13. 5.
ඉදින් ශීලව්‍රතයෙන් ගිලිහුණේ වේ නම්, හෙතෙම ශීලව්‍රතකර්‍මය වරදවා ගෙන කම්පා වෙයි. තවද හෙතෙම ගෙන් නික්මැගොස් නො රට වසන පුරුෂයෙක් සාර්‍තථයෙන් පසුවූයේ (ඒ ගෙය හෝ සාර්‍තථය හෝ පතන්නාක් මෙන්) ඒ ශීලව්‍රතශුද්ධිය ජල්පනය කෙරෙයි. පතන්නේත් වේ.
සචෙ චුතො සිලබ්බතතො හොති - දෙකරුණෙකින් ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි (-ගිලිහෙයි): මෙරමා විසින් වෙන් කිරීමෙන් හෝ ච්‍යුත වෙයි. නො පැමිණෙනුයේ හෝ ච්‍යුත වෙයි. කිසෙයින් පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ ද යත්: අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ තෙම අසර්‍වඥ යැ, ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි. ගණයා සුප්‍රතිපන්න නො වෙයි. දෘෂ්ටිය භද්‍ර නො වෙයි. ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි. මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වේ. මෙහි ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හෝ නැත. මෙහි (සත්ත්‍වයෝ) ශුද්ධ විශුද්ධ පරිශුද්ධ හෝ නො වෙති. මුක්ත විමුක්ත පරිමුක්ත හෝ නො වෙත්. හීනයෝ යැ නිහීනයෝ යැ අවමතයෝ යැ ලාමකයෝ යැ ඡත්තකයෝ යැ පරිත්තයෝ යැ’ යි මෙසේ අනෙකෙක් වියෝග කෙරෙයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු කෙරෙන් ච්‍යුත වෙයි. ධර්‍මාඛ්‍යානයෙන් ගිලිහෙයි. ගණයා කෙරෙන් ගිලිහෙයි. දෘෂ්ටියෙන් ගිලිහෙයි. පිළිවෙතින් ගිලිහෙයි. මාර්‍ගයෙන් ගිලිහෙයි. මෙසේ පරවිච්ඡින්දනායෙන් ච්‍යුත වේ. කෙසේ (ගුණයට) නො පැමිණෙනුයේ ච්‍යුත වේ ද යත්; ශීලය නො පුරනුයේ ශීලයෙන් ච්‍යුත වෙයි. ව්‍රතය නො පුරනුයේ ව්‍රතයෙන් ච්‍යුත වෙයි. ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතයෙන් ච්‍යුත වෙයි. මෙසේ අසම්පාදනය කරනුයේ ච්‍යුත වේ නුයි ‘සචෙ චුතො සිලබ්බතතො හොති’ යනු වේ.
ස වෙධති කමමං විරාධයිත්වා - ‘ස වෙධති’ යනු: ශීලය හෝ ව්‍රතය හෝ ශීලව්‍රතය හෝ මා විසින් වරදන ලද, මා විසින් අපරාධ කරන ලද, මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද. නො දැනීමෙන් මම පැරැදුණෙමී, වෙවුලයි වෙසෙසින් වෙවුලයි. හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති’ යනු වේ. කමමං විරාධයිත්වා - පුණ්‍යාභිසංස්කාරය හෝ අපුණ්‍යාභිසංස්කාරය හෝ ආනෙඤජාභි සංස්කාරය හෝ මා විසින් වරදනා ලද මා විසින් පරදනා ලද මා විසින් පිරිහෙළන ලද, මා විසින් ගලිත කරන ලද නොදැනීමෙන් මම පැරදුණෙමී’ වෙවුලයි හාත්පසින් වෙවුලානුයි ‘ස වෙධති කමමං විරාධයිත්වා’ යනු වේ.
ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං - ‘ස ජප්පති’ යනු: ශීලය හෝ ජල්පනය කෙරෙයි (ගුණ කියයි) ව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, ශීලව්‍රතය හෝ ජල්පනය කෙරෙයි, වෙසෙසින් ගුණ කියයි, හාත්පසින් ගුණ කියා නුයි ‘ස ජප්පති’ යනු වේ. පත්ථයතිච්ච සුද්ධිං - ශීලසුද්ධිය පතයි, ව්‍රතශුද්ධිය හෝ පතයි, සීලව්‍රතශුද්ධිය හෝ පතයි, කැමැති වෙයි, අභිජල්පනය කෙරේ නුයි ’ස ජප්පති පත්ථයතිච්ච සුද්ධිං’ යනු වේ.
සත්ථාවහිනො පවසං ඝරම්හා - යම් සේ පුරුෂයෙක් ගෙයින් නික්මෙනුයේ සාර්‍ත්‍ථ (- සමූහ) යක් සමග වසනුයේ සාර්‍තථයෙන් වෙන්වැගියේ ඒ සාර්‍තථය හෝ ලුහුබඳී ද, සිය ගෙට හෝ පෙරළා ඒ ද, එපරිද්දෙන් ඒ දෘෂ්ටිගතික තෙම ඒ ශාස්තෘහු හෝ ගනී, අනිත් ශාස්තෘවක්හු හෝ ගනී, ඒ ධර්‍මාඛ්‍යානය හෝ ගනී, අනිත් ධර්‍මාඛ්‍යානය හෝ ගනී, ඒ ගණයා හෝ ගනී, අනිත් ගණයක් හෝ ගනී, ඒ දෘෂ්ටිය හෝ ගනී, අන් දෘෂ්ටියක් හෝ ගනී, ඒ ප්‍රතිපදාව හෝ ගනී, අන් ප්‍රතිපදාවක් හෝ ගනී, ඒ මාර්‍ගය හෝ ගනී, අන් මාර්‍ගයක් හෝ ගනී, පරාමර්‍ශනය කෙරෙයි, අභිනිවේශය කෙරේ නුයි ‘සත්ථාවහීනො පවසං ඝරම්හා’ යනු වේ.