1. 3.
“යමෙක් වස්තුකාමක්ලේශකාමයන් (එහි ඡන්දරාගය විෂ්කම්භණයෙන් හෝ සමුච්ඡේදයෙන් හෝ) තමාගේ පයින් සර්පයකුගේ හිස මෙන් දුරු කෙරේ ද, ඒ මහණ ලොව්හි විසත්තිකා සඞ්ඛ්යාත වූ මේ තෘෂ්ණාව ස්මෘතිමත් වැ ඉක්මවයි.”
යො කාමෙ පරිවජ්ජේති - යො - යම් කිසි, යම් බඳු වූ, යමෙකින් යුක්ත වූ, යම්සේ සිටි, යම් ප්රකාර වූ, යම් තනතුරකට පැමිණි, යම් ධර්මයෙකින් යුක්ත වූ ක්ෂත්රියයෙක් හෝ බ්රාහ්මණයෙක් හෝ වෛශ්යයෙක් හෝ ශුද්රයෙක් හෝ ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ දෙවියෙක් හෝ මිනිසෙක් හෝ යි. කාමෙ පරිවජ්ජේති- කාමයෝ නම්: විස්තර විසින් කාමයෝ දෙදෙනෙක් වෙති: වස්තුකාමයෝ ද, ක්ලේශකාමයෝ දැ යි... මොහු වස්තු කාමයෝ යැ යි කියනු ලැබෙත්... මොහු ක්ලේශකාමයෝ යැ යි කියනු ලැබෙත්.
කාමෙ පරිවජ්ජේති - දෙකරුණෙකින් කාමයන් දුරු කෙරෙයි: විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ යැ. කෙසේ විෂ්කම්භණ විසින් කාමයන් පරිවර්ජන කෙරේ ද ? යත්: ‘අල්පාස්වාද වන බැවින් කාමයෝ ඇටසැකිල්ලක් වැන්නැ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; බහුසාධාරණ වන බැවින් ‘කාමයෝ මාංසපෙශි වැන්නහ’යි නුවණැසින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ‘දහනකෘත්යසම්පාදක වන (=හස්තාදිය දවන) බැවින් කාමයෝ තෘණොල්කා (=තණහුලක්) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘මහාපරිදාහකර වන බැවින් කාමයෝ අඞ්ගාරකර්ෂු (=අඟුරුවළ) වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි.
‘ඉත්වර වැ (=නො පැමිණ හෝ අල්ප වැ එළඹ) සිටි වන බැවින් කාමයෝ ස්වප්නයක් වැන්නහ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘තාවත්කාලික වන බැවින් කාම පිරුළුයෙන් අළ දැයක් වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සම්භඤ්ජනපරිභඤ්ජනකර වන බැවින් කාම වෘක්ෂඵල වැන්නැ’යි නුවණින් දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘අධිකුට්ටනාර්ථයෙන් (=සිඳුනා බැවින්) කාම අසිසූනා (කඩුව හා මස්ලොඹුව) වැන්නැ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘විනිවිදුනා බැවින් කාමයෝ සැත්හුලක් වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ‘සප්රතිභයාර්ත්ථයෙන් කාමයෝ සර්පශීර්ෂ වැන්නහ’යි දක්නේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ‘මහාහිතාපකර වන බැවින් කාමයෝ වහනිස්කන්ධ වැන්නහ’යි නුවණැසින් දක්නේ කාමයන් පරිවර්ජන කෙරේ.
බුද්ධානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. ධර්මානුස්මෘතිය වඩනුයේ ද... සඞ්ඝානුස්මෘතිය වඩනුයේ ද... ශීලානුස්මෘතිය වඩනුයේ ද... ත්යාගානුස්මෘතිය වඩනුයේ ද... දේවතානුස්මෘතිය වඩනුයේ ද... ආනාපානස්මෘතිය වඩනුයේ ද... මරණානුස්මෘතිය වඩනුයේ ද... කායගතානුස්මෘතිය වඩනුයේ ද... උපශමානුස්මෘතිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි; ප්රථමධ්යානය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් දුරු කෙරෙයි. ද්විතීයධ්යානය වඩනුයේ ද... තෘතීයධ්යානය වඩනුයේ ද... චතුර්ත්ථධ්යානය වඩනුයේ ද... ආකාසානඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... විඤ්ඤාණඤ්චායතනසමාපත්තිය වඩනුයේ ද... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිය වඩනුයේ ද විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරෙයි. මෙසේ විෂ්කම්භණ හෙයින් කාමයන් පරිවර්ජන කෙරේ.
කෙසේ සමුච්ඡේද විසින් කාමයන් පරිවර්ජන කෙරෙයි ? යත්: ස්රෝතාපත්තිමාර්ගය වඩනුයේ ද අපායගමනීය වූ කාමයන් සමුච්ඡේද හෙයින් පරිවර්ජන කෙරෙයි: සකෘදාගාමිමාර්ගය වඩනුයේ ද ඖදාරික වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි; අනාගාමීමාර්ගය වඩනුයේ ද අණුසහගත වූ කාමයන් සමුච්ඡේද හෙයින් දුරු කෙරෙයි, අර්හත්ත්වමාර්ගය වඩනුයේ ද සියල්ලෙන් සියල්ල සර්වප්රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමුච්ඡේදවශයෙන් කාමයන් පරිවර්ජන කෙරෙයි. මෙසෙයින් සමුච්ඡේද හෙයින් කාමයන් දුරු කෙරේ.
යො කාමෙ පරිවජ්ජේති සප්පස්සෙව පදා සිරො - ‘සප්ප’ යී නාගයා කියනු ලැබෙයි. කවර හෙයෙකින් සර්ප නම් වී ද ? යත්: සංසර්පණ කෙරෙමින් යේ නු යි සර්ප යැ, වක්රවක්ර වැ යේ නු යි භුජග යැ; උරයෙන් (ළෙන්) යේ නුයි උරග යැ; නැමූ ශීර්ෂ ඇති වැ යේ නු යි;= පන්නග යැ; සිරසින් හොවී නු යි සිරිංසප යැ; බිලයෙහි හොවී නු යි;= බිලාශය යැ; ගුහායෙහි හොවී නු යි; ගුහාශය යැ; දංෂ්ට්රා ඔහුට ආයුධ නු යි දංෂ්ට්රායුධ යැ; විෂ ඔහුගේ ඝෝර නු යි ඝොරවිෂ යැ; ජිහ්වා ඔහුගේ ද්විවිධ නු යි ද්විජිහ්ව යැ, දෙදිවින් රස විඳීනු යි ද්විරසඥ යැ. යම් සේ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුඃඛප්රතිකූල වූ පුරුෂයෙක් පයින් සර්පශීර්ෂය හරනේ ද, වෙසෙසින් හරනේ ද, හාත්පසින් හරනේ ද, දුරින් දුරු කෙරේ ද, එසෙයින් ම සුව කැමැති වූයේ දුඃඛප්රතිකූල වූයේ කාමයන් හරනේ යැ, වෙසෙසින් හරනේ යැ, හාත්පසින් හරනේ යැ, දුරින් දුරු කෙරේ නු යි සප්පස්සෙව පදා සිරො යනු වේ.