352. යවකලාපිය ස්ථවිරාවදානය
3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.
3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.
3147. එසේ වැඩ හුන්නා වූ නිර්‍මල වූ මහාධ්‍යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.
3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.
3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
යවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.
353. කිංසුකපූජක ස්ථවිරාවදානය
3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.
3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
කිංසුකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
354. සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය
3153. සිඛී බුදුරජානන් වහන්සේගේ තබන ලද පියවර දැක මම අඳුන්දිවිසම එකස් කොට ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.
3154. පිපුනු කටුකරඬු රුකක් දැක කිණිති සහිතව මල් ගෙණ පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍රලක්‍ෂණය පිදීමි.
3155. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාක යි.
3156. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටකකොරණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
355. දණ්ඩදායක ස්ථවිරාවදානය
3157. එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බගන්නා දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
3158. ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ මනා ව්‍රත ඇති සංඝයා වැඳ සැරයටිය ද දී උතුරු දිගට මුහුණ ලා ගියෙමි.