1898. ගම්වර හා සැරසුණ ස්ත්රීන් කාහට දෙම් ද? කවරෙක් මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියන්නේ ද?
1899. ගම්වර ද සැරසුණු ස්ත්රීන් ද මට දෙව. මම තොපට මුවන්ගෙන් උතුම් වූ රන්වන් මුවා (ගැන) කියමි.
1900. මේ වන ළැහැබෙහි පිපුණ අඹගස් ද සල් ගස් ද ඇත. රතිඳුගොව් පැහැය ඇති තෘණ ගැවසුණ මේ බිමෙහි ඒ රන්වන් මුවා සිටී.
1901. රජතෙම දුනුදිය නගා දුන්න සරහා ගෙන පැමිණි යේය. මුවා ද එලෙස එන රජු දැකැ දුර සිට මෙලෙස කීය.
1902. රජතුමනි, බලාපොරොත්තු වනු මැනවි. මා නො විදින්නේ මැනැවි. ඒ රන්වන් මුවා මෙහි සිටිය යි තොපට කවරෙක් කීයේ?
1903. මිත්රය, ලාමක ගති ඇති ඒ පුරුෂයා ඈත සිටියි. ඒ රන්වන් මුවා මෙහි සිටී යන පුවත හේ මට කීය.
1904. මේ ලෝකයේ ඇතැම් මනුෂ්යයෝ “දියෙහි පා වී යන වියළි දඬුකඩ ගොඩ ලීම මැනැවි. (එහෙත්) ඇතැමකු ගොඩ ගැනීම නො මනාය යි සත්යයක් ම බිණූහු.”
1905. රූරු මෘගය, කිමෙක් ද, තෙපි මෘගයන්ට නින්දා කරන්නහු ද, පක්ෂීන්ට නින්දා කරන්නහු ද, මනුෂ්යයනට නින්දා කරන්නහු ද? මිනිස් බසින් බෙණෙන ඒ බස් අසා මට මහත් බියක් උපදී,
1906. වේගයෙන් ගලන මහ දිය කඳෙහි පා වී යන යමකු ගොඩට නගාලීම් ද ඒ හේතුවෙන් මට බිය පැමිණියේ ය. රජතුමනි, අසත්පුරුෂයන් හා එක්වීම ඒකාන්තයෙන් දුකෙකි.
1907. ඒ මම පියාපත් සතරක් තිබෙන, අහසින් යා හැකි, සිරුර සිඳ ලන, මේ හීය ඔහුගේ හදවතට යවන්නෙමි. යමෙක් කළ උපකාර නො දනී ද එ බඳු මිත්රද්රෝහියා නසමි.
1908. ජනපතිතුමනි, පණ්ඩිතයාගේ ද මෝඩයාගේ ද විනාශය සත්පුරුෂයෝ ඒකාන්තයෙන් ප්රශංසා නො කෙරෙති. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. යමක් මොහුට දෙමි යි කීයේ ද එයත් ඔහුට දෙන්නේ මැනැවි. මම ද තොප කැමැති පරිදි කරන්නෙක් වෙමි.
1909. ද්රෝහි මිනිසාට යමෙක් ද්රෝහ නො කෙළේ ද මේ රූරු මෘගයා ඒකාන්තයෙන් සත්පුරුෂයන්ගෙන් කෙනෙකි. පාප පැවැතුම් ඇති (හේ) කැමැති පරිදි ගෙදර යේවා. ‘යමක් මොහුට දෙමි’ යි කීයෙම් ද එයත් මොහුට දෙමි. මම ද තොපට කැමැති පරිදි වාසය කරන්නට වර දෙමි.
1910. රජතුමනි, සිවලුන්ගේත් පක්ෂීන්ගේත් නාදය පහසුවෙන් තේරුම් ගත හැකිය. මනුෂ්යයන්ගේ නාදය තේරුම් ගැනීම ඊට වඩා අපහසු ය.
1911. ඉදින් පුරුෂයෙක් (මේ) නෑයෙක, මිතුරෙක, යහළුවෙක කියා දනී ද, හේ පළමු සතුටු සිතැති වැ පසු වැ සතුරු වන්නේ ය.
1912. රැස් වූ දනවු වැසියෝ ද නියම්ගම් වැසියෝ ද “රජතුමනි, මුවෝ ධාන්ය කන්නාහ. රජතුමා, එය වළකන සේක්වා” යී කීහ.
1913. ජනපදය ඒකාන්තයෙන් වැනසේවා. රට ද වැනසේවා. රූරු මුවාට අභය දානය දී (යළිත්) මම ද්රෝහ නො කරන්නෙමි.
1914. මගේ ජනපදය වැනැසේවා. රට ද වැනැසේවා. මම මුවරජහට වර දී බොරු නො කියමි.
9. රූරු මෘග ජාතක යි.
1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1917. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.