211. අසත්පුරුෂයෝ (හැම දෙනා විසින් මැ නො කළ හැකි හෙයින්) දුද්දද නම් වූ දන් දෙන්නවුන් ද දුෂ්කර ක්රියා කරන්නවුන් ද අනුකරණ නො කෙරෙති. (එසේ මැ) සත්පුරුෂයන්ගේ ස්වභාව සඞ්ඛ්යාත දානය (මෙ බඳු ඵලවිපාක ඇතැයි) නො දත හැකි වෙති.
212. එහෙයින් සත්පුරුෂයන්ගේ ද අසත්පුරුෂයන්ගේ ද මෙයින් මතු භවයෙහි ප්රතිසන්ධිය වෙනස් වෙයි. අසත්පුරුෂයෝ නිරයට යෙති. සත්පුරුෂයෝ සවර්ගපරායණ වෙත්.
10. දුද්දද ජාතක යි.
තෙවන කල්යාණ වර්ග යි.
එහි උද්දානය:
සුසමඤ්ඤ කල්යාණධම්ම ජාතක යැ (මිගාධිභූ) දද්දර ජාතක යැ, (මාධවක) මක්කට ජාතක යැ, (වාරි පහූත) දුතිය මක්කට ජාතක යැ, ආදිච්චුපට්ඨාන ජාතක යැ, කළායමුට්ඨි තින්දුක ජාතක සහිත වූ (පඞ්ක) කච්ඡප ජාතක යැ, සතධම්ම ජාතකය හා දුද්දද ජාතකයෙන් දසය වේ.
4. අසදිස වර්ගය
213. මහත් වූ බල ඇති සර (ඊතල) දුරට විදිනා වූ ඉලක්ක නො වරදවා විදින මහාකායයන් පළන්නා වූ අසදෘශ නමැති රාජ පුත්ර ධනුර්ධර තෙමේ;
214. සියලු සතුරන් යුද කොට පලවා හැරැ කිසිවක්හු නො පෙළී ය. මලණුවන් සුවපත් කොට ශීලසංයමයට හෙවත් පැවිද්දට පැමිණියේ යි.
1. අසදිස ජාතක යි.
215. යුද මැඩ හැසිරෙන ශූර වූ එඩි ඇති බලවතැ යි කියා ප්රසිද්ධයෙහි ය. හස්තිය, වාසල් දොරටුවට පැමිණ කවර හෙයින් පසුබසිහි ද?
216. යතුරු අගුල වහා මඩිනු, එසිකාස්තම්භයන් ද (අගුලුකණුව) වහා උදුරව. හස්තිරජාය, වාසල් දොරටුව මැඩැ වහා (නුවරට) පිවිසෙව.
2. සඞ්ගාමාවචර ජාතක යි.
217. (නියඳ කඩින් පෙරූ) අල්ප වූ හීන වූ රස ඇති ජලය බී කොටළුවනට මද හටගනී. ප්රණීත වූ මේ රසය බී සෛන්ධවයනට මද නො හටගනී. (මීට කාරණා කිම් දැ යි විචාළේ ය.)
218. ජනෙන්ද්රය, හීනජාති ඇති ඒ හීනභාවයෙන් පහස ලැබූ හෙතෙමේ රසමඳ ජලය බී මත් වෙයි. ධුරවහනසුලු උසස් කුලයෙහි උපන් (හෙයින්) සෛන්ධවයා අග්ර වූ මිදිරස බී ද මත් නො වේ.
3. වාලෝදක ජාතක යි.
219. සාම රජුගේ පණ්ඩව නම් අශ්වයා ගිරිදත්ත නම් කොර අස්පලුවා විසින් දූෂණය කැරිණ. පුරාණ (නො කොර) ස්වභාවය හැරැ අස්පලුගේ කොරය අනු වැ හික්මේ.
220. ඉදින් ඕහට අනුරූප වැ උපන් සොඳුරු බැවින් කල්පිත වූ (සැදුම් ලත්) පුරුෂයෙක් මුවලනුව ගෙනැ අසු අශ්වමණ්ඩලයෙහි ඇවිද්ද වී නම් කොරබව හැරැ වහා මැ අශ්වයාගේ උතුම් ස්වභාවය අනු වැ හික්මේ.
4. ගිරිදත්ත ජාතක යි.