝගය ස්මෘතිසම්ප්‍රජන්‍යය සතර සතිපට්ඨාන සතර සම්‍යක්ප්‍රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්‍ද්‍රිය පඤ්ච බල සප්ත බෝධ්‍යඞ්ග ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත්තිය ද යන ධර්‍මය දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ.
විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ - ‘විචිනං’ යනු: (සිවුසස්) සොයනුයේ වෙන වෙන ම සොයනුයේ (වඩනුයේ) තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවන කරනුයේ විභූත කරනුයේ සියලු සංස්කාරයෝ අනිත්‍යයහ’ යි … යම් කිසිවක් සමුදයධර්‍ම නම්, ඒ සියල්ල නැසෙන සුලු යයි වඩනුයේ වෙන වෙනම වඩනුයේ තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවනය කරනුයේ විභූත කරනුයේ නුයි ‘විචිනං භික්ඛු’ යනු වේ. සදා යනු : සැමදා සියලු කල … පශ්චිම වයස්හි; සතෝ යනු : සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ … හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.
සික්ඛෙ යනු: ශික්‍ෂා තුනෙකි: අධිශීලශික්‍ෂා යැ. අධිචිත්තශික්‍ෂා යැ, අධිප්‍රඥාශික්‍ෂා යැයි. මෝ අධිප්‍රඥාශික්‍ෂා නමු. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් ආවර්‍ජන කෙරෙමින් හික්මෙන්නේ යැ, … හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මැනැවින් හැසිරෙන්නේ යැ සමාදන් වැ පවත්නේ නුයි ‘විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ’ යනු වේ.
සන්තීති නිබ්බුතිං ඤත්‍වා - රාගයාගේ නිවීම ශාන්තිය යි දැන ද්වේෂයාගේ මෝහයාගේ … සියලු අකුශලාභිසංස්කාරයන්ගේ නිවීම ‘ශාන්තිය’ යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය - විභූත කොට නුයි ‘සන්තීති නිබ්බුතිං ඤත්‍වා’ යනු වේ.
සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය - ගෞතමයන්ගේ ශාසනයෙහි බුද්ධශාසනයෙහි ජිනශාසනයෙහි තථාගතශාසනයෙහි දෙවදෙවයන්ගේ ශාසනයෙහි අර්‍හත්ශාසනයෙහි; නප්පමජ්ජෙය්‍ය - සකස් කොට කරන සුලු වන්නේ යැ සතතභාවයෙන් කරන සුලු වූයේ නො නැවත කරන සුලු වූයේ නො හැකුළුණු පැවතුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො තැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ ‘කවදා මම නො පිරිපුන් ශීලස්කන්‍ධය හෝ පුරම් ද … නො පිරිපුන් සමාධිස්කන්‍ධය හෝ ප්‍රඥාස්කන්‍ධය - විමුක්තිස්කන්‍ධය - විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය - කවදා මම් (මඟනැණින්) නො දැනගත් දුක හෝ දානගනිම් ද, නොපුහුන් කෙලෙසුන් හෝ දුරු කෙරෙම් ද, නො වැඩූ මඟ හෝ වඩම් ද, නො පසක් කළ නිවන හෝ පසක් කෙරෙම් දැ’ යි එහි යම් ඡන්දයකුත් වෑයමකුත් උත්සාහයකුත් දැඩි උත්සාහයකුත් නොනැවැත්මකුත් සිහියකුත් නුවණකුත් වේ ද, (එබඳු වූ) කෙලෙස් තවන වීර්‍ය්‍ය උත්තමවීර්‍ය්‍යය අධිෂ්ඨානය නැවත නැවත යෙදීම කුශලධර්‍මයන්හි අප්‍රමාදය නුයි ‘සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
එතඤ්ච ධම්මමඤ්ඤාය -පෙ- සාසනෙ ගොතමස්ස නප්පමජ්ජෙය්‍ය” යී.
14. 20.
රූපාදිය අභිභවනය කළා වූ ඒ බුදුහු (කෙලෙසුන් විසින්) නො මැඩුණේ ‘මෙසේ වී ලැ’ යි නො තකන ලද ආත්මප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මය යම් හෙයකින් දුටු සේක් ද, එහෙයින් මැ ඒ භාග්‍යවත්හුගේ ශාසනයෙහි නො පමා වූයේ සියලු කල්හි (ඒ බුදුනට තිදොරින්) නමස්කාර කෙරෙමින් (ත්‍රිවිධ ශික්‍ෂායෙහි) හික්මෙන්නේ යැයි (බුදුහු වදාළ සේකි.)