424. සත්තකදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
4522. හිමවතට නුදුරෙහි කදම්බ නම් පර්වතයෙකි. ඒ පර්වතපාර්ශවයෙහි ඒ සත් (පසේ) බුදුවරයෝ ම වැඩ විසූහ.
4523. පිපුණු කොළොම් ගසක් දැක ඇඳිලි බැඳ මල්සතක් ගෙණ පුණ්යචිත්තයෙන් උඩට දැමීමි.
4524. මැනැවින් කරණ ලද එම කර්මය හේතුකොට ගෙණ ද චිත්තප්රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4525. එකල්හි, මෙයින් සිවු අනූවන කපෙහි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
4526. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්රව ව වෙසෙමි.
4527. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4528. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් සත්තකදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තකදම්බපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනි යි.
425. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
4529. පෙර මම වනකාර්මිකයෙක් (-දඩයම් කරන්නෙක්) විමි. මම මවුපියන්ගේ අනුමතයෙන් සිවුපාවුන් මැරීමෙන් ජීවත් වෙමි. මට පිනෙක් නැත.
4530. මාගේ ගෙපැල සමීපයෙහි පසැස් ඇති ලෝකාග්රනායක වූ තිස්ස බුදුරජ තෙමේ ලෝකානුකම්පාවෙන් තුන් පියවරක් දැක්වී ය.
4531. තිස්ස නම් වූ බුදුරජුන් තැබූ පියවර දැක සතුටු වූයෙම් සතුටු සිතින් පිය සටහනෙහි සිත පැහැදවීමි.
4532. මම පිපීගිය කරඬු රුකක් දැක (එයින්) කිණිති සහිත් මල්ගෙණ ශ්රේෂ්ඨ පදලස පිදීමි.
4533. මැනැවින් කරණ ලද එම කර්මය කරණකොට ගෙණ ද චිත්තප්රණිධීන් කරණකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
4534. දිව්ය වූ හෝ මනුෂ්ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද මම කරඬුමල් පැහැ ඇතියෙම් ම ප්රභා සහිතයෙම් වෙමි.
4535. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදපූජාවෙහි මේ විපාක යි.
4536. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
4537. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්රිවිද්යාවෝ අනුප්රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
4538. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
කොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
426. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
4539. (සිවුසස් දහම් පිළිබඳව) මැනැවින් සිතූ ලෝක ජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨ වු මහවනයට පිවිසියා වූ වාතාබාධයකින් පෙළුනා වූ බුදුරජුන් දැක සිත පහදවා (ඉතා පිරිසිදු) ගිතෙල් මණ්ඩයක් පිළිගැන්වීමි.
4540. (මෙම පුණ්ය කර්මය) කරණ ලද බැවින් රැස්කරන ලද බැවින් මේ නාගිරථි නදිය ද සිවුමහ මුහුදු ද මට ගිතෙල් සපයති.