1915. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේය, මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1916. නැණවත් පුරුෂයා බලාපොරොත්තු (ඇත්තෙක්) වන්නේ ම ය. නො කලකිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1917. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. මම යම් සේ කැමැති වීම් ද එසේ සිදු විය. මම තමා දකිමි.
1918. නැණවත් පුරුෂයා වෑයම් කරන්නේ ම ය. නො කල කිරෙන්නේ ය. දියෙන් ගොඩට පැමිණි මම තමා දකිමි.
1919. දුකට පැමිණියේ නමුදු නැණවත් පුරුෂයා සැපතට පැමිණීමේ රිස්ස නො සිඳින්නේ ය. නො සිතූ හිතාහිත ස්පර්ශයෝ සත්ත්වයා වෙත පැමිණෙති.
1920. නො සිතූ දැය සිදු වෙයි. සිතූ දැය නො සිදු වෙයි. ස්ත්රියකට හෝ පුරුෂයකුට සිතූ ලෙස වස්තුව නො ලැබේ.
1921. පෙරැ ඔබ යම් ගිරි දුර්ගයෙක සරභ මුවකු ලුහුබැඳ ගියෝ ද, කරුණා සිතැති උගේ වෑයම නිසා තෙපි ජීවත් වව.
1922. යම් සරභ මුවෙක් ගලෙන් උපක්රම යොදා, ගොඩ පැමිණිය නො හැකි නරාවළින් තොප ගොඩ ගත්තේ ද දුකට පත් වැ සිටි තොප මරු මුවෙන් මිදී ද, ධෛර්ය්යය සම්පන්න සිතැති ඒ මුවාගේ ගුණ කීහු ය.
1923. බමුණ, තෙපි එදා එහි සිටියහු ද? නැතහොත් කිසිවෙක් එය තොපට කීවේ ද? (නැතහොත්) දුරු කළ කෙලෙස් ඇති සර්වඥ වූහු ද? තොපගේ නුවණ බලවත් පැවැතුම් ඇත්තේ ය.
1924. ජනපති තුමනි, මම එදා එහි නො වීමි. කිසිවෙකුත් මට එය නො කීය. (එහෙත්) මනා කොට කී ගාථා පදයන්ගේ අර්ත්ථය නුවණැත්තෝ සොයති.
1925. අන්යයන්ගේ වෑයම නසන ඊතලය දුන්නෙහි බහාගෙන ඔබ සැක කරන්නේ කිම? ඊය විද වහා සරභයා නසත්වා. එය උතුම් පැණැති රජුගේ ආහාර යි.
1926. බමුණ, මුවා ක්ෂත්රියයාගේ ආහාර යි. එය මම ද ඒකාන්තයෙන් දනිමි. පෙරැ කළගුණය පුදන්නෙම්, මම සරඟමුවා නො මරමි.