14. 18.
බැහැරී මහණුන්ගේ හෝ බොහෝ ක්ෂත්රියාදීන්ගේ හෝ අනිටු වූ බොහෝ බස් අසා ගැටුණේ රළු බසින් ඔවුන්ට පෙරළා නො කියන්නේ යැ. යම් හෙයකින් සන්හුන් රාගාදි කෙලෙස් ඇත්තාහු ප්රතිපක්ෂ බව නො කෙරෙත් ද, එහෙයිනි.
සුත්වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං - ‘දුසිතො’ යනු: දූෂ්ය වූයේ ආක්රෝශ කරන ලදුයේ ගටන ලදුයේ අවඥා කරන ලදුයේ ගර්හා කරන ලදුයේ නුගුණ කියන ලදුයේ; සමණ නම්: මෙ සස්නෙන් බැහැර පැවිද්දට පැමිණියාහු පරිව්රාජ බවට පැමිණියාහු; පුථුවචනානං - ක්ෂත්රියයෝ ද බ්රාහ්මණ - වෛශ්ය - ශුද්ර - ගෘහස්ථ - ප්රව්රජිත - දෙව - මනුෂ්යයෝ ද; ඔහු අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ වචනයන්ගෙන් ආක්රෝශ කරන්නාහු ය, පරිභව කරන්නාහු ය, කෝප කරන්නාහු ය, වෙසෙසින් කෝප කරන්නාහු ය, හිංසා කරන්නාහු ය, වෙහෙසන්නාහු ය, පෙළන්නාහු ය, වෙසෙසින් පෙළන්නාහු ය, නසන්නාහු ය, වෙසෙසින් නසන්නාහු ය, උපඝාත කරන්නාහු ය. ඔවුන්ගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ බොහෝ බස් අසා, ශ්රවණය කොට, ගෙන, විමසා සලකා නුයි - ‘සුත්වා දුසිතො බහුං වාචං සමණානං වා පුථුවචනානං’ යනු වේ.
ඵරුසෙන නෙ න පටිවජ්ජා - ‘ඵරුසෙන’ යනු: පරුෂ වූ කර්කශ වූ බසින්; න පටිවජ්ජා - පෙරළා නො කියන්නේ යැ, ආක්රෝශ කරන්නහුට පෙරළා ආක්රෝශ නො කරන්නේ යැ, කෝප කරන්නහුට පෙරළා කෝප නො කරන්නේ යැ, ඩබර කරන්නහුට පෙරළා ඩබර නො කරන්නේ යැ, කලහ නො කරන්නේ යැ, භණ්ඩන - විග්රහ - මෙධග නො කරන්නේ යැ, කලහභණ්ඩනවිග්රහවිවාදමෙධග හරනේ යැ, දුරු කරන්නේ යැ, විගතාන්ත කරන්න යැ, අනභාවයට පමුණුවන්නේ යැ, කලහභණ්ඩනවිග්රහවිවාදමෙධගයෙන් දුරු වූයේ වෙන් වූයේ වෙසෙසින් වෙන් වූයේ වන්නේ යැ, නික්මුණේ නික්මැගියේ විප්රමුක්ත විසංයුක්ත වූයේ විමර්ය්යාදීකෘත සිතින් වෙසෙන්නේ නුයි ‘ඵරුසෙන නෙ න පටිවජ්ජා’ යනු වේ.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ‘සන්තෝ’ යනු: රාගය ශාන්ත වන බැවින් ශාන්ත යැ, ද්වේෂය - මෝහය - උපනාහය … සියලු අකුශලාභිසංස්කාරයන් ශාන්ත - ශමිත - ව්යුපශමිත වන බැවින් දවන ලද - නිවන ලද - විගත කළ - උරලන ලද බැවින් ශාන්ත - උපශාන්ත - ව්යුපශාන්ත - නිර්වෘත - පටිප්පස්සද්ධ නුයි ශාන්ත යැ.
න හි සන්තෝ පටිසෙනිං කරොන්ති - ශාන්ත වූවාහු ප්රතිවිරොධය ප්රතිමල්ල බව ප්රතිභණ්ඩනය ප්රතිපක්ෂ බව නො කෙරෙති, නො දනවති, නූපදවති, නො නිපදවති, නො පහළ කෙරෙත් නුයි ‘න හි සන්තෝ පටිසෙනිං කරොන්ති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
සුත්වා දුසිතො බහුං වාචං -පෙ- න හි සන්තෝ පටිසෙනිං කරොන්ති” යී
14. 19.
මහණ තෙමේ තෙල (යථෝක්ත) ධර්මය දැන (අනිත්යාදිය) විමසනුයේ සියලු කල්හි ස්මෘතිමත් වූයේ (ත්රිවිධ ශික්ෂාවෙහි) හික්මෙන්නේ යැ. (රාගාදීන්ගේ) නිවීම ශාන්තිය යි දැන ගෞතමබුද්ධශාසනයෙහි නො පමා වන්නේ යි.
එතඤ්ච ධම්මමඤ්ඤාය - ‘එතං’ යනු කියන ලද දෙසන ලද පනවන ලද පිහිටුවන ලද විවෘත කළ විභාග කළ ප්රකට කළ ප්රකාශ කළ; ධම්මමඤ්ඤාය - දැන තුලනය කොට තීරණය කොට විභාවනය කොට ප්රකාශ කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් (කායසුචරිතාදි) සමය ද (කායදුශ්චරිතාදි) විසමය ද දශකුශලකර්මපථය ද දශ අකුශලකර්මපථය ද සාවද්ය (අකුශල) අනවද්ය (කුශල) හීන - ප්රණීත - කෘෂ්ණ - ශුක්ල - විඥයන් විසින් ගර්හිත වූ විඥප්රශස්ත වූ ද ධර්මය දැන, දැනගෙන, තුලනය කොට, තීරණය කොට, විභාවනය කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ. නොහොත් සම්යක්ප්රතිපත්තිය අනුලෝම ප්රතිපත්තිය අවිරුද්ධප්රතිපත්තිය අන්වර්තථප්රතිපත්තිය ධර්මානුධර්මප්රතිපත්තිය ප්රාතිමෝක්ෂශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්ද්රියයන්හි ගොපිතද්වාරතාව භෝජනයෙහි මාත්රඥතාව ජාගර්ය්යානුයෝගය ස්මෘතිසම්ප්රජන්යය සතර සතිපට්ඨාන සතර සම්යක්ප්රධාන සතර ඍද්ධිපාද පඤ්චේන්ද්රිය පඤ්ච බල සප්ත බෝධ්යඞ්ග ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය නිර්වාණය ද නිර්වාණගාමිනී ප්රතිපත්තිය ද යන ධර්මය දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි මෙසේත් ‘එතඤ්ච ධම්මමඤ්ඤාය’ යනු වේ.
විචිනං භික්ඛු සදා සතෝ සික්ඛෙ - ‘විචිනං’ යනු: (සිවුසස්) සොයනුයේ වෙන වෙන ම සොයනුයේ (වඩනුයේ) තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවන කරනුයේ විභූත කරනුයේ සියලු සංස්කාරයෝ අනිත්යයහ’ යි … යම් කිසිවක් සමුදයධර්ම නම්, ඒ සියල්ල නැසෙන සුලු යයි වඩනුයේ වෙන වෙනම වඩනුයේ තුලනය කරනුයේ තීරණය කරනුයේ විභාවනය කරනුයේ විභූත කරනුයේ නුයි ‘විචිනං භික්ඛු’ යනු වේ. සදා යනු : සැමදා සියලු කල … පශ්චිම වයස්හි; සතෝ යනු : සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ … හෙතෙම ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබේ.