520. පදුමධාරක ස්ථවිරාවදානය
5532. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් විය. එකල්හි සම්භව නම් (පසේ බුදුරජතෙමේ ද) අභ්‍යවකාශයෙහි විසී ය.
5533. මම භවනයෙන් නික්ම උන්වහන්සේට පියුමක් දරා සිටියෙමි. එක්දිනක් (පියුම) දරා සිට නැවත භවනයට ආමි.
5534. මෙයින් එක්තිස්වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5535. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
5536. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5537. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් පදුමධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පදුමධාරක ස්ථවිරාවදානය දසවැනියි.
ඵලදායකවර්‍ගය දෙපණස් වැනියි.
උද්දානය:
කුරඤ්ජිය කපිත්‍ථ කොසුම්භ සහ කෙතක
නාගපුප්ඵ අජ්ජුන කුටජිඝෝසසඤ්ඤත,
සබ්බඵලදායක පදුමධාරක දස වේ.
තුන්ගයකින් වැඩි අසූගයක් මෙහි ඇති.