450. බෝධිඝරිය ස්ථවිරාවදානය
4785. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති සිද්ධාර්ත්ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෝධිගෘහයක් කරවීමි.
4786. (ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නෙම් වෙමි. රතනගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ උෂ්ණය හෝ වාතය හෝ නො පහස්නේ ය.
4787. මම මෙයින් පන්සැටවන කපෙහි සක්විතිරජ වීමි. මට විශ්වකර්මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.
4788. දසයොදුනක් දිග අටයොදුනක් පුළුල් ඒ නගරයෙහි දඬු හෝ වැල් හෝ මැටි (මෙයින් කළ දැයක්) නැත.
4789. (එහි) විශ්වකර්මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්රාසාදය යොදුනක් දිග ය. අටයොදුනක් පුළුල් ය.
4790. (එහි) සුවාසූ දහසක් රන්මුවා ටැම් විය. මුදුන්ගෙවල් මිණිමුවා වූහ. සෙවෙනිය (=පියසි) රිදීමුවා විය.
4791. සර්වස්වර්ණමය ගෘහයක් විශ්වකර්මයා විසින් මවන ලදී. තෙල මවිසින් වසන ලදී. ගෘහදානයාගේ මේ විපාකයි.
4792. දෙවි මිනිස් බෙවෙහි එ හැම සමිපත් අනුභව කොට අද නිරුත්තර ශාන්තිපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
4793. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බෝධිගෘහයක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහදානයාගේ මේ විපාකයි.
4794. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4795. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4796. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් බෝධිඝරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
බෝධිඝරිය ස්ථවිරාවදානය දසවැනියි.
විභීටකවර්ගය පන්සාළිස්වැනියි.
උද්දානය:
විහිටකී කෝලඵලී බිල්ලභල්ලාත උත්තලී
අම්ඛාට සීහාසන ද පාදපීඨක වේදිකාරක
බෝධිඝරිය යී දස වත් වේය මෙම වගෙහී
එකුන් අසූ ගයකින් එය මෙහි කියන ලදුයේ.
අම්ඛාට සීහාසන ද පාදපීඨක වේදිකාරක
බෝධිඝරිය යී දස වත් වේය මෙම වගෙහී
එකුන් අසූ ගයකින් එය මෙහි කියන ලදුයේ.
46. ජගතිදායක වර්ගය
451. ජගතිදායක ස්ථවිරාවදානය
4797. මම පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, ධම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්ෂය (පිහිටි තන්හි) බිම කරවීමි.
4798. මම පර්වත විවරයකින් වේවයි පර්වතයකින් වේවයි ගසකින් වේවයි වැටුනෙම් පිහිටක් ලබමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4799. සොරු මාගේ (වස්තුව) පැහැර නො ගණිත්. රජ තෙම (මට) අවමන් නො කෙරේ. සියලු පසමිතුරන් ඉක්මවමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4800. දිව්ය වේවයි මනුෂ්ය වේවයි යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු තන්හි පුදන ලදුයෙම් වෙමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4801. මම අටළොස්සියවන කපෙහි පොළෝ (සකස්) කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
4802. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4803. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4804. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ජගතිදායකස්ථවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ජගතිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.