385. ඵාරුසඵලදායක ස්ථවිරාවදානය
3303. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ මාර්ගයෙහි වඩින්නා වූ බුදුරජුන් දැක මම උන්වහන්සේට බොරළුදමුනු (=උගුරැස්ස) ගෙඩි දිනිමි.
3304. මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3305. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
3306. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3307. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵාරුසඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඵාරුසඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
386. වල්ලිඵලදායක ස්ථවිරාවදානය
3308. සියලු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහු ය. එකල්හි ඵල සොයන්නා වූ ඔවුහු ඵල ලැබුවාහු ය.
3309. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කර ගත්තා වූ පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක) උන්වහන්සේට මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලියපලක් දිනිමි.
3310. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3311. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3312. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3313. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වල්ලිඵලදායක ස්ථවිරාවදානය සවැනි යි.
387. කදලිඵලදායක ස්ථවිරාවදානය
3314. කිණිහිරි රුකක් මෙන් ද පණු රැසි සඳු මෙන් ද බබලන ඇවිළගත් ප්රදීපවෘක්ෂයක් බඳු වූ බුදුරජුන් දිටිමි.
3315. මම කෙසෙල්පලයක් ගෙන පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට දුනිමි. (ඉක්බිති) වැඳ ඉවත්ව ගියෙමි.
3316. මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.