436. කලම්බදායක ස්ථවිරාවදානය
4679. රෝමස නම් (පසේ) බුදුන් වහන්සේ කඳු අතරෙහි වැඩ වසන සේක. පහන් වූයෙම් (මම) උන්වහන්සේට සියතින් විලපලා දුනිමි.
4680. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විලපලා දනෙහි මේ විපාක යි.
4681. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4682. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ ද අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4683. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කලම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කලම්බදායකස්ථවිරාවදානය සවැනියි.
437. අම්බාටකදායක ස්ථවිරාවදානය
4684. මහවනයෙහි දී සියල්ල තෙමේ ම දත් පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙණ එම බුදුරජුන් හට දුනිමි.
4685. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
4686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
4687. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4688. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් අම්බාටක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
අම්බාටක ස්ථවිරාවදානය සත්වැනියි.
438. හරීතකදායක ස්ථවිරාවදානය
4689. අරළු ද, නෙල්ලි ද, අඹ ද, ජම්බු ද, බුළු ද, ඩෙබර ද, බදුළු ද, බෙලි ද, මම තෙමේ ම රැස් කෙරෙමි.
4690. කඳු බෑවුමක වැඩ හුන් ධ්යාන කරන්නා වූ ධ්යානයෙහි ඇලුනා වූ ආබාධයකින් පෙළෙන්නා වූ (සමාන කොට තැකීමට) දෙවැන්නකු නැත්තා වූ බුදුරජුන් දැක,
4691. මම අරළු ගෙණ බුදුරජුන් හට දුනිමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුනේ ය.
4692. සන්සිඳුනා වූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජ තෙම අනුමෝදනාවක් කළේය: “මෙම බෙහෙත් දන හේතු කොට ගෙණ ද, රෝගව්යුපශමය හේතුකොට ගෙණ ද,
4693. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අන් ජාතියක උපන්නේ හෝ ඒ සියලු තන්හි සුව ඇත්තෙක් වෙව. තොපට ව්යාධියක් නො පැමිණේවා”.
4694. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදුන් වහන්සේ මේ වචන කියා අහසෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේය.
4695. යම් තැනක පටන් සියල්ල තෙමේ ම දත් බුදුරජ හට අරළු දුනිම් ද, (එතැන් පටන්) මේ ජාතිය දක්වා මට ව්යාධියෙක් හට නො ගත්තේ ය.
4696. මේ මාගේ (සසරෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. ත්රිවිද්යාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.