252. ඒකාසනදායක ස්ථවිරාවදානය
2503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරණු කැමැත්තෙම් බිරිය සහිත වූයෙම් දෙව් වෙස හැර මෙහි පැමිණියෙමි.
2504. (එකල්හි) දේවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන්වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදි.
2505. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණඩපාතදානයාගේ මේ විපාකය යි.
2506. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින්ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
ඒකාසනදායක ස්ථවිරාවදානය දෙවැනි යි
253. චිතකපූජක ස්ථවිරාවදානය
2507. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළේය.
2508. මම එකල්හි දෙව්ලොවින් මෙයි පැමිණ චිතකයක් කොට (බුද්ධ) ශරීරය එහි දැවීමි. සත්කාර ද කෙළෙමි.
2509. මෙයින් එක්අනූවනු කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2510. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
චිතකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
254. තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
2511. හිමනතට නුදුරෙහි විකත නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතයාගේ මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙමේ වෙසෙයි.
2512. උන්වහන්සේගේ සන්හුන් බව දැක පැහැදි සිතින් සපු මල් තුණක් ගෙණ විසිරවීමි. (පිදීමි).
2513. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2514. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
255. සත්තපාටලිය ස්ථවිරාවදානය
2515. පර්‍වතාන්තරයෙහි වැඩහුන්නා වූ පිපුණු කිණිහිරී රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
2516. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
2517. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපාටලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
සත්තපාටලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
256. උපාහනදායක ස්ථවිරාවදානය
2518. එකල්හි චන්‍දන නම් බුද්ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟළක් දිනිමි. (දී මෙසේ පැතීමි). එම්බා පාවහන් සඟළ “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්න” යි (කියායි).
2519. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් සඟළක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
2520. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
උපාහනදායක ස්ථවිරාවදානය සවැනි යි.