475. කුම්මාසදායක ස්ථවිරාවදානය
4986. පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන්ගේ හිස් පාත්රය දැක කොමු පිඬු පිරවීමි.
4987. මෙයින් එක් අනු වන කපෙහි වූ එකල්හි යම් භික්ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුම්මාසදානයෙහි මේ විපාක යි.
4988. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4989. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4990. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුම්මාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කුම්මාසදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
476. කුසට්ඨදායක ස්ථවිරාවදානය
4991. වැස නිමවන ලද බඹසර ඇති බ්රාහ්මණවංශයෙහි වූ කාශ්යප බුදුරජුන් හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලහබත් අටක් දුනිමි.
4992. මේ කල්පයෙහි ම සලාකබත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලහබත් අට දීමෙහි මේ විපාක යි.
4993. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4994. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
4995. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසෙයින් ආයුෂ්මත් කුසට්ඨදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
කුසට්ඨදායක ස්ථවිරාවදානය සවැනි යි.
477. ගිරිපුනනාගිය ස්ථවිරාවදානය
4996. එ කල්හි සෝභිත නම් සම්බුදුරජ තෙම චිත්රකූට පර්වතයෙහි වැඩ විසී ය. මම ගිරිපුන්නාගපුෂ්පයක් ගෙණ බුදුරජුන් පිදීමි.
4997. මෙයින් සිවුඅනූ වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
4998. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රවරහිත ව වෙසෙමි.
4999. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.