13. 7.
තවද (ඇතැම් මහණබමුණු කෙනෙක් බුද්ධාදීන් විසින්) ජුගුප්සිත වූ ඒ අමරතපස් හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතශුද්ධිය හෝ ඇසුරු කොට (අක්‍රියදෘෂ්ටියෙන් හෝ) උද්ධංසරවාද ඇති වැ පුනපුනා භවයෙහි නො හළ තෘෂ්ණා ඇත්තාහු ශුද්ධිය කියත්.
තමුපනිස්සාය ජිගුච්ඡිතං වා - කායපීඩනාදි තපසින් පාපජුගුප්සාව පවසන්නාවූ තපෝජුගුප්සාව සාර කොට ඇති තපෝජුගුප්සාව ඇසුරු කළ හාත්පසින් ඇසුරු කළ (එහි) ඇලුණු බැසගත් පිවිසියා වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත් නුයි ‘තමුපනිස්සාය ජිගුච්ඡිතං වා’ යනු වේ.
අථවාපි දිට්ඨං ව සුතං මුතං වා - දෘෂ්ට (- රූපායතන) ය හෝ දෘෂ්ටශුද්ධිය හෝ ශ්‍රැතය හෝ ශ්‍රැතශුද්ධිය හෝ මුතය හෝ මුතශුද්ධිය හෝ නිසා ඇසුරු කොට ගෙන දැහැගෙන පිවිස ගෙන නුයි ‘අථවාපි දිට්ඨං ව සුතං මුතං වා’ යනු වේ.
උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති - උද්ධංසරවාද ඇති ( - සංසාරයෙන් ශුද්ධිය පවසන) ඇතැම් මහණ බමුණු කෙනෙක් වෙති, සංසාරයෙන් ශුද්ධිය පවසන ඒ මහණ බමුණෝ කවරහු ද යත්? අත්‍යන්තශුද්ධිය පවසන සංසාරශුද්ධිය පවසන අක්‍රියදෘෂ්ටි ඇති ශාශ්වතදෘෂ්ටි ඇති ඒ මේ මහණබමුණෝ උද්ධංසරවාද ඇත්තාහු වෙත්. ඔවුහු සංසාරයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පසසති පවසති කියති බෙණෙති දක්වති ව්‍යවහාර කෙරෙත් නුයි ‘උද්ධංසරා සුද්ධිමනුත්ථුනන්ති’ යනු වේ.
අවිතතණ්හා සෙ භවාභවෙසු - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ගන්‍ධතෘෂ්ණා යැ රසතෘෂ්ණා යැ ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යැ ධර්‍මතෘෂ්ණා යි.
භවාභවෙසු - කාමභව රූපාරූපභවයෙහි, කර්‍මවෘත්තයෙහි පුනර්‍භවික වූ විපාකවෘත්තයෙහි, කාමභවයෙහි කර්‍මභවයෙහි, කාමභවයෙහි පුනර්‍භවයෙහි, රූපභවයෙහි කර්‍මභවයෙහි, රූපභවයෙහි පුනර්‍භවයෙහි, අරූපභවයෙහි කර්‍මභවයෙහි, අරූපභවයෙහි පුනර්‍භවයෙහි, පුනපුනාභවයෙහි පුනපුනා පස්ගතියෙහි පුනපුනා උපතෙහි පුනපුනා පිළිසඳෙහි පුනපුනා ආත්මභවය පහළවීමෙහි නො පහවූ තෘෂ්ණා ඇත්තාහු අවිගතතෘෂ්ණා ඇත්තාහු නො හළ තෘෂ්ණා ඇත්තාහු නො පුහුන් තෘෂ්ණා ඇත්තාහු නො බැහැර කළ තෘෂ්ණා ඇත්තාහු නුයි ‘අවිතතණ්හා සෙ භවාභවෙසු’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තමුපනිස්සාය -පෙ- අවිතතණ්හා සෙ භවාභවෙසු” යී.
13. 8.
(මෙසේ) පතනුවනහුට වැලිත් තෘෂ්ණාජල්පිතයෝ වෙති. තවද තෘෂ්ණා දෘෂ්ටින් ප්‍රකල්පිත වූ වස්තූන් නිමිති කොට අතිශයින් සැලීම ද වෙයි. මෙලොව යම් ක්ෂීණාස්‍රවයක් හට ච්‍යුති - උත්පත්ති නැත් ද, හෙතෙම කිනම් රාගාදියකින් සැලෙන්නේ ද, කොහි ජල්පනය කරන්නේ ද.
පත්ථයමානස්ස හි ජප්පිතානි - ‘පත්‍ථනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද, එයයි. පත්ථයමානස්ස - පතනුවහුට කැමැති වන්නහුට ඉවසනුවහුට රිසිවන්නහුට අභිජල්පනය කරන්නහුට නුයි ‘පත්ථයමානස්ස හි’ යනු වේ. ජප්පිතානි - ‘ජප්පනා’ යී තෘෂ්ණාව කියනු ලබයි, යම් රාගයෙක් සංරාගයෙක් … අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් නුයි ‘පත්ථයමානස්ස හි ජප්පිතානි’ යනු වේ.
පවෙධිතං වාපි පකප්පිතෙසු - ‘පකප්පනා’ යනු: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනා දෙකෙකි … මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. පවෙධිතං වාපි පකප්පිතෙසු - ප්‍රකල්පිත වූ වස්තුව ‘අසිඳගනිති’ සැක ඇත්තාහු ද සැලෙති, අසිඳුනා කල්හි දු සැලෙති, අසිඳගත් කල්හි දු සැලෙත්, ප්‍රකල්පිත වූ වස්තුව ‘පරිවර්‍තන වෙතී’ සැක ඇත්තාහු ද සැලෙති, පෙරළෙන කල්හි දු සැලෙති, පෙරළුණු කල්හි දු සැලෙති, වෙවුලති, අතිශයින් වෙවුලත් නුයි ‘පවෙධිතං වාපි පකප්පිතෙසු’ යනු වේ.
චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි - ‘යස්ස’ යනු: අර්‍හත් ක්‍ෂීණාස්‍රව හට යමක් හට (මෙලොවින්) යෑම පෙරළා ඊම ගමනාගමනය මරණය ගතිය පුනපුනා භවය ච්‍යුතිය උත්පත්තිය නිපැත්ම බිඳීම ජාතිය හා ජරාමරණයත් නැත් ද නො වෙත් ද විද්‍යමාන නො වෙත් ද නො ලැබෙත් ද, ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු උපතට නුසුදුසු වූවාහු නුවණගින්නෙන් දවන ලද්දාහු නුයි ‘චුතූපපාතො ඉධ යස්ස නත්‍ථි’ යනු වේ.