1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා
ඔක්කන්තික සංයුත්තයේ - “අධිමුච්චති” යනු ශ්‍රද්ධාවෙන් විමෝක්‍ෂය ලබයි යනුයි. “ඔක්කන්තො සමත්තනියාමං” යනු ආර්ය මාර්ගයට පිවිසි යනුයි. “අභබ්බො ච තාව කාලං කාතුං” යනු මෙය උපන් මාර්ගයේ ඵලයට අනතුරුව දක්වයි. උපන්නා වූ මාර්ගයෙහි ඵලයට අනතුරක් කිරීමක් නම් නැත. එලෙසින්ම - “මේ පුද්ගලයා සෝවාන්ඵල සාක්‍ෂාත් කිරීමට පිළිපන්නාහු. මේ කල්පයේ දැවෙන වේලාවෙහිදී. යම්තාක් මේ පුද්ගලයා සෝවාන්ඵලය සාක්‍ෂාත් නොකරයිද ඒතාක් කල්පය නොදැවේමැයි. මෙය පුද්ගල ස්ථිතකල්පී යැයි කියනු ලැබේ.a “මත්තසො නිජ්ඣානං චමන්තී” යනු ප්‍රමාණ වශයෙන් බැලීම ඉවසයි යනුයි. සෙසු පද අර්ථ ප්‍රකටය.
ඔක්කන්ති සංයුත්තය නිමියේය.
5. උප්පාද සංයුක්තය
1. උප්පාද වර්ගය
1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා
උප්පාද සංයුත්තයේ සියලු පදයන්ගේ අර්ථ-විස්තර ප්‍රකට වේ.
උප්පාද සංයුත්තය නිමියේය.