493. කොරණ්ඩපුප්ඵිය ස්ථිවිරාවදානය
5263. පෙර මම පියමුතුන් පරපුරෙන් වනයෙහි දඩයම් කරණුයෙකිම් වීමි. සිවුපා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුශලයෙක් නැත.
5264. මාගේ අසපුව අබියෙස පසැස් ඇති ලෝකාග්රනායක වූ තිස්ස බුදුරජ තෙමේ අනුකම්පායෙන් පියවරතුනක් දැක්වී ය.
5265. තිස්ස බුදුරජුන් දැක් වූ පියසටහන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැද වීමි.
5266. පිපී කරඬු ගසක් දැක කොපු සහිත මල් ගෙණ ශ්රේෂ්ඨ ශ්රීපාදලාඤ්ජනය පිදීමි.
5267. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද, චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5268. මම දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ප්රභා සහිත වූ කොරණ්ඩපුෂ්පවර්ණ වූ සිවි ඇත්තෙම් වෙමි.
5269. මෙයින් දෙයානූවනකපෙහි එකල යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාසටහන් පිදීමෙහි මේ විපාක යි.
5270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5271. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
5272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය තෙවැනියි.
494. කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය
5273. පිපී ගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි (තිබියදීම මල්) පිදීමි.
5274. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5275. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5276. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
5277. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5278. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කිංසුකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
495. උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය
5279. එකල්හි පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුජාත නම් ශ්රාවක තෙමේ පාංශුකූල (සිවුරු සඳහා) රෙදි කඩ සොයමින් කසළ ඇති තන්හි හැසිරෙයි.
5280. මම හංසවතී නගරයෙහි පරහට (මෙහෙ කරණ) බැලයෙක් වූ යෙම් උන්වහන්සේට අඩවතක් (රෙදිකැබැල්ලක්) දී හිස නමා වන්දෙමි.
5281. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.