10. ඡප්පාණක සූත්‍ර වර්ණනාව
දස වැන්නෙහි - අරුගත්තො = තුවාල ඇති සිරුර. ඒ තුවාල පැසවූ බැවින් පැසවූ සිරුර වේ. සරවණං = කටු ඇනීමෙන් වූ තුවාල එවමෙව ඛො = තුවාල වූ සිරුරක් ඇති පුරුෂයා මෙන් දුස්සීලවූ පුද්ගලයා දත යුතුය. පැඟිරි කටුවලින් සිදුරු වූ ද, කඩුපත් වැනි බට පත්වලින් කැපී ගියාවූ ද සිරුර ඇති ඔහුගේ දුක් දොම්නස් බොහෝය. ඔහු තමන්ගේ ද කටයුතු කරදෙන අයකුයයි සබ්‍රම්සරුන් විසින් කියනු ලැබේ. එබඳු වූ ඔහුට උපදින දුක දැනගත යුතුය.
ලභතිවත්තාරං = චෝදනා කරන්නකු ලබයි. එවං කාරී = මෙබඳු වෛද්‍ය කර්ම, දූත කර්ම ආදිය කරන තැනැත්තේ. එවං සමාචාරො = තුන් ආකාර වූ ගොදුරු ආදී වශයෙන්, මෙවන් ගොදුරු ඇත්තේ අසුචිගාම කණ්ටකො = “ශුද්ධය යන අරුතින් “අසුචි” නම් වේ. “ගම් වැසියන් හට “විදින” යන අරුතින් “කණ්ඛක” යනු “ගාම කණ්ටක” (හෙවත් ගමෙහි ඇති කටු) නම් වේ.
පක්ඛිං = ඇත් හොඩයක් වැනි හොටයක් ඇති ළිහිණි පක්ෂියා ඔස්සජ්ජෙය්‍ය = අත්හරින්නේය. ආවිඤ්ජෙය්‍යුං = අදින්නාහුය. පවෙක්‍ඛාමි = ඇතුල්වන්නෙමි. ආකාසං ඩෙස්සාමි = අහසට නගින්නෙමි.
මේ සර්ප ශරීරවලින් තලාවක් බැඳ නිදන්නෙමි යි තුඹසකට පිවිසෙනු රිසි වෙයි. කිඹුලා ඈත ගුහාවකට පිවිස නිදන්නෙමියි ජලයට පිවිසෙනු රිසි වෙයි. පක්ෂියා හිස් අහසෙහි සුවසේ හැසිරෙන්නෙමි යි අහසට පියාඹනු රිසි වෙයි. සුනඛයා අලු අවූස්සා උණුසුම ලබා ගනිමින් වැද හොවින්නෙමියි ගමට පිවිසෙනු රිසි වෙයි. සිවලා මිනීමස් කා පිට දිග හැර සයනය කරන්නෙමියි අමුසොහොනට පිවිසෙනු රිසිවෙයි. වඳුරු උස් රුකකට නැඟ දිසාවෙන් දිසාවට පනින්නෙමියි මහ වනයට පිවිසෙනු රිසි වෙයි.
අනු විධායෙය්‍යුං = අනුගමනය කරන්නාහ. අනු විධයෙසුං යයි ද පාඨයක් වේ. විධාන කිරීම අනුව පැමිණෙන්නාහ යන අරුතයි. හෙතෙම යම් තැනෙක යයිද, එහිම යන්නාහුය යයි කියන ලද්දේ වෙයි.
එවමෙව = මෙහි ප්‍රාණීන් සය දෙනා මෙන් (චක්ෂුරාදී) ආයතන සය දැක්විය යුතුය. දැඩි රැහැණ මෙන් තෘෂ්ණාව ද, මැද තතමෙන් අවිද්‍යාව ද දැක්විය යුතුය. යම් යම් අවස්ථාවන්හි අරමුණ බලවත් වෙයි ද එවිට ඒ ඒ ආයතනය ඒ ඒ අරමුණෙහි ඇලෙයි.
මේ උපමාව භාග්‍යවතුන් වහන්සේ සමාන ස්වභාවය අනුව හෝ ආයතනයගේ විවිධත්වය දැකීම් වශයෙන් හෝ ඉදිරිපත් කරති. එහි සමානත්වය අනුව වෙන් වෙන්ව ධ්‍යානය පිළිබඳව කළයුතු කාර්යයක් නැත්තේය. බුද්ධ වචනයෙහි (චක්‍ඛු විඤ්ඤාණ ආදී) අභ්‍යන්තරගත ආයතනයන්ගේ විවිධත්වය දැකීමෙන් ම මේ ධ්‍යානය වෙයි. සර්ප නම් වූ මේ (සත්ව) තෙමේ (ජලය) බැහැර ඉස සමතලා කළ ස්ථානයෙහි (විසීමට) කැමති නො වෙයි. කුණු දමන තැන්. තණකොළ ගැවසි හුඹස් ආදියෙහි පිවිස වැතිරුණු කල්හි කැමති වෙයි. එකඟ බවට පැමිණෙයි. මෙසේ විසම අදහස් ඇති මේ ඇසද සුමට තැන්හි මහාවර්ණවත් බිත්ති ආදියෙහි නො ඇලෙයි. බැලීමට ද නො කැමති වෙයි. රූප චිත්‍ර මල් වැල් ආදී විසිතුරු දෙයෙහි ම සිත අලවයි. යම් බඳු ස්ථානයන් (බැලීමෙහිදී) ඇස් ප්‍රමාණවත් නො වන විට මුඛයද අයා ගෙන බලනු රිසි වෙයි.
බැහැරට නික්මෙන කිඹුලා පවා ගතයුතු දෙය නො දකියි. ඇස් වසා ගෙන හැසිරෙයි. යම් කලෙක බඹ සියයක් පමණ වූ දියට බැස ගුහාවකට පිවිස වැතිරුණේ වේද එකල්හි උගේ සිත එකඟ වෙයි. සුවසේ නිදයි. මෙසේම විසම අදහස් ඇති, අහස හා ඇසුර ඇති මේ කණ ද කන්සිදුරු කෙරෙහිම අදහස් ඇති කර ගනියි. කන්සිදුරු තුළ වාසය හෙවත් ඇසුරම (සොත විඤ්ඤාණයේ) ශබ්ද ඇසීමෙහි හේතුව වෙයි. අජටාකාශයද එයට හේතුව වෙයි. ගුහාවක් තුළ සජ්ඣායනාවක් කරනු ලබන කල්හි ගුහාවෙහි ආවරණය බිඳ ශබ්දය තමා ම පිටතට නික්මෙයි. දොර ජනෙල් ආදියේ සිදුරුවලින් වුව ද නික්මී (පඨවි, ආපෝ ආදී) ධාතූන් හා පිළිවෙළින් ගැටෙමින් පැමිණ කණෙහි ඉන්‍ද්‍රිය ශක්තිය හා ගැටෙයි. ඉක්බිති ඒ අවස්ථාවෙහි අසුවල් දෙය සජ්ඣායනා කෙරෙන්නේ යයි ගුහාවෙන් බැහැර සිටින්නෝ දැන ගනිති.
මෙසේ ඇති කල්හි “සම්පත්ත ගොචරතා” නම් කුමක්ද යත් :- යම් සේ දුරින් බෙර ආදියෙක හඬ පවත්නා කල්හි එය දුරින් ආ හඬකැයි යන දැන ගැනීම සිදු වෙයි. හඬක් නො ඇසේ නම් දැන ගැනීමක් සිදු නො වේ. ශ්‍රවණ ශක්තියෙහි (හඬක්) ගැටුණ කල්හි ඒ හඬ පවතිනුයේ දුරෙහිද, ආසන්නයෙහිද, එතෙරෙහිද මෙතෙරෙහි ද යනුවෙන් ඒ ඒ අයුරින් දැන ගැනීම සිදුවෙයි. ස්වභාවය මෙයයි. මේ ස්වභාවයෙන් සිදුවන්නේ කුමක් ද? යම් යම් තැනෙකින් සිදුරක් වේද, ඒ ඒ තැනින් හඬ ඇසෙයි සඳ හිරු ආදීන්ගේ දර්ශනය වීම මෙනි” අසම්පත්ත ගොචරං” (හෙවත් ඉන්‍ද්‍රිය ශක්තිය වෙත ගෝචර නො පැමිණි බව) යන මෙය මෙසේ දත යුතුය.
යම් කලෙක ගසා දැමු ගල් කැටයක් වැටෙන දුර මෙන් දුර ප්‍රමාණයන් එකක් හෝ දෙකක් තුළ ගසක් මත හෝ පොළව මත විසීමට රුචි නොවන පක්ෂියා ගල වැටෙන දුර ප්‍රමාණය ඉක්මවා අහසට නගින්නේ වෙයි ද එකල්හි (ඒ පක්ෂියාගේ සිත) එකඟතාවයට පැමිණෙයි. මෙසේ ම නැහැය ද අහස (හෙවත් වාතය) තුළ (පඨවි ආදී) ධාතුන් ඇසුරු කොට ගන්ධය සොයමින් හැසිරේ. (කවරකු මෙන් ද යත්) නව වැස්සෙන් හටගත් තණ බිමෙක හැසිරෙන ගවයන් බිම ආඝ්‍රාණය කොට අහසට යොමු වී වාතය උරා ගන්නාක් මෙනි. ඇඟිලිවලින් සුවඳපිඩක් ගෙන වුව ද සිඹිනා කල්හි වාතය ඇද ගැනීමක් සිදු නොවේ නම් එහි ගඳ සුවඳ දැනගත නො හැකිවේ.
බැහැර තැන්හි හැසිරෙන සුනඛයා ද ආරක්ෂාවක් නො ලබයි. ගල් කැට මුගුරු ආදියෙන් (පහර ලබා) උවදුරු විදින්නේ වෙයි. ඇතුළුගමට ගොස් උදුනක් ඇති තැනෙක අලු විසුරුවා වැතිරුණ ඌට පහසුවක් දැනෙයි. මෙසේම දිව ද ආපෝ ධාතුව ආශ්‍රිතව රසය අරමුණු කොට පවතියි. එසේ ම තුන්යම් රැය මහණ දම් කොට උදෑසන පා සිවුරු ගෙන ගමට යා යුතු වෙයි. කෙළවලින් නොතෙමුණ වියලි ආහාරවල රසය දැන ගැනීමට ද නො හැක.
බැහැර හැසිරෙන සිවලා සතුටක් නො විඳියි. අමු සොහොනෙහි මිනීමස් කා ලැග්ගාවූ ඌට පහසුවක් දැනෙයි. මෙසේම ශරීරය ද මමත්වයෙන් ගන්නා ලද පඨවි ධාතු ආශ්‍රිත ස්පර්ශය අරමුණු කොට ඇත්තේය. එසේ ම මමත්වයෙන් ගතයුතු අන්දෙයක් නො ලබන්නා වූ සත්ත්වයෝ තමාගේම අත්ල මත හිස තබා නිදා ගනිත් පඨවි ආරම්මණ ගැනීමේදී ආධ්‍යාත්මික හා බාහිර කරුණු ඔහුට හේතු වේ. මනා කොට ඇතිරිලි ආදිය දැමු සයනයක යටින් පිහිටි ලෑලිවල හිඳනොගන්නා අයකුට හෝ ඔබා බැලීමක් නො කරන අයකුට හෝ එහි තද නොහොත් මොලොක් බව දැන ගැනීමට නො හැක්කේය. මෙය ස්පර්ශයෙන් දැන ගැනීමෙහිදී ආධ්‍යාත්මික වූ ද, බාහිර වූ ද පඨවි ධාතුව හේතුව වන්නේය.
වඳුරෙක් වුවද බිම හැසිරෙනුයේ සතුටට පත් නොවේ. රියන් සියගණන් උස ඇති ගසකට නැගී කරුවක් මත හිඳ දිසා අනු දිසා බලන්නා වූ ඌට පහසුවක් දැනෙයි. මෙසේ ම මනස ද විවිධ චිත්ත ස්වභාවයන් ඇතිව භවාංගයට හේතු වූයේ වෙයි. පෙර දැක ඇති නානා අරමුණු කෙරෙහි අදහස් ඇතිකර ගන්නේ ද වෙයි. එයට (රූපාදී අරමුණු නොගත්) මුල් සිතම හේතු වෙයි. මෙය මෙහි සංක්ෂේපයයි විස්තර වශයෙන් වනාහී ආයතනයන්ගේ විවිධත්වය විශුද්ධි මාර්ගයේ ආයතන නිර්දේශයෙහි කියන ලද්දේමය.
තං චක්‍ඛුනා නාවිඤ්ජති = ශරීරය කෙරෙහි පිහිටුවා ගත් සිහිය නමැති කණුවෙහි බැඳුණ තෘෂ්ණා නමැති රැහැන්හි ද, (ඇස් ආදී) ආයතන නමැති ප්‍රාණීන් කෙරෙහි ද බැඳීමක් නැති බවට පැමිණි බැවින් ඇලී ගැලී පිහිටීමක් නැතැයි යනුවෙන් මේ සූත්‍රයෙහි විදර්ශනාවේ පුර්ව භාගයම කියන ලදී.
11. යවකලාපී සූත්‍ර වර්ණනාව