381. අවණ්ටඵලදායක ස්ථවිරාවදානය
3278. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ භාග්යවත් වූ සතරංසි නම් සම්බුදුරජ තෙමේ විවේකය කැමැතිවන්නේ පිඬු පිණිස නික්මියේ ය.
3279. මම බුදුරජුන් දැක ඵල ගත් අත් ඇත්තෙම් (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නැටි රහිත පල දිනිමි.
3280. මෙයින් සිවුඅනූවන කපෙහි මම යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3281. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3282. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිත ව වෙසෙමි.
3283. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවණ්ටඵලදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
382. ලබුජදායක ස්ථවිරාවදානය
3284. එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස් රජස් රහිත බුදුරජුන් දිටිමි.
3285. මම දෙල්ගෙඩි ගෙණ බුදුරජුන්හට දිනිමි. මහත් යශස් ඇති සර්වඥ තෙම අහසෙහි වැඩසිටියේ ම එය පිළිගත්තේ ය.
3286. මට සතුට උපදවන මෙලොවදී ම සුව එළවන එ පලදන පැහැදි සිතින් බුදුරජුන්හට දී,
3287. එකල්හි මහත් වූ ප්රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ තමන්හට රුවන් නිපයේ ම ය.
3288. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3289. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3290. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3291. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ලබුජදායක ස්ථවිරාවදානය දෙවෙනි යි.
383. උදුම්බරඵලදායක ස්ථවිරාවදානය
3292. පුරුෂෝත්තම වූ බුදුරජතෙම විනතා ගංතෙරෙහි වැඩ විසී ය. සන්හුන් වූ කෙලෙස්රජස් විරහිත එකඟ වූ බුදුරජුන් දිටිමි.
3293. කෙලෙස්මල දෝනා වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් මම දිඹුල් පල ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3294. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
3295. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.