13. 14.
ඇතැම් මහණබමුණු කෙනෙක් තෙල එපරිද්දෙන් ම දනිමි දකිමි (කියන්නාහු) දෘෂ්ටියෙන් ශුද්ධිය හදහති. (යම්හෙයකින් ඔවුනතුරෙන් එකෙකු දු) ඉදින් දුටුයේ නමුදු තමාගේ ඒ දර්ශනයෙන් (දුඃඛපරිඥානාදි කුමක් සිදුකරන ලද ද, ඔහු (ආර්ය්යමාර්ගය) ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, නොහොත් (බුද්ධාදීහු) ඔවුන් ඉක්මවා අන් මඟෙකින් ශුද්ධිය කියත් ද, එහෙයිනි.
ජානාමි පස්සාමි තෙථෙව එතං - ‘ජානාමි’ යනු: පරචිත්තවිජානනඥානයෙන් දනිමි, පූර්වෙනිවාසානුසමෘතිඥානයෙන් හෝ දනිමි; ‘පස්සාමි’ යනු: මසැසින් හෝ දකිමි, දිවැසින් හෝ දකිමි; තථෙව එතං - තෙල සැබව විද්යමාන යැ යථාවත් යැ අවිපරීත නුයි ‘ජානාමි පස්සාමි තථෙව එතං’ යනු වේ.
දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං - ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ලෝකය ශාශ්වත යැ මේ මැ සැබව, අන්යය මෝඝ යැ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණ බමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහති; ‘ලෝකය අශාශ්වත යැ … තථාගතයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මේ මැ සැබව අන්යය මෝඝ ය’ යි දෘෂ්ටියෙන් ඇතැම් මහණබමුණු කෙනෙක් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය හදහත් නුයි ‘දිට්ඨියා එකෙ පච්චෙනති සුද්ධිං’ යනු වේ.
අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන - ‘අදක්ඛි’ යනු: පරසිත් දන්නා නුවණින් හෝ, පෙරවිසූ කඳපිළිවෙළ සිහි කරන නුවණින් හෝ, මසැසින් හෝ, දිවැසින් හෝ දුටුයේ නුයි ‘අදක්ඛි චෙ’ යනු වේ. කිං හි තුමස්ස තෙන - ඔහුගේ ඒ දැක්මෙන් කුමක් කරන ලද ද? දුඃඛපරිඥාවක් නැත, සමුදයප්රහාණයෙක් නැත, මාර්ගභාවනායෙක් නැත, ඵලය ප්රත්යක්ෂ කිරීමෙක් නැත, රාගයාගේ සමුච්ඡෙදප්රහාණයෙක් නැත, ද්වේෂයාගේ සමුච්ඡෙදප්රහාණයෙක් නැත, මෝහයාගේ සමුච්ඡෙදප්රහාණයෙක් නැත, ක්ලේශයන්ගේ සමුචෙඡදප්රහාණයෙක් නැත, සංසාරවෘත්තයාගේ සිඳීමෙක් නැත් නුයි ‘අදක්ඛි චෙ කිං හි තුමස්ස තෙන’ යනු වේ.
අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං - ඒ තීර්තථකයෝ ශුද්ධිමාර්ගය විශුද්ධිමාර්ගය පරිශුද්ධිමාර්ගය පණ්ඩරමාර්ගය ප්රභාවත් මාර්ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සීවටන් හැරපියා සම්යක්ප්රධානයන් - ඍද්ධිපාදයන් - ඉන්ද්රියයන් - බලයන් - බොධ්යඞගයන් - ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගය හැරපියා ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ. නොහොත් බුදුවරයෝ ද බුදුසව්වෝද පසේබුදුහු ද ඒ තීර්තථකයන්ගේ අශුද්ධිමාර්ගය අවිශුද්ධිමාර්ගය අපරිශුද්ධිමාර්ගය අපණ්ඩරමාර්ගය අප්රභාසවර මාර්ගය ඉක්මවා මොනවට ඉක්මවා වෙසෙසින් ඉක්මවා සතර සතිපට්ඨානයන් ගෙන් සතර සම්යක්ප්රධානයන්ගෙන් සතර ඍද්ධිපාදයන් ගෙන් පඤ්චෙන්ද්රීයයන් ගෙන් පඤ්චබලයන් ගෙන් සප්තබොධ්යඞගයන්ගෙන් ආර්ය්යඅෂ්ටාඞ්ගිකමාර්ගයෙන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය පවසති, කියති බෙණෙති දක්වති ව්යවහාර කෙරෙත් නුයි මෙසේත් ‘අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ජානාමි පස්සාමි -පෙ- අතිසිත්වා අඤ්ඤෙන වදන්ති සුද්ධිං” යී.
13. 15.
සත්ත්ව තෙමේ (පරචිත්තවිජානනඥානාදියෙන්) බලනුයේ නාමරූපය (නිත්යාදි විසින්) දක්නේ ය, දැක ඒ නාමරූපයන් ම (නිත්යාදි විසින්) දැනගන්නේය. ඒකාන්තයෙන් (හෙතෙම) බොහෝ කොට හෝ මඳ ව හෝ දක්නේ ය. බුද්ධාදි කුශලයෝ ඒ දර්ශනයෙන් සංසාර ශුද්ධිය නො මැ කියත්.