6. අභය සූත්ර වර්ණනාව
සය වැන්නෙහි - අඤ්ඤාණය අදස්සනාය = නොදැනුවත් බව සඳහා, දැක්මක් නැතිබව සඳහා තග්ඝභගව නීවරණ = භාග්යවතුන් වහන්ස, ඒකාන්තයෙන්ම (ඒවා) නීවරණයෝය කාය කිලමථො = ශාරීරික විඩාව. චිත්ත කිලමථො = චෛතසික විඩාව සොපි මෙ පටිප්පස්සද්ධො = ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි සිසිල් වූ ඍතුවට ගැළපෙන, තැනකට පිවිස හුන්නාවූ ඔහුගේ කායික විඩාව සන්සිඳුණේය. එය සන්සිඳුණ කල්හි ඒ අනුවම චෛතසික විඩාවද සන්සිඳුණේය. වැලිදු මාර්ගයෙන්ම ඔහුගේ ඒ මේ (කාය චිත්ත යන පීඩාවන්) දෙකම සන්සිඳුණේ යයි දත යුතුය.
7. ආනාපාන වර්ගය
1-6. අට්ඨික ආදි සූත්ර වර්ණනා
සත්වැන්න ආදියෙහි - අට්ඨික සඤ්ඤා = අට්ඨිකං අට්ඨිකං යනුවෙන් (භාවනා) වඩන්නහුට උපන් සංඥාවයි. ඒ මෙය වඩන්නහුට යම්තාක්කල් නිමිත්ත නො උපදීද, ඒතාක් කල් සිවිය ද, සම (වෙත්ව) එළඹ සිටී. නිමිත්ත උපන් කල්හි වනාහි සිවිය සම ආදිය (එකට) එළඹ සිටී. සක්ගෙඩි පැහැති සුදු ඇට සැකිල්ලය යනුවෙන්ම එළඹේ, හෙවත් වැටහේ. ඇතුගේ කඳමතට නැගගත් දැහැමි තිස්ස රජුදෙස බලන සාමණේරයන්ගේ ද, ඉදිරි මඟෙහි සිනහසෙන ස්ත්රිය දෙස බලන තිස්ස තෙරුන්ගේ ද වැනි කථාවස්තු විශුද්ධි මාර්ගයෙහි දී විස්තර කරන ලද්දේය. සතිවා උපාදිසෙසෙති = ග්රහණය කර (ගැනීමෙන් පසු) ඉතිරි කොටසක් පවත්නා කල්හි
7-12. පුළවක සූත්ර වර්ණනා
පුළවක සඤ්ඤා = පුළවං පුළවං (පණුවෙකි, පණුවෙකි) යනුවෙන් භාවනා වඩන්නහුට උපන් සංඥාව විනීලක (ඉතා නිල්පැහැගත් මළ සිරුර) යන සංඥා ආදියෙහිද මේ පිළිවෙළම වේ. මෙහි විනිශ්චය කර ගැනීමේ කථාව වනාහී භාවනා පිළිවෙළ සමග විශුද්ධි මාර්ගයෙහි දී කියන ලදී, මෛත්රී ආදිය තුන්වන සතරවන ධ්යාන වශයෙන් දත යුතුය. උපේක්ෂාව සතරවන ධ්යානය වශයෙන්ම දත යුතුය.
8. නිරොධ වර්ගය
1-60. අසුභ සූත්ර වර්ණනා
අසුභ සඤ්ඤා = අසුභයෙහි ප්රථම ධ්යාන සංඥාව වේ. මරණ සඤ්ඤා = ඒකාන්තයෙන් මරණයට පත්විය යුතුය, මගේ ජීවිතය මරණය හා බැඳී පවතී යයි නිතර සිහි කරන තැනැත්තහුට උපන් සංඥාව ආහාරෙ පටික්කූල සඤ්ඤා = බත් පිට්ටු ආදිය ගිලිනවුන්හටම ඇතිවන පිළිකුල් සංඥාව සබ්බලොකෙ අනභිරත සඤ්ඤා = මුළු ලොවෙහිම නොඇලෙන බව උපදවන්නහුට උපදින සංඥාව. පහාණසඤ්ඤා විරාග සඤ්ඤා = මේ දෙකම භාවනාවෙහි පූර්ව භාගයට අයත් වේ. නිරෝධ සඤ්ඤා = අට්ඨික සඤ්ඤා ආදී මෙම කමටහන් විස්ස මිශ්රව ම දක්වන ලද්දේය. ඒවායේ නවයෙක්හි ධ්යානයන් වේ. එකොළොසක් ධ්යානයන්හි පූර්ව කෘත්යයන් වේ. මෙහි සෙසු විනිශ්චය කථාවන් විශුද්ධි මාර්ගයෙහි දැක්වේමය. ගංගා පෙය්යාල ආදිය (කෙටි කිරීම්) මාර්ග සංයුත්තයෙහි කියන ලද පිළිවෙලින්ම දතයුත්තේය.
බොජ්ඣඞ්ග සංයුත්ත වර්ණනාව නිමියේය.
3. සතිපට්ඨාන සංයුක්තය
1. අම්බපාලි වර්ගය
1. අම්බපාලි සූත්ර වර්ණනාව
සතිපට්ඨාන සංයුත්තයේ පළමු වැන්නෙහි - අම්බපාලිවනෙ = රූපය නිසා ජීවත් වන (වෛශ්යා ස්ත්රියක වන) අම්බපාලි නම් වූ තැනැත්තිය විසින් රෝපණය කරන ලද අඹවනයෙහි එය ඇයගේ උයන විය. ඕ තොමෝ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ප්රසන්න සිත් ඇතිව එහි විහාරයක් කරවා තථාගතයන් වහන්සේට පවරා දුන්නාය. ඒ සඳහා මෙය කියන ලදී. එකායනායං = එකායනො + අ = එකායනො එහි “එකායනො” යනු එකම මාර්ගයයි. එහි “මග්ග” යන්නට