5. උප්පාද සංයුක්තය
1. උප්පාද වර්ගය
1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා
උප්පාද සංයුත්තයේ සියලු පදයන්ගේ අර්ථ-විස්තර ප්‍රකට වේ.
උප්පාද සංයුත්තය නිමියේය.
6. කිලෙස සංයුක්තය
1. කිලෙස වර්ගය
1-10. චක්ඛු ආදි සූත්‍ර වර්ණනා
කිලෙස සංයුත්තයේ - “චිත්තස්සෙසො උපක්කිලෙසො” යනු කවර සිතක ද? චතු (සිවු)භූමික චිත්තයාගේයි. ත්‍රෛභූමික සිත්වල හැර ලෝකෝත්තර සිතේ කෙසේනම් ක්ලේශ පහළවීමක් සිදුවේද? උපත වැළැක්වීම් වශයෙනි. එයද ඊට ඉපදීමට නොදීම් වශයෙන් කෙලෙසීමක් වේයැයි දතයුතුයි. “නෙක්ඛම්මනින්නං” යනු නව ලෝකෝත්තර දහමට නැමුණු යනුයි. “චිත්තං” යනු සමථ විදර්ශනා සිතයි. “අභිඤ්ඤා සච්ඡිකරණීයෙසු ධම්මෙසු” යනු ප්‍රත්‍යවේක්‍ෂණ ඥානයෙන් මනාව දැන සාක්‍ෂාත් කළයුතු ෂඩ් අභිඤ්ඤා ධර්මයන්හි එක ධර්මයක් හෝ ගැනීමෙන් නික්මීම යැයි ගතයුතුයි. සෙසු පදයන්ගේ සියලු අර්ථ ඉතා ප්‍රකටය.
කිලෙස සංයුත්තය නිමියේය.