2. 9 උප්පලවණ්ණා අපදානය
511. ඍද්ධියෙන් අගතැන්පත් උත්පලවර්ණා භික්ෂුණී තොමෝ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙවදන් පැවසූ:
512. ඒ ඒ ජාතිවල (උපන් විසින්) හැසිරීම තරණය කළ මම අචල වූ නිර්වාණපදයට පැමිණියා වෙමි. මා විසින් සියලු දුක් ක්ෂය කරන ලද, මහාමුනිතුමනි, (එය) සැලකරමි.
513. බුදුසසුන්හි පහන් වූ යම් පමණ පිරිස් ඇත් ද, යම් කෙකෙකුන් ට මා කළ අපරාධයෙකුත් ඇත් ද, බුදුරදුන් හමුයෙහි (මට) කමත් වා.
514. මහාවීරයන් වහන්ස, ආරෝචනා කරමි: සසර සැරිසරන මාගේ ඉදින් (යම්) දොසෙක් වී නම් ඒ දොස ක්ෂමා කරන සේක්වා.”
515. (බුදුහු) “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්වව, යම් පමණ සිවුපිරිස් වේ ද, අද (ඔවුන්ගේ) සැක සිඳුව.”
516. (උප්පලවණ්ණා) “ප්රඥාවත් ජුතින්ධර මහාවීරයාණෙනි, ඔබගේ දුහිතෘ වූ මා විසින් බෙහෙවින් අපහසු වූ බොහෝ දුෂ්කර වූ ක්රියා කරන ලදි.
517. මාගේ (සිවි) පැහැය උපුලක පැහැ බඳු වෙයි. චක්ෂුර්මත් මහාවීරයාණනි, නමින් උත්පලා නම් වූ ශ්රාවිකා තොමෝ ඔබ පා වඳියි.
518. රාහුලත්, මමත් නොයෙක් බොහෝ සියගණන් ජාතිවලැ එක ම කුලයෙකැ උපනුම්හ, සමාන රිසි හා මනස් ඇත්තෝ ද වූම්හ.
519. බෙහෙවින් (ඒ ඒ) ජාතිවලැ මාගේ ඉපැත්ම (රාහුල) හා එක් වැ වෙයි. පැසුළු භවය පැමිණි කල්හි දෙදෙන ම වෙන වෙන උපත් ඇත්තෝ වූම්හ.”
520. පුත් රාහුල නම් විය, දූ උත්පල නම් වූ. වීරයන් වහන්ස, මාගේ ඍද්ධි බලනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ට (මාගේ) බලය දක්වමි.
521. කෝමාරභව්ව නම් වෛද්යයා අතට පත්, තෛලයක් සෙයින් සිව්සයුරු අත් නමැති තලියෙහි බහාලූ යැ.
522. තරුණ කෝමාරක යම් පරිදි මුදුතණ සින්දේ ද එසෙයින් පොළොව උපුරා අත් නමැති තලියෙහි බහාලූ යැ.
523. සක්වළ සම කොට අත්ලෙන් මස්තකය වසා නැවත නැවත නන්වැදෑරුම් පැහැපත් වැසිපොද වර්ෂා කරවා -
524. පොළොව වනක් කොට සකුරු (-වැලි කැට) ධාන්ය කොට මේරුව මොහොලක් කොට දැරියක මෙන් මැඩලූ යැ.
(උත්පලවර්ණා මෙසේ කියයි:)
525. මම බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ දුහිතෘ වෙමි. නමින් උප්පලවණ්ණා නමු. අභිඥාහි වශීභූත වූ මම් ඔබගේ අනුසසුන් කරන්නක් වෙමි.
526. නොයෙක් ඍද්ධිවිකුර්වණ කොට ලෝකනායකයන් වහන්සේට දක්වා නම්ගොත් ද අස්වා පසැස් ඇති උතුමාණනි, ඔබ පා වඳිමි.