84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය
1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්රශ්රාවක වූ මහානුභාව ඇති ත්රිවිද්යාවෙන් යුත් අභිභූ නම් ප්රසිද්ධ භික්ෂු තෙමේ හිමවතට එළඹියේ ය.
1519. එකල්හි මම අප්රාමාණ්ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.
1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්ෂියෙකු මෙන් පර්වතයට නැංගෙමි.
1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.
1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්යකර්මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.
1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1525. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.
මෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
අධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
85. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1526. මම පෙර හිමවත්පව්වෙහි වාසය කෙළෙමි. අඳුන්දිවිසම් උතුරුසළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
1527. සියගණන් රැස් ඇති හිරු වැනි වූ පිපුනු සල්රුකක් වැනි වනගත වූ ස්වර්ණවර්ණ ඇති බුදුරජානන් වහන්සේ දැක -
1528. ඒ විපස්සී බුදුරජානන් වහන්සේ ගේ රශ්මියෙහි සිත පහදවා මම ඇඳිලි බැඳ උක්කුටික ව හිස නමා වැන්දෙමි.
1529. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්ය) කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රශ්මිසංඥාවෙහි (පැහැදී පිදීමේ) මේ විපාකය යි.
1530. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
රංසිසඤ්ඤකස්ථිවිරාවදානය පස්වැනි යි.
86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය
1531. වැහැරි සිවුරු දරන්නා වූ මම හිමවත්පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණ ලා හුන්නෙමි.
1532. එකල්හි හිමවත්පව්වෙහි දී ධ්යානයෙහි ඇලුනා වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක ඇඳිලි බැඳ (බුදු) රැස්හි සිත පැහැදවීමි.
1533. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි (බුද්ධරශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධ) රශ්මිසංඥාවෙහි (සිත පැහැදවීමේ) මේ විපාකය යි.
1534. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය සවැනි යි.
87. ඵලදායක ස්ථවිරාවදානය
1535. කුර සහිත අඳුන්දිවිසම් දරන්නා වූ මම පලතුරු ගත් අත් ඇත්තෙම් හිමවත්පව්වෙහි දී ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක පලතුරු දිනිමි.
1536. මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
1537. මෙයින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරුදානයාගේ මේ විපාකය යි.
1538. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
ඵලදායකස්ථවිරාවදානය සත්වැනියි.