494. කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය
5273. පිපී ගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි (තිබියදීම මල්) පිදීමි.
5274. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
5275. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
5276. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
5277. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5278. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කිංසුකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
495. උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය
5279. එකල්හි පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුජාත නම් ශ්රාවක තෙමේ පාංශුකූල (සිවුරු සඳහා) රෙදි කඩ සොයමින් කසළ ඇති තන්හි හැසිරෙයි.
5280. මම හංසවතී නගරයෙහි පරහට (මෙහෙ කරණ) බැලයෙක් වූ යෙම් උන්වහන්සේට අඩවතක් (රෙදිකැබැල්ලක්) දී හිස නමා වන්දෙමි.
5281. මම මැනැවින් කරණ ලද එම කර්මය හේතු කොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
5282. මම තෙතිස් වරක් දේවේන්ද්රව දිව්යරාජ්යය කරවීමි. සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි.
5283. (ලබන ලද) මහත් ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. අර්ධවස්ත්රදානයෙන් අකුතොභය (භය විරහිත) වූයෙම් සතුටු වෙමි.
5284. මම අද කැමති වන්නෙම් නම් වන පර්වත සහිත වූ (සියලු පෙදෙස) කොමු පිළියෙන් වසන්නෙමි. අඩවත් දෙනෙහි මේ විපාක යි.
5285. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් දනක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. රෙදි කඩක් දීමෙහි මේ විපාක යි.
5286. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිතව වෙසෙමි.
5287. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
5288. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් උපඩ්ඪදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය පස්වැනියි.
496. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
5289. මනා සිතුම් ඇති ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වූ භාග්යවතුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහවෙනෙහි වැඩහුන්නාහු දැක සිත පහදවා පිරිසිදු ගිතෙල් සුඟක් පිළිගැන් වීමි.
5290. (මෙම පුණ්යකර්මය) කළ බැවින් ද ආයුහිත බැවින් ද මේ භාගීරථී ගඟ ද සිවුමහසමුදුර ද මට ගිතෙල් සපයති.
5291. අප්රමාණ වූ අසඞ්ඛ්ය වූ මේ මහත් පෘථිවිය ද මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) වේ.
5292. සිවුමහ දිවයිනට අයත් මේ වෘක්ෂසමූහයෝ ද මාගේ අදහස දැන කල්පවෘක්ෂයෝ වෙති.
5293. පණස්වරක් දේවේන්ද්රව දිව්යරාජ්යය කෙළෙමි. මම එක්පණස් වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්රදේශරාජ්යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
5294. මෙයින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන් ) දුගතියක් නො දනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාක යි.