13. 16.
(යමෙක් දෘෂ්ටියෙහි) පිහිටා කියන්නේ වේ ද (හෙතෙම) නො මැ සුවසේ හික්මියැ හැකි වෙයි. සිතින් ගන්නා ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙනුයේ යම් ශාස්තෘ ආදියක් ඇසුරු කරනුයේ එහි ශුභවාද ඇතියේ ඒ ස්වකීය දෘෂ්ටියෙහි ශුද්ධිය කියන්නේ වේ ද, හෙතෙම ඒ දෘෂ්ටිය එසේ මැ දුටුයේ වේ.
නිවිස්සවාදී න හි සුබ්බිතායො - ‘ශාශ්වත යැ ලෝකය මේ මැ සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ; ‘අශාශ්වත යැ ලෝකය … ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නො මැ වෙයි නො වන්නේ නො වෙයි, මේ මැ ‘සැබව අන්‍යය මෝඝ යැ’ යි පිහිටා කියනුයේ ; න හි සුබ්බිනායො - පිහිටා කියන පුද්ගල තෙම හික්මවනු දුෂ්කර යැ විමසවනු දුෂ්කර යැ දක්වනු දුෂ්කර යැ පහදවනු දුෂ්කර වේ නුයි ‘නිවිස්සවාදී න හි සුබ්බිතායො’ යනු වේ.
පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො - කල්පිත වූ ප්‍රකල්පිත වූ අභිසංස්කෘත වූ මොනොවට පිහිටුවන ලද දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙයි, දෘෂ්ටිය ධ්වජ කොට ඇතියේ, දෘෂ්ටි කෙහෙලි කොට ඇතියේ දෘෂ්ටිය අධිපති කොට ඇතියේ දෘෂ්ටියෙන් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පකප්පිතං දිට්ඨි පුරෙක්ඛරානො’ යනු වේ.
යං නිස්සිතො තත්‍ථ සුභංවදානො - ‘යං නිස්සිතො’ යනු: යම් ශාස්තෘවක්හු ධර්‍මාඛ්‍යානයක් ගණයක් දෘෂ්ටියක් ප්‍රතිපත්තියක් මාර්‍ගයක් ඇසුරු කෙළේ ඇලුණේ එළැඹියේ පිවිසියේ බැසගත්තේ නුයි ‘යං නිස්සිතො’ යනු වේ: තත්‍ථ යනු: ස්වකීය දෘෂ්ටියෙහි සිය කැමැත්තෙහි සිය රුචියෙහි සිය ලබ්ධියෙහි; සුභංවදානො යනු: ස්වකීය ලබ්ධියෙහි ශුභවාද ඇතියේ ශොභනවාද - පණ්ඩිතවාද - ස්ථිරවාද - න්‍යායවාද - හේතුවාද - ලක්ෂණවාද - කාරණවාද - ස්ථානවාද ඇතියේ නුයි ‘යං නිස්සිතො තත්‍ථ සුභංවදානො’ යනු වේ.
සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො - ‘ශුද්ධිවාද ඇතියේ විශුද්ධිවාද - පරිශුද්ධිවාද - පණ්ඩරවාද - ප්‍රභාස්වරවාද ඇතියේ; නොහොත් ශුද්ධිය දක්නේ විශුද්ධිය දක්නේ පරිශුද්ධිය දක්නේ පණ්ඩරදර්‍ශන ඇතියේ ප්‍රභාස්වරදර්‍ශන ඇතියේ නුයි - ‘සුද්ධිංවදො’ යනු වේ; තත්‍ථ යනු: ස්වකීය ලබ්ධියෙහි සත්‍යය තත්ථ්‍යය භූත යැ තාථාවත් යැ අවිපරීත යැ’ යි දුටුයේ යැ දැක්කේ යැ දර්‍ශනය කෙළේ යැ ප්‍රතිවේධ කෙළේ නුයි ‘සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නිවිස්සවාදී -පෙ- සුද්ධිංවදො තත්‍ථ තථද්දසා සො” යී.
13. 17.
ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ නුවණින් දැන තෘෂ්ණාදෘෂ්ටිකල්පයට නො පැමිණෙයි. දෘෂ්ටියෙහි හැසිරෙනුයේ නො වයි. සමාපත්තිඥානාදියෙන් කළ තෘෂ්ණාබන්ධ ඇත්තේ නො ද වෙයි.. තවද හෙතෙම පුහුදුනුවන් කෙරෙන් උපන් දෙසැට දෘෂ්ටීන් දැන උපෙක්ෂා කෙරෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.