13. 12.
තවද (ඒ තීර්තථකයෝ ලබ්ධිමාර්ගයන්ට යම්සේ පසසත් නම් ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාවන් එසේ ම පවත්නේ ය. ඉදින් (ඔහු එහි ප්රමාණ වන්නාහු නම්) සියලු මැ වාදයෝ සත්ය වන්නාහුය. යම් හෙයකින් ඔවුන් ගේ ශුද්ධිය තමන් තමන් කෙරෙහි පිහිටියේ ද එහෙයිනි.
සධම්මපූජා ච පනා තථෙව - සද්ධම්මපූජා කවරී ද යත්: “මේ ශාස්තෘ තෙම සර්වඥ යැ” යි ස්වකීය ශාස්තෘහට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි; මෝ ‘සධම්මපූජා’ යැ. ස්වකීය ධර්මාඛ්යානයට - ස්වකීය ගණයාට - ස්වකීය දෘෂ්ටියට - ස්වකීය ප්රතිපත්තියට ‘මේ මාර්ගය නෛර්ය්යාණික යැ’ යි ස්වකීය මාර්ගයට සත්කාර කෙරෙයි ගරු කෙරෙයි බුහුමන් කෙරෙයි පූජා කෙරෙයි. මෝ සධම්මපූජා යි. සධම්ම පූජා ච පනා තථෙව - ස්වකීය ශාස්තෘ ආදීන්ට පූජාව අවිපරීත යැ නො සිස් යැ විද්යමාන යැ යාථාවත් යැ නො වෙනස් නුයි ‘සධම්මපූජා ච පනා තථෙව’ යනු වේ.
යථා පසංසන්ති සකායනානි - ධර්මය සිය මඟ යැ, දෘෂ්ටිය සිය මඟ යැ, ප්රතිපත්තිය සිය මඟ යැ, මාර්ගය සිය මඟයැ යි. ස්වකීය මාර්ගයන්ට පසසති තුති කෙරෙති ප්රකට කෙරෙති ගූණ කියත් නුයි ‘යථා පසංසන්ති සකායනානි’ යනු වේ.
සබ්බේව වාදා තථියා භවෙය්යුං - සියලු මැ වාදයෝ අවිපරීතයෝ තත්ථ්යයෝ විද්යාමානයෝ යාථාවත් වූවෝ නො වෙනස් වූවෝ වන්නාහු නුයි ‘සබ්බේව වාදා තථියා භවෙය්යුං’ යනු වේ.
සුද්ධී හි නෙසං පච්චත්තමෙව - ඒ මහණබමුණන් ශුද්ධිය විශුද්ධිය පරිශුද්ධිය මුක්තිය විමුක්තිය පරිමුක්තිය තමන් තමන් කෙරෙහි මැ වේ නුයි ‘සුද්ධී හි නෙසං පච්චත්තමෙව’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සධම්මපූජා ච -පෙ- සුද්ධී හි නෙසං පච්චත්තමෙව” යී.
13. 13.
බාහිතපාපී වූ බ්රාහ්මණහට මෙරමා විසින් එළැවිය යුතු ඥානයෙක් යම්හෙයකින් නැත් ද, දෙසැටදිටු දහම්හි (මෙය මැ සැබවැයි) නිශ්චය කොට දැඩි වැ ගන්නා ලද්දකුත් නැත් ද, එහෙයින් දෘෂ්ටිවිවාදයන් ඉක්මවූ හෙතෙම අන් දහමක් ශ්රේෂ්ඨ විසින් නො මැ දක්නේ යි.
න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථී - ’න’ යනු: ප්රතික්ෂේප යැ; ‘බ්රාහ්මණ නම් සත් ධර්ම කෙනකුන් බාහිත හෙයින් ‘බ්රාහ්මණ යැ, … හේ බ්රාහ්මණ යි. න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථී - බ්රාහ්මණහට මෙරමා විසින් එළැවියැ යුතු බවෙක් නැත; බ්රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවියැ යුතු බවෙක් නැත; බ්රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා විසින් හැදැහිය යුත්තේ නො වෙයි, පරප්රත්යය රහිත වූයේ වෙයි, මෙරමා පිළිබඳ වූ පැමිණීම් ඇත්තේ නො වෙයි; නො මුළා වූයේ සම්යක්ප්රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ දැනගනී දක්නේයි. ’සියලු සංස්කාරයෝ අනිත්යයෝ යැ’ යි බ්රාහ්මණහට මෙරමා විසින් එළවියැ යුතු බවෙක් නැත, බ්රාහ්මණ තෙමේ මෙරමා විසින් අවබෝධ කරවිය යුත්තේ නො වෙයි, මෙරමා බසින් හැදැහියැ යුත්තේ නො වෙයි, පරප්රත්යය වූයේ නො වෙයි, මෙරමා පිළිබඳ පැමිණීම් ඇත්තේ නො වෙයි, නො මුළා වූයේ සම්යක්ප්රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ) මැ දැනගනි, දක්නේ යි. ‘සියලු සංස්කාරයෝ දුඃඛයෝ ය’ යි … යම් කිසිවෙක් සමුදයධර්ම වේ නම් ඒ සියල්ල නැසෙන සුලු ය’ යි බ්රාහ්මණහට පරා විසින් එළවියැ යුත්තෙක් නැත, බ්රාහ්මණ තෙම පරනෙය්ය වූයේ නො වෙයි, පරා පිළිබඳ හැදහීම් ඇත්තේ නො වෙයි, පරප්රත්යය වූයේ නො වෙයි, පරා අයත් ගමන් ඇත්තේ නො වෙයි. අසම්මූඪ වූයේ සම්යක්ප්රඥා ඇත්තේ ස්මෘතිමත් වූයේ (තෙමේ ම) දැනගනී දක්නේ නුයි ‘න බ්රාහ්මණස්ස පරනෙය්යමත්ථී’ යනු වේ.