ධාතුභාජනීය කථා
1. (ශීලාදිගුණයෙන්) මහත් වූ ගෞතම නම් සර්වඥයන් වහන්සේ කුසිනාරා නගරයෙහි පිරිනිවියහ. (උන් වහන්සේගේ) ධාතූන් වහන්සේ ඒ ඒ පෙදෙස්හි පතළාහ.
2. එක් කොටසෙක් අජාතශත්රැගේ රාජධානියෙහි ද, එක් කොටසෙක් විසල්පුරයෙහි ද, එක් කොටසෙක් කිඹුල්වත්හි ද, එක් කොටසෙක් අල්ලකප්ප නම් රටෙහි ද–
3. එක් කොටසෙක් රාමගම්හි ද, එක් කොටසෙක් වෙඨද්වීපයෙහි ද, එක් කොටසෙක් පාවානුවරවැසි මල්යයන් කෙරෙහි ද, එක් කොටසෙක් කුසිනාරා නුවරවැසි මල්යයන් කෙරෙහි ද වී.
4. ද්රෝණ නම් බමුණු තෙම කුම්භස්තූපයක් කරවී. මෞර්ය්යයෝ තුටුසිත් ඇතිවැ අඩ්ගාරචෛත්යයක් කරවූහ.
5. ශාරීරිකස්ථූප අටෙකි. නවවැනි කුම්භස්තූපය ද දසවැනි අඞ්ගාරචෛත්යය ද එකල්හි මැ පිහිටියේ යැ.
6. එක් දළදාවක් තිදස්පුරයෙහි ද එක් දළදාවක් නාගපුරයෙහි ද එක් දළදාවක් ගන්ධාරදේශයෙහි ද එක් දළදාවක් කලිඟුරජුගේ විජිතයෙහි ද වූ යැ.
7. සමසතලිස් දන්තයෝ ද කෙස් ද ලොම් ද දෙවියෝ සක්වළ පරපුරින් සර්වප්රකාරයෙන් එකෙක විසින් ගෙන ගියහ.
8. භාග්යවතුන් වහන්සේගේ පාත්රධාතු ද කොතුරුදඬු ද සිවුර ද මධුරායෙහි වෙයි, හඳනාසිවුර කුසඝර නම් තැන්හි වෙයි, පසතුරුණ කිඹුල්වත් පුරයෙහි වෙයි.
9. ඩබරාව ද කාබහන ද පැළලුප්නුවර වෙයි, දියසළුව චම්පානගරයෙහි ද උණුලොම්දා කොසොල්දනව්යෙහි ද වේ.
10. එකල්හි කසාවත බඹලෙව්හි ද හිස්වෙළුම තිදස් පුරයෙහි ද නිසදුන්සිවුර අවන්තිපුරයෙහි ද අතුරුණ කුරුරටෙහි ද පිහිටියේ ය.
11. අරණිය (ගිනිගානාදණ්ඩ) මිථිලායෙහි ද පෙරහන විදේහයෙහි ද වාසි හා හිදීඟුළු හා ඉඳිපත්නුවරෙහි ද පිහිටියේ යැ.
12. එකල්හි මිනිස්සු බුදුන් විසින් වළඳනාලද සෙසු පිරිකර අපරාන්තජනපදයෙහි පිහිටුවාලූහ.
13. මෙසෙයින් සත්නට අනුකම්පා පිණිස මහර්ෂි වු ගෞතමසර්වඥයන් වහන්සේගේ ධාතූන්ගේ පැතිරීම වී යයි එකල පෞරාණිකාචාර්ය්යයෝ කීවාහු ය.
ධාතුභාජනීය කථා නිමි.
බුද්ධවංශය නිමියේ යි.