19. ධර්‍මස්ථ වර්‍ගය
1.(256) යම් කරුණෙකින් විනිශ්චය කටයුතු වූ අර්‍ත්‍ථය (විනිශ්චය කොට දත යුතු ජයපරාජය) (ඡන්‍දාගති ආදියෙහි පිහිටා) සාහසනයෙන් (බොරු කීමෙන්) දිනුම පරැදුමටට පමුණුවා ද, එයින් විනිශ්චය ධර්‍මයෙහි පිහිටියේ නම් නො වෙයි. නුවණැති යමෙක් විනිශ්චය කටයුතු වූ භූත වූ කාරණය ද අභූත වූ කාරණය ද යන දෙක විනිශ්චය කෙරේ ද (නියම කොට කියා ද),
2.(257) අසාහයෙන් (නිබොරු තෙපුලෙන්), විනිශ්චය ධර්‍මයෙන්, අනුන් ජයපරාජයට පමුණුවා ද, විනිශ්චය ධර්‍මය විසින් රක්නා ලද නුවණැති පුරුෂ තෙම ධර්‍මස්ථ යැ යි (විනිශ්චය ධර්‍මයෙහි පිහිටියේ යැ යි) කියනු ලැබේ.
3.(258) යම් පමණ කාරණයෙකින් සඟ මැද ආදියෙහි (අත්තුක්කංසන පරවම්භන වශයෙන්) බොහෝ කොට බෙණේ ද, එපමණ කාරණයෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි තෙමේ ක්‍ෂේමී වේ ද, (පංචදුශ්චරිත වෛරයන් නැති හෙයින්) වෛර නැත්තේ ද, (පංච වෛරයන් කෙරෙන්) භය නැත්තේ ද (නොහොත් අනුන් නො බවා ද) හෙතෙම පණ්ඩිත යැ කියනු ලැබේ.
4.(259) (බණ හැදෑරීම් ආදී) යම් පමණ කාරණයෙකින් බොහෝ කොට බෙණේ ද, එ පමණෙකින් ධර්‍මධර නම් නො වෙයි. යමෙක් වනාහි මඳ දැයකුදු අසා (ධර්‍මය දැන, අර්‍ත්‍ථය දැන, ධර්‍මානුධර්‍මයට පැමිණ) නාම කයින් (දුක් ආදීන් පිරිසිඳ දත්තේ) සිවු සස්දහම් දක්නේ ද, යමෙක් වඩන ලද වැර ඇති ව (අද අද ම රහත්පල ගණිමි යි) ප්‍රතිවේධය කැමැති වෙමින් වෙසේ ද, ඒ මහණ තෙම ඒකාන්තයෙන් ධර්‍මධර නම් වෙයි.
5.(260) යම් වයෝවෘද්ධ කාරණයෙකින් ඔහුගේ හිස පලිත වේ ද (හිස නර ව යේ ද) (ඒ නර නැගි) කරුණින් හේ ස්ථවිර නම් නො වෙයි. ඔහුගේ වයස මුහුකළ බවට පැමිණියේ වෙයි. හේ (ඇතුළත ශීලාදී ස්ථවිර කරණ ධර්‍ම නැති හෙයින්) තුච්ඡ ජීර්‍ණ යැ යි කියනු ලැබේ.
6.(261) යම් පුඟුලක්හු කෙරෙහි වනාහි (සොළොස් අයුරින් පිළිවිදුනා ලද) සත්‍යය ද (ප්‍රඥායෙන් පිළිවිදුනා ලද) නව ලොවුතුරා දහම් ද, අහිංසාව ද (හෙවත් මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂා ද), කායවාක් සංයමය ද (හෙවත් පාතිමොක්ඛ සීලය ද) යන මේ ගුණ ඇද්ද, (රහත් මං නැණින්) වැමෑරු රාගාදී මල ඇති, ධෘතිසම්පන්න වූ ඒ මහණ තෙම (සස්නෙහි ස්ථවිර භාවය කරණ මේ ගුණවලින් යුක්ත බැවින්) ස්ථවිර යැ යි කියනු ලැබේ.
7.(262) (ඡින්නස්වර භින්නස්වර ගද්ගදස්වර කාකස්වර නො ව ගම්භීර ස්වරතාදි වශයෙන්) ලක්‍ෂණ සම්පන්න තෙපුල් ඇති පමණෙකින් හෝ ශරීර වර්‍ණය යහපත් බැවින් හෝ (පරලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා ඇති, (ආවාසමාත්සර්‍ය්‍යාදි පස් වැදෑරුම්) මසුරු බැවින් යුත්, (කෛරාටික පක්‍ෂය භජනය කිරීමෙන්) වංචක වූ මිනිස් තෙම සාධු වූ ස්වරූප ඇත්තේ නො වෙයි.
8.(263) යමක්හු විසින් වනාහි මේ (ඊර්‍ෂ්‍යාදි) දෝෂජාතය මුලින් සිඳිනා ලද ද, (අවිද්‍යාදි ක්ලේශමූලය හා සමග රහත්මඟනැණින්) නසන ලද ද, වැමෑරු කෙලෙස් දොස් ඇති, (ධර්මොජස් ප්‍රඥායෙන් යුක්ත වූ) ඒ පුද්ගල තෙම සාධුස්වරූප ඇත්තේ යැ යී කියනු ලැබේ.
9.(264) ව්‍රතරහිත (ශීලව්‍රත ධුතාංගව්‍රත විරහිත වූ), බොරු කියන පුඟුල් තෙම හිස මුඬු පමණෙකින් ශ්‍රමණ නම් නො වෙයි. (අසම්ප්‍රාප්ත අරමුණෙහි) ඉච්ඡායෙන් ද, (සම්ප්‍රාප්ත අරමුණෙහි) ගේධයෙන් ද සමන්‍විත වූයේ කෙසේ නම් ශ්‍රමණ වේ ද, (හේ ශ්‍රමණ නම් නො වෙයි සේ යි.)
10.(265) යමෙක් වනාහි අණු වූ ද මහත් වූ ද, අකුසලයන් සර්‍වප්‍රකාරයෙන් (රහත්මඟ නැණින්) මුළු මනින් සංහිඳුවා ද, අකුසල් සංහිඳු වූ බැවින් ශ්‍රමණ යැ යි කියනු ලැබේ.
11.(266) යම් පමණෙකින් අනුන් සිඟා ද (හෙවත් යම් කාරණයෙකින් අනුන් ගේ දොර දොරැ සිට සිඟා ද) එ කරුණින් භික්‍ෂු නම් නො වෙයි. විෂම වූ පාපධර්‍ම සමාදන් වැ (නො හොත් දුගඳ වහනය කරණ කායකර්‍මාදිය සමාදන් ව) වසන්නේ ඒ (දොර දොරැ සිටැ සිඟන) පමණෙකින් භික්‍ෂු නම් නො වේ.
12.(267) මෙ සස්නෙහි යම් මහණෙක් කුසල් ද අකුසල් ද යන දෙකම (මඟබඹසරින්) දුරු කොට, මඟබඹසර ඇත්තේ (ස්කන්‍ධාදි) ලෝකයෙහි සර්‍ව ධර්‍මයන් නුවණින් සලකා හැසිරේ ද (හෙවත් මොහු ආධ්‍යාත්මික ස්කන්‍ධයහ මොහු බාහ්‍යස්කන්‍ධයහ යි සියලු ධර්‍මයන් දැන වෙසේ ද), හෙ තෙම ඒකාන්තයෙන් (මඟනුවණින් බුන් කෙලෙස් ඇති හෙයින්) භික්‍ෂු යැ යි කියනු ලැබේ.
13.(268) මූඪ වූ (තුච්ඡ වූ) ස්වරූප ඇති අනුවණ පුඟුල් තෙමේ මුවෙන් නොබැණ හුන් පමණින් මුනි නම් නො වෙයි. නුවණැති යමෙක් වනාහි ඉදින් තුලාවක් ගෙණ සිටි එකක්හු මෙන් (හෙවත් තරාදියක් ගෙණ කිරන්නට සිටියක්හු මෙන්) ගත යුතු උතුම් දැය ගෙණ වෙසේ ද,