13. 4.
ශීලය මැ උතුමැයි හඟනාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් සංයම මාත්රයෙන් ශුද්ධිය කියති. (හස්තිව්රතාද) ව්රතය සමාදන්ව එළැඹසිටියාහු ‘මේ දෘෂ්ටියෙහි මැ හික්මෙනුවම්හ. එකල්හි මේ සත්ත්වයාගේ ශුද්ධිය වේ’ යයි භවයට පැමිණියාහු මැ කියති. (එහෙත් ඔහු) කුශලවාද ඇත්තාහු වෙත්.
සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං - ශීලය මැ උතුමැයි සිතන්නාවූ ඇතැම් මහණබමුණු කෙනෙක් වෙති. ඔවුහු ශීලමාත්රයෙන් සංයමමාත්රයෙන් සංවරමාත්රයෙන් අව්යතික්රමමාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත්. ශ්රමණමණ්ඩිකාපුත්ර තෙම මෙසේ කියයි: “ගෘහපතිය යම් කරුණු සතරෙකින් සමන්විත වූ පුද්ගලයා පිරිපුන් කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම වූ අර්හත්ත්වයට පැමිණි අයොධ්ය වූ (- වාදයෙන් නො පැරැදවිය හැකි) ශ්රමණයා යැ” යි දක්වමි. කවර සතරෙකිනැ යත්:
ගෘහපතිය, මෙහි (යමෙක්) කයින් පව්කම් නො කෙරේ ද, ලාමක වූ තෙපුල් නො බෙණේ ද, ලාමක වූ සංකල්පය නො සිතා ද, ලාමක ආජීවයෙන් ජීවත් නො වේ ද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත වූ පුද්ගලයා පරිපූර්ණ වූ කුසල් ඇති උත්තම වූ කුසල් ඇති උත්තම වූ අර්හත්ත්වයට පැමිණි අයොධ්ය වූ ශ්රමණයා’ යී කියමි.” මෙ පරිද්දෙන් ශීලය මැ උතුමැයි වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහුය; ඔවුහු ශීලමාත්රයෙන් සංයමමාත්රයෙන් සංවරමාත්රයෙන් අව්යතික්රමමාත්රයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත් නුයි ‘සිලුත්තමා සඤ්ඤමෙනාහු සුද්ධිං’ යනු වේ.
වතං සමාදාය උපට්ඨිතා යෙ - ‘වත’ නම්: හස්තිව්රතය හෝ අශ්වව්රතය හෝ ගෝව්රතය හෝ කුකකුරව්රතය හෝ කාකව්රතය හෝ වාසුදෙවව්රතය හෝ බලදෙවව්රතය හෝ පූර්ණභද්රව්රතය හෝ මණිභද්රව්රතය හෝ අග්නිව්රතය හෝ නාගව්රතය හෝ සුපර්ණව්රතය හෝ යක්ෂව්රතය හෝ අසුරව්රතය හෝ ගාන්ධර්වව්රතය හෝ මහාරාජව්රතය හෝ චන්ද්රව්රතය හෝ සූර්ය්යව්රතය හෝ ඉන්ද්රව්රතය හෝ බ්රහ්මව්රතය හෝ දෙවව්රතය හෝ දිශාව්රතය හෝ ගෙන සමාදන්ව ආදානය කොට සමාදානය කොට ග්රහණය කොට පරාමර්ෂණය කොට අභිනිවේශය කොට එළැඹ සිටියාහු ප්රත්යුපස්ථිත වූවාහු ඇලුණාහු පැමිණියාහු බැසගත්තාහු වැදගත්තාහු නුයි ‘වතං සමාදාය උපට්ඨිතා යෙ’ යනු වේ.
ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං - ‘ඉධ’ යනු: ස්වකීය දෘෂ්ටියෙහි ස්වකීය ක්ෂාන්තියෙහි ස්වකීය රුචියෙහි ස්වකීය ලබ්ධියෙහි; සික්ඛෙමෙ හික්මෙම්හ හැසිරෙම්හ මොනොවට හැසිරෙම්හ සමාදන්ව පවතුම්හයි ‘ඉධෙව සික්ඛෙමෙ’ යනු වේ. අථසස සුද්ධිං - එකල්හි ඔහුගේ ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය වේ නුයි ‘ඉධෙව සික්ඛෙමෙ අථස්ස සුද්ධිං’ යනු වේ.
භවූපනීතා කුසලාවදානා - ‘භවූපනීතා’ යනු: භවයට එළඹියාහු භවයට පැමිණියාහු භවයට පැසගත්තාහු භවයෙහි ඇලුණාහු නුයි ‘භවූපනීතා’ යනු වේ; කුසලාවදානා - ස්වකීය ලබ්ධියෙහි කුසලයම්හ යන වාද ඇත්තාහු පණඩිතවාද ඇත්තාහු සථිරවාද ඇත්තාහු න්යායවාද ඇත්තාහු හේතුවාද ඇත්තාහු ලක්ෂණවාද ඇත්තාහු කාරණවාද ඇත්තාහු ස්ථානවාද ඇත්තාහු නුයි ‘භවූපනීතා කුසලාවදානා’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සිලුත්තමා -පෙ- භවූපනීතා කුසලාවදානා” යී.
13. 5.
ඉදින් ශීලව්රතයෙන් ගිලිහුණේ වේ නම්, හෙතෙම ශීලව්රතකර්මය වරදවා ගෙන කම්පා වෙයි. තවද හෙතෙම ගෙන් නික්මැගොස් නො රට වසන පුරුෂයෙක් සාර්තථයෙන් පසුවූයේ (ඒ ගෙය හෝ සාර්තථය හෝ පතන්නාක් මෙන්) ඒ ශීලව්රතශුද්ධිය ජල්පනය කෙරෙයි. පතන්නේත් වේ.