2155-2156. පින් කැමැති සුයිට්ඨිල රජ තෙම විධුර පඬිතුමාට මෙසේ කීය. විධුර පඬිතුමාණෙනි, යමෙක් මගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණේවේ ද, සිල්වත් බහුශ්රුත බ්රාහ්මණයන් සොයව. යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එලෙස) මිතුර දක්ෂිණාව දෙමු.
2157. දේවයන් වහන්ස, යම් කෙනෙක් ඔබේ බොජුන් බුදිත් ද එසේ වූ සිල්වත් බහුශ්රුත මෙවුන්දම් සෙවුමෙන් වැළැකුණ බමුණෝ දුබල වෙත්.
2158. මහරජ, යම් බමුණුකුල දහයක් වේ ද ඔවුන්ගේ විභාගය මා විසින් සොයන ලදී. එය විස්තර වශයෙන් අසනු මැනැවි.
2159. ඇතැම් බමුණෝ අවුරන ලද මුදල් පිරැ වූ පසුම්බ් ගෙන බෙහෙත් ද්රව්ය ඔතා දෙති. නාවති, මතුරු ජප කිරීම ද කරති.
2160. මහරජ, වෙදුන් හා සමාන වුව ද ඔවුහු බමුණෝ යයි කියනු ලබත්. මහරජ, ඔවුහු වෙද බමුණෝ වෙති යි කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2161. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්ය රජ තෙම කීය. ඔව්හු බමුණෝ යයි කියනු නො ලැබෙති. මිත්රය, සිල්වත් බහුශ්රුත වූ වෙනත් බමුණන් සොයව.
2162. යමෙක් මාගේ බොදුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු ද යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල වේ ද (එ ලෙස) මිතුර දක්ෂිණාව දෙමු.
2163. ඔවුහු රජු සහ ඇමැති ආදීන් ඉදිරියේ කුළුතාලම් වයති. පණිවිඩ ගෙන යත්. රථ ශිල්ප ආදියෙහි පුහුණු කරවත්.
2164. රජතුමනි, සේවකයන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු සේවක බමුණෝ වෙති. එබඳු බමුණන් වෙත ආරාධනා පිණිස යමු ද?
2165. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්රුත වෙනත් බමුණන් සොයව.
2166. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළකුණු (එබඳු බමුණන් සොයව) යම් තැනෙකැ (යම් පුද්ගලයෙකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්ෂිණාව දෙමු.
2167. මහරජ ඇතැම් බමුණෝ කෙණ්ඩියක් හා වක්දණ්ඩක් ගෙන ගම් නියම්ගම්හි ද රජුන් වෙත ද එළඹෙත්. (යැදි දෙය) නුදුන් කලැ, ගමෙහි වුව ද වෙනෙහි වුව ද නො නැගිටිමු යයි ඉඳ ගනිති.
2168. මහරජ, (තමාට) නිගා කර ගන්නා ඔවුහු ද බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු ද මා විසින් කියන ලද ය. එබඳු බමුණන් වෙත එළඹ ආරාධනා කරමු ද.
2169. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්ය රජ තෙම කීය. ඔවුහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්රුත වෙනත් බමුණන් සොයව.
2170. යමෙක් මාගේ බොජුන් බුදිත් ද මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙකැ (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (ඵ ලෙස) මිතුර දක්ෂිණාව දෙමු.
2171. බෙහෙවින් වැඩි ගිය කිසිලි ලෝම සහ නිය ඇති මැලියම් සහිත දත් ඇති දූවිල්ලෙන් ගැවැසි හිස් ඇති දූලි සහිත ඒ බමුණෝ යදිමින් හැසිරෙති.
2172. මහරජ අපවිත්ර සිරුරු ඇති හෙයින් දාගිය කණු සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු යාචක බ්රාහ්මණ යයි කියති. එ බඳු ඔවුන් වෙත ඵළඹ අරාධනා කරමු ද?
2173. ඔවුහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්ය රජ කීය. ඔහු බමුණෝ යයි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්රුත වෙනත් බමුණන් සොයව.
2174. යමෙක් මාගේ බොජුන් බුදිත් ද, මෙවුන්දම් සෙවීමෙන් වැළැකුණු (එබඳු බමුණන් සොයව.) යම් තැනෙක (යම් පුද්ගලයකුට) දුන් දෙය මහත් පල දේ ද (එ ලෙස) මිතුර දක්ෂිණාව දෙමු.
2175. (මහරජ) යමෙක් අරළු නෙල්ලි අඹ දඹ බුළු දෙල් දැහැටි බෙලි හා ඩෙබර ද,
2176. කිරිපලු ද උක් හා එම පැණි ද දුම්කෝව ද මී හා අඳුන් ද යන ලොකු කුඩා වෙළෙඳ බඩු විකුණත් ද.
2177. මහරජ, වෙළෙඳුන් සමාන ඔවුහු බමුණෝ යයි කියනු ලැබෙති. මහරජ, ඔවුහු වෙළඳ බමුණෝ යයි කියන ලදු. එබඳු ඔවුන් වෙත එළඹ ආරාධනා කරමු ද?
2178. ඔහු බමුණු බැවින් ඉවත් වූහ යි කෝරව්ය රජ කීය. ඔවුහු බමුණෝය යි කියනු නො ලැබෙති. විධුර පඬිතුමනි, සිල්වත් බහුශ්රුත වෙනත් බමුණන් සොයව.