283. පච්චුග්ගමනිය ස්ථවිරාවදානය
2633-2634. වනයෙහි (එකලාව) හැසිරෙන්නා වූ සිංහයකු මෙන් ද ශ්රේෂ්ඨ ආජානියයකු මෙන් ද බබලන්නා වූ කුඹුක් ගසක් මෙන් ද (ක්ලේශ රෝගයෙන් පෙළෙන) සකල ලෝකයාට වෛද්යවරයකු මෙන් ද ලොව බබුළුවන්නා වූ නරශ්රේෂ්ඨ වූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
2635. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන්හට පෙර ගමන් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාක යි.
2636. මෙයින් සත්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙකිම් වීමි.
2637. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
පච්චුගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
284. ඒකපුප්ඵිය ස්ථවිරාවදානය
2638. මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙකිම් වීමි. (එහි) දී පීතවර්ණ රස් ඇති (උදාවන) හිරු වැනි වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
2639. සර්වලෝකහිතෛෂී වූ නරශ්රේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදි.
2640. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2641. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
285. මඝවපුප්ඵිය ස්ථවිරාවදානය
2642. නර්මදා නදී තීරයෙහි පස් මරුන් දිනූ බුදුවරයෙක් විය. නො කැළඹුනා වූ පහන් සිත් ඇති හෙතෙම සමාධියට සමවැදුනේ විය.
2643. පහන් වූ සොම්නස් වූ මම අපරාජිත වූ එම සර්වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන් හට මඝව නම් වූ මලින් පිදීමි.
2644. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2645. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
මඝවපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනි යි.
286. උපට්ඨාකදායක ස්ථවිරාවදානය
2646. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ද්විපදෝත්තම වූ නරශ්රේෂ්ඨ වූ වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
2647. මම (උපස්ථායකයකු) කැඳවා සර්වලෝක හිතෛෂී වූ ඒ සිදුහත් බුදුරජුන් හට මා විසින් (ඒ) උපස්ථායකයා දෙන ලදී.
2648. මහාමුනි වූ සර්වඥ තෙමේ (උපස්ථායකයා) පිළිගෙණ (ආපසු මට පාවා දුනි) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්රාචීන දිශාභිමුඛව (=නැගෙනහිරට මුහුණ ලා) වැඩියේ ය.
2649. මෙයින් සිවුඅනූවනු කපෙහි උපස්ථායකයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (උපස්ථායකදානයෙහි) උවැටැනෙහි මේ විපාක යි.
2650. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙකිම් වීමි.
2651. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපට්ඨාකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපට්ඨාකදායක ස්ථවිරාවදානය සවැනි යි.