1722. මම නො මැ මිලයට ගනිමි. නො ද විකුණමි. මා විසින් රැස් කළ ධනයෙක් ද නො ද ඇත. මේ අල්ප ආහාරය ද දුකසේ ලබන ලද මැ යැ. මේ පතක් පමණ වූ බත දෙදෙනකුන්ට පමණ නො වෙයි.
1723. අල්පමාත්ර දැයින් අල්පමාත්රයක් දෙන්නේ යැ. අණුමාත්ර අර්ධයෙන් අඩක් දෙන්නේ යැ. බොහෝ දැයින් බොහෝ දැයක් දෙන්නේ යැ. නො දෙනු නො වටනේ යි.
1724. කෝසිය සිටාණෙනි, එකරුණෙන් තොපට කියමි; දන් දෙව, වළඳ ද කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1725. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් බුදී නම් ඔහුගේ හෝම සිස් වෙයි. ධනෝපායන වීර්ය්ය ද සිස් වෙයි.
1726. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි. දන් දෙව, වළඳ ද කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1727. යමෙක් ආගන්තුකයකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහුගේ දානය සත්ය වෙයි. ධනෝපායන වීර්ය්ය ද සත්ය වෙයි.
1728. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව. තෙමේ ද වළඳ කරව. ආර්ය්යමාර්ගයට නැඟෙව. එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1729. යම් පුරුෂයෙක් (ලවණසමුද්ර පුෂ්කරණී ආදි) ජලාශයක් කරා එළැඹැ බලිකර්ම කෙරේ ද, බාහුකා නදී යැ ගයාපුෂ්කරණී යැ ද්රෝණ තීර්ත්ථ යැ තිම්බරු තීර්ත්ථ යැ මහත් වූ ජලප්රවාහ ඇති ශීඝ්රශ්රෝතස් යැ යන මෙහි බලිකර්ම කෙරේ ද.
1730. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ බොජුන් නො බුදී නම් ඔහු විසින් තෙල තන්හි දු බලිකර්ම කරනලද වෙයි. තෙල තන්හි දු ධනෝපායන වීර්ය්ය කරනලද වෙයි.
1731. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේත් වළඳ කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකල වැ වළඳනුයේ සුව නො ලබා.
1732. යමෙක් අමුත්තකු හුන් කල්හි එකලා වැ අහර වළඳ කෙරේ ද, හේ දීර්ඝසූත්රයක් ඇති බන්ධන සහිත වූ බිලියක් ගිලියි.
1733. කෝසිය සිටාණෙනි, එයින් තොපට කියමි: දන් දෙව, තෙමේ ද වළඳ කරව, ආර්ය්යමාර්ගයට නැඟෙව, එකලා වැ වළඳනුයේ සුව නො ලබා.
1734. මේ බ්රාහ්මණයෝ උදාරවර්ණ ඇතියාහු මැ යැ. තොපගේ මේ සුනඛ තෙම කවර හෙයින් හීන ප්රණීත පැහැසටහන් විකුර්වණ (නිර්මාණ) කෙරේ ද? බ්රාහ්මණයෙනි, අපට කියව, තෙපි කවරහු ද?