342. තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්යයා) මා රඟමඬලට (වාද පිණිස) කැඳවයි. ශක්රය මට පිහිට වන්න.
343. මිතුර, මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්යයා නො දිනන්නේ ය. ඇදුරු තෙම (සිසුහු) දිනන්නේ ය.
3. ගුත්තිල ජාතක යි.
344. යමක් දකී ද එය නො කැමැති ය. යමක් නො දකී ද එය කැමැති ය. (ජලයෙන් විනිර්මුක්ත වූ ගඞ්ගාවක් සොයමින් බොහෝ කල් ඇවිදින්නේය යි සිතමි. යමක් හේ කැමැති ද එය නො ලබන්නේ ය.
345. යමක් ලබා ද ඉන් තුටු නොවේ, යමක් පතා ද ලද දෙය පිළිකුල් කරයි. ආසාව අනන්ත අරමුණු ඇත්තේ ය. පහ කළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.
4. වීතිච්ඡ ජාතක යි.
346. කාලය තමා හා සමග හැම සතුන් මැ කයි. කාලය කෑ යම් සත්ත්වයෙක් ඇද්ද. ඒ සත්ත්වයා භුතපවනි සඞ්ඛ්යාත තෘෂ්ණාව දැවී.
347. බොහෝ ලෝම ඇති මහත් වූ ගෙල හා බැඳි නර ශීර්ෂයෝ බොහෝ වෙති. මොවුනතුරෙහි කිසිවෙක් මැ කන් (ප්රඥාවත් නැණවත්හු) ඇත්තේ යි.
5. මූලපරියාය ජාතක යි.
348. දුශ්ශීලයා පහර දී, ක්ලාන්තකරවා මරා දන් දේ ද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයා ද පාපයෙන් තැවරේ.
349. ඉදින් දුශ්ශීල තෙම අඹුදරුවනුදු මරා දන් දේ ද, එය වළඳන ප්රඥාවන්තයා පාපයෙන් නො තැවැරේ.
6. තේලෝවාද ජාතක යි.
350. පාදඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් ම අප හැමට වඩා ප්රඥාවෙන් ඉතා බබළයි. එය එසේ මැ යැ. තොල් බිඳියි, මතුයෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.
351. මෙතෙම (පාදඤ්ජලී කුමාරයා) දහම ද නො දහම ද දියුණුව ද පිරිහීම ද නො දනී. තොල් බිඳුම විනා අන් කිසිවක් නො දනී.
7. පාදඤ්ජලී ජාතක යි.
352. හැමදෙනා විසින් කෑලගස දක්නා ලද. මේ කරුණෙහි කුමට සැක කරවු ද? සියලු තන්හි (කෑලගස පෙන්නූ අවස්ථාවන්හි) රියැදුරා නො විචාරන ලදි.