11. යවකලාපී සූත්ර වර්ණනාව
එකොළොස් වැන්නෙහි - යවකලාපී = දෑ කැත්තෙන් කපා තබන ලද යව (හෙවත් බාර්ලි නම් ධාන්ය) මිටිය. බ්යාතඞ්ගි හත්ථා = කද ගත් අත් ඇති. ඡහි බ්යාභඞ්ගීහි හනෙය්යුං - ඒ සය දෙනා යව කපා මලුවල පුරවා රැගෙන ගිය කල්හි වෙනත් සත්වැන්නෙක් පැමිණෙන්නේ ය. සුහත තරා අස්ස = යම් කිසි බොල් වූ ප්රමාණයක් හෝ එහි ඉතිරි වී ඇත්නම් එය ලබා ගැනීම සුදුසු යයි (කියා) ගෙන යන ලදී.
එවමෙව ඛො = මෙහි සතර මං සන්ධිය මෙන් (ඇස් ආදී) ආයතන සය දැක්විය යුතුය. සතර මං සන්ධියෙහි තබන ලද යව ධාන්ය කරල් මිටිමෙන් සත්ත්වයා ද, කත් ගෙණ යන්නන් සය දෙනා මෙන් ඉෂ්ට, අනිෂ්ට, මධ්යස්ථ වශයෙන් අටළොස් අරමුණු ද දැක්විය යුතුය. කද ගෙනයන සත්වැන්නා වශයෙන් භවයක් ප්රාර්ථනා කරන කෙලෙස් දැක්විය යුතුය. සතර මං සන්ධියෙහි තබන ලද යව ධාන්ය මිටි කත් දරන්නන් සය දෙනා විසින් වනසනු ලැබේද, මෙසේ ම සත්ත්වයෝ අටළොස් අරමුණු නමැති කටුවලින් ආයතන සයට පීඩා කරත්. යම් සේ සත්වැන්නා විසින් දැඩි ලෙස වනසනු ලැබේ ද, භවය මුල් කොට ඇති දුක අනුභව කරන සත්ත්වයෝ භවප්රාර්ථනා කෙලෙසුන් විසින් දැඩි ලෙස විනාසයට පත් කරනු ලැබෙත්
දැන් ඔවුන් හට එම භව ප්රාර්ථනා ක්ලේශයන් දක්වනු පිණිස භූතපුබ්බං භික්ඛවෙ යන ආදිය වදාළහ. එහි සුධම්මං දෙව සභං යනු සුධර්මා නම් දේව සභාවෙහි බිම පිහිටි දොර යන අරුතයි. ධම්මිකා ඛො දෙවතා = මේ දෙවියෝ නම් ධාර්මිකයෝ ය. “දෙවියන් විසින් මා වැනි අසුර නායකයකු අල්වා ගෙන ද මා හට සුලු ව්යසනයක් හෝ නො කරන ලදී” යන දේ කරුණ සඳහා කියයි. අධම්මිකා දෙවා = මේ දෙවිවරුන් මා වැනි අසුර නායකයකු අසුචි තැවරුණ වල් ඌරකු මෙන් (දෑත්, දෙපා හා ගෙල යන) කණ්ඨ පඤ්චම බන්ධනයෙන් බැඳ හිඳුවා තබන බැවින් මේ දෙවියෝ නම් අධාර්මිකයෝය. එවං සුඛුමං ඛො භික්ඛවෙ වෙපචිත්ති බන්ධනං = එය වනාහි නෙළුම් දඬුවක නුලක් මෙන් ද, මකුළු දැලක නූලක් මෙන් ද සියුම් වෙයි. වෑයෙන් හෝ පොරවෙන් හෝ එම නූල් සිඳ දැමිය නො හැක. සිතෙන් ම උපදී, සිතෙන් ම නැති වේ යන මතයන් නිසා ඒවාට “වෙපචිත්ති බන්ධන” යයි කියනු ලැබේ.
තතො සුඛුම තරං මාර බන්ධනං = මෙය ක්ලේශ බන්ධනයක්ම වෙයි, එයට වඩා සියුම් දෙයක් ඇස් ඉදිරි පිටට හමු නොවේ. ඉරියව් නො වළක්වන්නේ ය. එයින් හෙවත් කෙලෙස් බැම්මෙන්) බැඳුණ සත්ත්වයෝ පොළව තලයෙහි වේවා, අහසෙහි හෝ වේවා යොදුන් සියයක් හෝ යොදුන් දහසක් හෝ වේවා යන්නෝ ද එන්නෝ ද වෙති. සිඳී බිඳී යන්නා වූ මෙය (හෙවත් කෙලෙස් බැම්ම) වනාහී ඥාන ශක්තියෙන් සිඳෙයි, අනෙකකින් නොවේ. (කෙලෙස්) බැම්ම නුවණින් ම බිඳුණේ යයි ද කියනු ලැබේ.
මඤ්ඤමානො = තෘෂ්ණා, දෘෂ්ටි, මාන ආදී වශයෙන් ස්කන්ධයන්හි සිත යොදන්නෝ බද්ධො මාරස්ස = මාර බන්ධනයෙන් බැඳුණේ. (“මාරස්ස” යන) මෙය කරණ විභක්ති අර්ථයෙහි සම්බන්ධ විභක්තියට අයත් වචනයක් ලෙස ද පවතී. (ඒ අනුව) ක්ලේශ මාරයා නිසා බැඳී ඇත්තේය යන අර්ථය ද වේ. මුත්තො පාපිමතො = මාරයාගේ බන්ධනයෙන් මිදුණේ. මෙහි “පාපිමතො” යන මෙම සම්බන්ධ විභක්ති වචනය “පාපිමතා” යනුවෙන් කරණ විභක්තික වචනයක් ලෙස ද පැවතිය හැක. එවිට කෙලෙස් බැම්මෙන් මිදුනේය යන අදහස ලැබේ.
රස්මි යන පදයෙන් තෘෂ්ණා හැඟීම් ඇත්තේ යයි කියන ලදී. අයමහමස්මි = දෘෂ්ටිමය හැඟීම් ඇත්තේ භවිස්සං = සදා කාලිකය යන දෘෂ්ටිමය හැඟීම ඇත්තේය. නභවිස්සං = උච්ඡේද (හෙවත් නැවත ඉපදීමක් නැත යන) දෘෂ්ටිය වශයෙන් රූපී = යන ආදිය ශාස්වත (හෙවත් සදා කාලිකය යන) වාදයේ ප්රභේද පැහැදිලි කරයි. තස්මා = යම් හෙයකින් සිතන ලද ආබාධය ඇතුළතින් කපා ඉවත් කළ යුත්තක් සේ හැඟේ නම් රෝගය සිරුරෙහි ගෙඩියක් හෝ ඇනුණ උලක් විය හැක. එයින් කම්පනය ආදිය ද සිදු වේ. යම් හෙයකින් මේ කෙලෙස් වලින් සත්ත්වයෝ කැළඹෙත් ද, කම්පනයට පත් වෙත් ද, ප්රමාදයට පත්වෙත් ද මේ සියලු ලක්ෂණයන් එකතු වූ ආකාරයකට පැමිණෙත් ද එහෙයින් ඔවුන්ගේ ස්වභාවය පෙන්වීම පිණිස කියන ලද්දේ වෙයි.
“මානගතවාරෙ” යන මෙහි මානස්ස ගතං “මාන ගතං” යි පද සිද්ධිය වේ. “මානය පවතී” යන අරුතයි. මා නොයෙව “මානගතං” යී ද පදසිද්ධිය වේ. (මානගතං = මානය) ගුථගතං (= අසුචි), මුත්තගතං (මුත්ර) යන පදයන් මෙනි. එහි “අස්මි” යන මෙය තෘෂ්ණාවෙන් යුක්තව පවතී යන අදහස වශයෙන් කියන ලදී. “අයමහමස්මි” (මේ මම යනුවෙන් අයෙක් සිටී) යනු දෘෂ්ටියක් වශයෙන් සලකා ගත යුතුය. දෘෂ්ටියකින් යුක්ත නො වේ නම් මානය නැත්තේ ද? එසේය, නැත්තෝය. මානය ප්රහීන නොවූ බැවින් දිට්ඨි (දෘෂ්ටි) නම් වේ. මානය මුල් කොට ඇති දෘෂ්ටිය සඳහා මෙය කියන ලදී. සෙස්ස සියලු තැන්හි පහසු වන්නේ ම ය.
ආසීවිස වර්ගය නිමියේය.