291. ශඨ (කෛරාටික) වූවහුට මේ ශඨබව මොනවට සිතන ලද, කූට (කපටි) වූවහුට පෙරළා කපටි බව මනාකොට අටවන ලද ඉදින් මීයෝ සීවැල් කෑවාහු නම් කුමක් හෙයින් උකුස්සෝ කුමරු නො ගෙන ගියාහු ද?
292. කූට (කපටි) වූවහුට කූටාතිකූටයෝ ඇත, නැවත වංචකයා හට වංචාවෙන් යුක්ත වූයෙක් වේ මැය, පුත්‍රයා නට තැනැත්ත, සීවැල් නට තැනැත්තවුට සීවැල් දෙව, සීවැල් නට තැනැත්තේ තාගේ පුතු නහමක් ගෙනයේවා.
8. කූටවාණිජ ජාතක යි.
293. මාගේ මසුරනැ මාගේ රත්රනැ යි ආර්‍ය්‍යයධර්‍මය නො දක්නා ප්‍රඥා රහිත මිනිසුන්ගේ රෑ දාවලැ පැවැති තෙල කථාව වෙයි.
294. ගෘහයෙහි ගැහැවියෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි එකෙක් දැළිරවුළු නැත්තේ යැ. එල්බෙන තන ඇත්තේ යැ, සකස් කළ කෙස්කලබ ඇත්තේ යැ, යළි විදුනා ලද කන් ඇත්තේ යැ, බොහෝ ධනයෙන් විකිණි ගන්නා ලද්දේ යැ, හේ ඒ (දස්කම්කරු ආදි) ජනයා මුව සැතින් විදුනේ යි.
9. ගරහිත ජාතක යි.
295. සුවසේ ජීවත් වූ ස්වභාව ඇතියෙහි රටින් නික්මැ නිර්ජල වනයට ආයෙහි ඒ තෝ එකලා වූයෙහි වනයෙහි ගස්මුලෙක කෘපණයක්හු සෙයින් (සිතිවිලි) සිතහි. ඒ කුමක් හෙයිනැයි?)
296. ඒ මම් සුවසේ ජීවත් වූ පියවි ඇතියෙමි, සිය රටින් නික්මැ නිරුදක වනයට ආයෙම් එකලා වැ බැගෑපත් වූවකු සෙයින් බුද්ධාදි සත්පුරුෂයන්ගේ (අටලෝ) දහම් සිහි කෙරෙමින් ධ්‍යාන කෙරෙමි යි.
10. ධම්මද්ධජ ජාතක යි.
සත්වැනි බීරණත්‍ථම්භකවර්‍ග යි.
එහි උද්දානය:
බීරණත්‍ථම්භයෙහි සිට පුහුණු කළ සෝමදත්ත ජාතක යැ, නළුවකු ඇති උච්ඡිට්ඨහත්ත ජාතක යැ, භරු ජාතකයැ, පුණ්ණනදි ජාතක යැ, (බහුභාණී) කච්ඡප ජාතක යැ, ගිනි සඳහන් කළ මච්ඡ ජාතක යැ, (පවනෙ) සෙග්ගු ජාතක යැ, සීවැල් මීයන් කෑ කූටවාණිජ ජාතක යැ, ලම්බත්‍ථන පැවැසු ගරහිත ජාතක ය සමඟ (කපණෙන) ධම්මද්ධජ ජාතකයෙන් දසය වේ.