507. අජෙලිඵලදායක ස්ථවිරාවදානය
5431. එකල්හි චරණධර්මයන්ගෙන් සම්පූර්ණ වූ සමාධියෙහි දක්ෂ වූ මෝනෙය්යගුණ යුත් අජ්ජුන නම් සම්බුදු (පසේබුදු) රජ තෙමේ හිමවතෙහි වැඩ විසී ය.
5432. මම ඒ ශාස්තෲන් වහන්සේ හට කළයක් පමණ වූ අජෙලි ඵලයක් ද ජීවජීවක ද ඡත්රපර්ණ ද ගෙන දුනිමි.
5433. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5434. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5435. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5436. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අජෙලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අජෙලිඵලදායක ස්ථවිරාවදානය සත් වැනියි.
508. අමෝදඵලිය ස්ථවිරාවදානය
5437. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්ණවර්ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් (දැක) අමෝද ඵලයක් දුනිමි.
5438. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5439. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5440. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5441. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් අමෝදඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අමෝදඵලිය ස්ථවිරාවදානය අටවැනියි.
509. තාලඵලදායක ස්ථවිරාවදානය
5442. සියල්ල තෙමේ ම අවබෝධ කරගත් පස්මරුන් දිනූ සතරංසී නම් භාග්යවත් (පසේබුදු?) තෙම විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩියේ ය.
5443. මම (උන්වහන්සේ) දැක පල ගත් අත් ඇත්තෙම් නරාසභයන් වහන්සේ වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල් පලයක් දුනිමි.
5444. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
5445. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
5446. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5447. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් තාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තාලඵලදායකස්ථවිරාවදානය නවවැනියි.
510. නාළිකෙරදායක ස්ථවිරාවදානය
5448. එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩනා වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.