251. ථොමක ස්ථවිරාවදානය
2499. දෙව්ලොව සිටියේ ම විපස්සී බුදුරජුන්ගේ ධර්මය අසා සතුටු වූයෙම් මම මේ වචනය කීමි.
2500. පුරුෂශ්රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්මය) දෙසමින් බොහෝදෙන (සසර සයුරින්) එතර කෙරෙහිය (කියා යි.)
2501. මෙයින් එක්අනූවන කපෙහිදී යම් (බුදුරජුන්හට ස්තුති) වචනයක් කීවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධස්තුති කරණයෙහි මේ විපාකය යි.
2502. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ථොමකස්ථවිරාවදානය පළමුවැනි යි.
252. ඒකාසනදායක ස්ථවිරාවදානය
2503. බුද්ධශ්රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරණු කැමැත්තෙම් බිරිය සහිත වූයෙම් දෙව් වෙස හැර මෙහි පැමිණියෙමි.
2504. (එකල්හි) දේවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්රාවකයෙක් විය. මා විසින් උන්වහන්සේට පහන් සිතින් භික්ෂාවක් දෙන ලදි.
2505. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණඩපාතදානයාගේ මේ විපාකය යි.
2506. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාසනදායක ස්ථවිරාවදානය දෙවැනි යි
253. චිතකපූජක ස්ථවිරාවදානය
2507. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ආනන්ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළේය.
2508. මම එකල්හි දෙව්ලොවින් මෙයි පැමිණ චිතකයක් කොට (බුද්ධ) ශරීරය එහි දැවීමි. සත්කාර ද කෙළෙමි.
2509. මෙයින් එක්අනූවනු කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2510. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
254. තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
2511. හිමනතට නුදුරෙහි විකත නම් පර්වතයක් විය. ඒ පර්වතයාගේ මධ්යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්රමණයෙක් තෙමේ වෙසෙයි.
2512. උන්වහන්සේගේ සන්හුන් බව දැක පැහැදි සිතින් සපු මල් තුණක් ගෙණ විසිරවීමි. (පිදීමි).