45. පඤ්චහත්ථිය ස්ථවිරාවදානය
1191. යටට හෙළන ලද ඇස් ඇති ප්රමාණවත් වචන ඇති, සිහියෙන් යුත් සංවරණය කරණලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙමේ ඇතුළු වීථියෙහි වඩනා කල්හි-
1192. මට මුදුන්මල්කඩ පිණිස උපුල්අත් (උපුල්මිටි) පසක් ගෙණාවාහු ය. මම පහන් වූයෙම් ඒ මලින් සියතින් බුදුන් පිදීමි.
1193. උඩට නැගුනු ඒ මල් බුදුරජානන් වහන්සේට වියනක් වී ය. ශිෂ්යයෝ ගුරුවරයෙකුගේ මෙන් සියලු පුෂ්පයෝ බුදුරජානන් වහන්සේගේ ගිමන් නිවූහ.
1194. මෙයින් තිස්දහස්වන කපෙහි යම් මල් රැසක් (බුදුන් මුදුනෙහි) එළවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1195. මෙයින් දෙදහස්වන කපෙහි නමින් හත්ථිය නම් වූ මහත් බල ඇති සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1196. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පඤ්චහත්ථියස්ථවිරාවදානය පස්වැනි යි.
46. පදුමච්ඡදනිය ස්ථවිරාවදානය
1197. එකල්හි අග්රපුද්ගල වූ විපස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම මැනැවින් පිපුනු පියුම් ගෙණ චිතකයට පිදීමි.
1198. චිතකයට නැගු කල්හි (ඒ පියුම්) අහසට නැගුනේ ය. එය අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීමි.
1199. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1200. මෙයින් සත්සාලිස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවු සයුරු කෙළවර කොට ඇති පෘථිවිශ්චර වූ, සතුරු රජුන් ජය ගන්නාසුලු වූ මහත් බල ඇති පදුමිස්සර නම් සක්විතිරජෙක් වීමි.
1201. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් පදුමච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
පදුමච්ඡදනිය ස්ථවිරාවදානය සවැනි යි.
47. ශයනදායක ස්ථවිරාවදානය
1202. තාදීගුණ ඇති මෛත්රී සිත් ඇති සිද්ධත්ථ භාග්යවතුන් වහන්සේට ඇතිරි ආදි වූ දුස්සභාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙනලදී.
1203. භාග්යවතුන් වහන්සේ ඒ කැප ශයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙමේ ඒ අසුනින් නැගිට අහසට නැගුනේ ය.
1204. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් සයනයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සයනදානයාගේ මේ විපාකය යි.
1205. මෙයින් එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විතිරජෙක් වීමි.
1206. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
ශයනදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
48. චඞ්ක්රමදායක ස්ථවිරාවදානය
1207. මම ලෝකජ්යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි.
1208. එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය.
1209. නරශ්රේෂ්ඨ වූ අත්ථදස්සී භාග්යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය: