153. වීථිසම්මජ්ජක ස්ථවිරාවදානය
2007. උදා වන්නා වූ සූර්ය්යයා මෙන් ද, රන්වන් රැස් ඇති හිරු මෙන් ද, පණුරැසි දින සඳු මෙන් ද, නික්මෙන්නා වූ බුදුරජුන් දිටිමි.
2008. අටසැටදහසක් වූ සියල්ලෝ ක්ෂීණාස්රවයෝ වූහ. (ඔහු) ද්වීපදෝත්තම වූ නරශ්රේෂ්ඨ වූ බුදුරජුන් පිරිවැරූහ.
2009. බුදුරජුන් නික්මෙන කල්හි (මම) ඒ වීථිය හැමද එහි පිරිසිදු සිතින් ධජයක් එසවීමි.
2010. මෙයින් එක්අනූවන කපෙහි යම් ධජයක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
2011. මෙයින් සිවුවන කපෙහි සර්වාකාරයෙන් සම්පූර්ණ වූ සුධජ ය යි ප්රසිද්ධ රජෙක් වීමි.
2012. ප්රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
මෙසේ ආයුෂ්මත් වීථියසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
වීථිසම්මජ්ජකස්ථවිරාවදානය තෙවැනි යි.
154. කක්කාරුපූජක ස්ථවිරාවදානය
2013. දිව්යපුත්රයෙක් වූ මම සිඛී බුදුරජුන් පිදීමි. කැකිරි මලක් ද ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි.
2014. මෙයින් එක් තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2015. මෙයින් නවවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සත්තුත්තම නම් සක්විති රජෙක් වීමි.
2016. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කක්කාරුපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
155. මන්දාරවපූජක ස්ථවිරාවදානය
2017. දිව්යපුත්රයෙකු වූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලින් ද ඒ බුදුරජුන් පිදීමි.
2018. සත්දිනක් මුළුල්ලෙහි ම තථාගතයන් කෙරෙහි (පිදූ ඒ) දිව මල් වියනක් (මෙන්) විය. සියලු ජනයෝ එක් ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහු ය.
2019. මෙයින් එක් තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2020. මෙයින් දසවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්ධර නම් සක්විති රජෙක් වීමි.
2021. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරවපූජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
මන්දාරවපූජකස්ථවිරාවදානය පස්වැනි යි.
156. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
2022. හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්වතයෙක් විය. ඒ පර්වතපාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
2023. උදා වූ සඳු වැනි ව (බබලන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙණ සත් පසේ බුදුවරයන් කෙරෙහි පිදීමි.
2024. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
2025. මෙයින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
2026. ප්රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
කදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.