1. 4.
“යම් මිනිසෙක් හැල් ආදි කෙත් හෝ ගෙවතු ආදි වතු හෝ අමුරන් හෝ ගවයන් අසුන් හෝ දසුන් කම්කරු පුරුෂයන් හෝ නෑයන් හෝ අන් බොහෝ කාමයනු දු පුනපුනා ප්‍රාර්‍ත්‍ථනා කෙරේ නම්”
ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා - ‘ඛෙත්ත’ නම්: හැල්කෙත යැ, වීකෙත යැ, මුංකෙත යැ, මෑකෙත යැ, යවකෙත යැ, තිරිඟුකෙත යැ, තලකෙත යි.
වත්ථු නම්: ගෙවතු යැ, කොටුවතු යැ, ගේ පෙරටුයෙහි වතු යැ, අරම්වතු යැ, වෙහෙරවතු යි. හිරඤ්ඤ නම්: කහවුණු හිරණ්‍ය යැ යි කියනු ලැබේ නු යි (මෙසේ) “ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා” යනු වේ.
ගවාස්සං දාසපොරිසං - ‘ගවා’ යී ගවයෝ (=ගෙරිහු) කියනු ලැබෙත්. අස්සා යී එළු ආදි සිවුපාහු කියනු ලැබෙත්. දාසා යනු: දාසයෝ සතර දෙනෙකි: (ඇතුළුගෙයි දාසියගේ කුසෙහි උපන්) අන්තර්දාසයා යැ, ධනයෙන් විකොට ගත් දාසයා යැ, තෙමේ මැ හෝ දස්බවට පැමිණියේ යැ, කරමරානීත (=බැඳ ලා ගැනීමෙන්) නො කැමැත්තෙන් දාසබවට පැමිණියේ යි.
1. “ඇතැම් කෙනෙක් ඇතුළත්හි උපන් දාසයෝ වෙත් මැ ය. ධනයෙන් විකිණිගත් දාසයෝ ද වෙති. තව ද ඇතැම් කෙනෙක් තුමූ ම දාසබවට පැමිණෙති. බියෙන් මඩනා ලද්දාහු ද දාසයෝ වෙත්.”
පුරිසා යනු: පුරුෂයෝ තිදෙනෙකි: බැළයෝ යැ, කම්කරුවෝ යැ, ඇසුරු කොට ජීවත් වන්නාහු යැ යි “ගවාස්සං දාසපොරිසං” යනු වේ.
ථියො බන්ධූ පුථූ කාමෙ - ‘ථියො’ යී ස්ත්රීපරිග්රහය කියනු ලැබෙයි. බන්ධූ යනු: සතර බන්ධූ කෙනෙකි: මවුපිය දෙපස ඥාති වු බාන්ධවයෝ ද බන්ධූහු යැ. සමානගොත්ර ඇති බාන්ධවයෝ ද බන්ධූහු යැ. (එක් ඇදුරුකුලයෙහි උගත් මන්ත්‍ර ඇති) මන්ත්රබාන්ධවයෝ ද බන්ධූහු යැ. (එක් වැ උගත් ශිල්ප ඇති) ශිල්පබාන්ධවයෝ ද බන්ධූහු යි. පුථූ කාමෙ යනු: බොහෝ කාමයන්; මොහු යැ පුථුකාමයෝ: මන වඩන රූපයෝ යැ... මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යි යි “ථියො බන්ධූ පුථූ කාමෙ” යනු වේ.
යො නරෝ අනුගිජ්ඣති - ‘යො’ යනු: යමෙක් යම්බඳු වූයෙක්, (නවකම් ආදි) යමෙකින් යුක්ත වූයෙක්, යම්සේ සිටියෙක්, යම් ප්‍රකාර වූයෙක්, යම් තනතුරකට පැමිණියෙක්, යම් ධර්මයෙකින් යුක්ත වූයෙක්, ක්ෂත්රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යැ. නරෝ යනු: සත්ත්වයෙක්, නරයෙක්, මානවයෙක්, පුරුෂයෙක්, පුද්ගලයෙක්, ජීවයෙක්, ජාතියට පැමිණෙනුයෙක්, ජන්තුයෙක්, කර්මයෙන් යනුයෙක්, මනුජයෙක් යැ. අනුගිජ්ඣති - ක්ලේශකාමයෙන් වස්තුකාමයන්හි ගිජු වෙයි, පුනපුනා පතයි, හාත්පසින් ගිජු වේ නු යි “යො නරෝ අනුගිජ්ඣති” යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ඛෙත්තං වත්ථුං හිරඤ්ඤං වා -පෙ- යො නරෝ අනුගිජ්ඣති” යි.
1. 5.
“අබල වූ කෙලෙස්හු ඒ මිනිසා මැඩ ගනිති. යළි ප්‍රකට අප්‍රකට උපද්‍රවයෝ ඒ කාමගිද්ධයා මඩිති. එහෙයින් සිදුරු වූ නැවකට ජලය වදනා සෙයින් ජාත්‍යාදි දුක ඔහු අනුව යේ”