13. 17.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො පැමිණෙයි. දෘෂ්ටියෙහි හැසිරෙනුයේ නො වයි. සමාපත්තිඥානාදියෙන් කළ තෘෂ්ණාබන්ධ ඇත්තේ නො ද වෙයි.. තවද හෙතෙම පුහුදුනුවන් කෙරෙන් උපන් දෙසැට දෘෂ්ටීන් දැන උපෙක්ෂා කෙරෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.
න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ’න’ යනු: ප්‍රතික්‍ෂේප යැ බ්‍රාහ්මණො - සප්ත ධර්‍ම කෙනකුන් බැහැර කළ බැවින් බ්‍රාහ්මණ යැ … හේ බ්‍රාහ්මණ යැයි කියනු ලැබේ. කප්පා යනු: තෘෂ්ණාකල්ප යැ දෘෂ්ටිකල්ප යැයි කල්ප දෙකෙකි … මේ දෘෂ්ටිකල්ප යයි. සඞ්ඛා යයි ඥානය කියනු ලැබෙයි යම් ප්‍රඥාවක් පජානනයෙක් … අමොහසඞ්ඛ්‍යාත ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එයයි න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං - ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ නුවණින් දැන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට ‘සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’ යි ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’ යි … යම් කිසිවෙක් සමුදයධර්‍ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි නුවණින් දැන තුලනය කොට තීරණය ‘කොට විභාවන කොට විභූත කොට තෘෂ්ණා කල්පයට හෝ දෘෂ්ටිකල්පයට හෝ නො එයි, නො පැමිණෙයි, නො එළැඹෙයි, නො ගනී, නො දැහැගනී, නො පිවිසියේ නුයි ‘න බ්‍රාහ්මණො කප්පමූපෙති සඞඛං’ යනු වේ.
න දිට්ඨිසාරී නපි ඤාණබන්ධු - ඔහු විසින් දෙසැට දිටුගතයෝ ප්‍රහීණ කරන ලද්දාහු ය, සිඳින ලද්දාහු ය, සංහිඳුවන ලද්දාහු ය, දුරලන ලද්දාහු ය, උපතට නො සුදුසු කරන ලද්දාහු ය, නුවණගින්නෙන් දවන ලද්දාහු ය; හෙතෙම දෘෂ්ටිය විසින් නො යවනු ලැබෙයි, නො නියනු ලැබෙයි, නො වහනු ලැබෙයි, නො හරිනු ලැබෙයි, ඒ දෘෂ්ටිගතය සාරහෙයින් නො ද දැහැගනී. නො පැමිණේ නුයි ’න දිට්ඨිසාරී’ යනු වේ. න පි ඤාණබන්ධු - අෂ්ටසමාපත්තිඥානයෙන් හෝ පඤාභිඥාඥානයෙන් හෝ මිථ්‍යාඥානයෙන් හෝ තෘෂණාබන්ධය හෝ දෘෂ්ටිබන්ධය හෝ නො කෙරෙයි, නො දනවයි, නූපදවයි, නො නිපදවයි, අතිශයින් නූපදවා නුයි ‘න දිට්ඨිසාරී න’ පි ඤාණබන්ධු’ යනු වේ.
ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා - ‘ඤත්‍වා’ යනු: දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට, සියලු සංස්කාරයෝ අනිත්‍යයෝ යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට, ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ යැ’යි …යම් කිසි සමුදයධර්‍මයෙක් වේ නම් ඒ සියල්ල නැසෙන සුලු යැ’යි දැන දැනගෙන තුලනය - තීරණය - විභාවනය කොට විභූත කොට නුයි ‘ඤත්‍වා ච සො’ යනු වේ; සම්මුතියො’ යි දෙසැටදිටුගතයෝ දෘෂ්ටිසම්මතීහු කියනු ලැබෙත්; පුථුජ්ජා යනු: ඒ සම්මතීහු බොහෝ වූ නානා ජනයන් විසින් උපදවන ලද්දාහු නුයි හෝ ‘පුථුජ්ජා’ නම් වෙත් නුයි ‘ඤත්‍වා ච සො සම්මුතියො පුථුජ්ජා’ යනු වේ.
උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ - අන්‍යයෝ තෘෂ්ණාවශයෙන් දෘෂ්ටිවශයෙන් ගනිති. දැහැගනිති, පිවිසෙත්; රහත් තෙම උපෙක්ෂා කෙරෙයි නො ගනී නො දැහැගනී නො පිවිසේ නුයි ‘උපෙක්ඛති උග්ගණ්හන්ති මඤ්ඤෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“න බ්‍රාහ්මණො -පෙ- උග්ගණ්හන්ති මඤ්ඤෙ” යී.