382. ලබුජදායක ස්ථවිරාවදානය
3284. එකල්හි මම බන්ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස් රජස් රහිත බුදුරජුන් දිටිමි.
3285. මම දෙල්ගෙඩි ගෙණ බුදුරජුන්හට දිනිමි. මහත් යශස් ඇති සර්වඥ තෙම අහසෙහි වැඩසිටියේ ම එය පිළිගත්තේ ය.
3286. මට සතුට උපදවන මෙලොවදී ම සුව එළවන එ පලදන පැහැදි සිතින් බුදුරජුන්හට දී,
3287. එකල්හි මහත් වූ ප්රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ තමන්හට රුවන් නිපයේ ම ය.
3288. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3289. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3290. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3291. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ලබුජදායක ස්ථවිරාවදානය දෙවෙනි යි.
383. උදුම්බරඵලදායක ස්ථවිරාවදානය
3292. පුරුෂෝත්තම වූ බුදුරජතෙම විනතා ගංතෙරෙහි වැඩ විසී ය. සන්හුන් වූ කෙලෙස්රජස් විරහිත එකඟ වූ බුදුරජුන් දිටිමි.
3293. කෙලෙස්මල දෝනා වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් මම දිඹුල් පල ගෙණ බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
3294. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
3295. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3296. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3297. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
උදුම්බරඵලදායක ස්ථවිරාවදානය තෙවෙනි යි.
384. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
3298. වනයෙහි දී මහත් කීර්ති ඇති අත්ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලගෙඩි දුනිමි.
3299. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3300. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
3301. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්රව රහිතව වෙසෙමි.
3302. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පිලක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
385. ඵාරුසඵලදායක ස්ථවිරාවදානය
3303. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ මාර්ගයෙහි වඩින්නා වූ බුදුරජුන් දැක මම උන්වහන්සේට බොරළුදමුනු (=උගුරැස්ස) ගෙඩි දිනිමි.
3304. මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
3305. ඒකාන්තයෙන් බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.