8. ඡන්න සූත්ර වර්ණනාව
අටවන සූත්රයේ “ආයස්මා ඡන්නො” යනු තථාගතයන් වහන්සේ සමග එම දින උපන්, මහභිනික්මන් කරන දවස්හි එක්ව රජගෙයින් නික්මුණු, නැවත මෑත පසුකාලයේදී උන්වහන්සේ ළඟ පැවිදි වී “බුදුරජ මගේය”, “ධර්මය මගේය” යනුවෙන් සිතන පතන, මෙසේ ගුණමකු වූ එමෙන්ම අනුන්ගේ දොස් කියන්නෙකු වූ, සබ්රහ්මචාරීන්ට පරුෂ වදනින් ගැටුම් ඇතිකරන්නා වූ තෙරුන් වහන්සේය. “අවාපුරණං ආදාය” යනු යතුර ගෙන යනුයි. “විහාරෙන විහාරං උපසංකමිත්වා” යනු එක් විහාරයකට පිවිස ඉන් තව විහාරයකට, ඉන් තව විහාරයකට ආදී වශයෙන් ඒ ඒ විහාරයෙන් ඒ ඒ විහාරයට පැමිණ “එතදවොච-ඔවදනතුමං” කුමක් නිසා මෙසේ මහත් වූ උත්සාහයෙන් ඒ ඒ තැනට ගොස් මෙසේ කීවේද? උපන් සංවේග ඇති බැවිනි. ඔහුට ශාස්තෲන් වහන්සේ පිරිනිවි කල්හි, ධර්ම සංග්රාහක තෙරුන් විසින් යැවූ ආයුෂ්මත් ආනන්ද හිමියෝ කොසබෑවට ගොස් බ්රහ්මදණ්ඩනය පැනවූහ. ඔහු බ්රහ්මදණ්ඩනය පැනවූ කල්හි හටගත් පිරිතැවීම් ඇතිවී සිහිවිසංඥව වැටී, නැවත සිහිලැබ-නැගිට එක් භික්ෂුවක් සමීපයට ගියේය. එම භික්ෂුව ඔහුත් සමග කිසිවක් කථා නොකළේය. වෙනත් භික්ෂුවක් ළඟට ගිය විට ද ඡන්න සමග උන්වහන්සේද කථා නොකළ සේක. තවත් භික්ෂුවක් ළඟට ගියේය. ඔහුද කථා නොකළේය. මෙසේ මුලු විහාරය පුරාම සිටි භික්ෂූන් ළඟට ගියත්, පිළිතුරක් නොලැබ කළකිරුණේ පාත්ර සිවුරු ගෙන බරණැසට අවුත් උපන් සංවේග ඇතිව ඒ ඒ තැන යමින් මෙසේ පැවසුහ.
“සබ්බෙ සංඛාරා අනිච්චා” යන සියලු ත්රෛභූමික සංස්කාරයෝ අනිත්යයහ. “සබ්බෙ ධම්මා අනත්තා” යනු සියලු සිවුභූමික ධර්මයෝ අනාත්මය හ. මෙසේ ඒ සියලු ම භික්ෂූහු තෙරුන්ට අවවාද දෙමින් අනිත්ය හා අනාත්ම ලක්ෂණ දෙක පමණක්ම පැවසූහ. දුක්ඛ ලක්ෂණය පිළිබඳව කිසිවක් නො පැවසූහ. කුමක් නිසාද? උන්වහන්සේලාට මෙසේ සිතුණු බැවිනි. “මේ භික්ෂුව නිතර වාද කරන්නෙකි. දුක්ඛ ලක්ෂණය පෙන්වාදෙන කල්හි රූපය දුකයි -පෙ- විඤ්ඤාණය දුකයි, මාර්ගය දුකයි, ඵලය දුකයි යනුවෙන් ගන්නා නුඹලා දුකට පත් භික්ෂූහු යැයි අවබෝධ කරගන්නේය. මොහුට එසේ වැරදි අවබෝධයක් ගත නොහැකි සේ නිර්දෝෂ වූම පිළිතුරක් මොහුට දෙන්නෙමු”යි ලක්ෂණ දෙක පමණක්ම දෙසූහ.
“පරිතස්සනා උපාදානං උප්පජ්ජති” යනු තැති ගැනීමත් දැඩිව අල්ලා ගැනීමත් උපදියි. ඇතිවේ යනුයි. “පච්චුදාවත්තති මානසං අථකො චරහි මෙ අත්තා” යනු ඉදින් රූපාදියෙහි තනිව ගත්තත් ආත්මයක් නැත. ඉක්බිති “මේ මගේ ආත්මයද?”යි මගේ සිත පෙරලෙයි යනුයි. මේ තෙරුන් වහන්සේ වනාහී ප්රත්ය පරිග්රහණය නොකොට විදර්ශනාවෙහි සිත පිහිටුවීය. ඒ මේ දුර්වල විදර්ශනාව ආත්මග්රාහීව සිටීමට නොහැකි වෙති. සංස්කාරයන් ශුන්ය වශයෙන් වැටහෙන කල්හි “නැසෙන්නෙමි. වැනසෙන්නෙමි”යි උච්ඡේද දෘෂ්ටිය මෙන්ම පිරිතැවීම ද ප්රත්ය හේතු වේ. ඔහු ද තමා ප්රපාතයේ වැටෙන්නෙකු මෙන් දැක “පිරිතැවීමෙන් උපාදානය උපදියි. මාගේ කුමක් වූ මාගේ ආත්මය හැසිරේ දැයි සිත පෙරළෙයි” යනුවෙන් පැවසීය.
“නඛො පනෙවං ධම්මං පස්සතො හොති” යනු චතුරාර්ය සත්ය ධර්මය දකින්නහුට මෙසේ නොවේ. “තාවතිකා විස්සට්ඨි” යනු එපමණ විශ්වාසයක් ඇත යනුයි. “සම්මුඛාමෙතං” තෙරුන් වහන්සේ ඔහුගේ වචනය අසා “කෙසේ මොහුට සුදුසු වූ ධර්ම දේශනාවක් පවත්වම්ද?”යි සිතමින් ත්රිපිටක බුදුවදන විමසා බලා “කච්චාන සූත්රය” තෝරාගත්හ. මෙය මුලසිටම දෘෂ්ටීන් ලිහා පැහැදිලි කරමින් මැදදී බුදුබලය ප්රකට කර ඉතා සියුම් ප්රතීත්ය සමුත්පාදය ප්රකාශවන ගමනක් (දේශනාව) මොහුට දෙසන්නෙමියි දක්වනුයේ “සම්මුඛාමෙතං” යනාදිය පැවසූහ.
අටවන සූත්රයයි.
9-10. පළමුවැනි රාහුල ආදි සූත්ර වර්ණනා
නවවන හා දසවන සූත්ර රාහුල සංයුත්තයේ පැවසූ පරිදිම දතයුතුයි. හුදෙක් මෙම සූත්ර “ථෙර වර්ගය” යැයි නම් වූ බැවින් මෙහි ඇතුලත් කරන ලදි.
සතරවන ථෙර වර්ගයයි.
5. පුප්ඵ වර්ගය
1. නදී සූත්ර වර්ණනාව
පුප්ඵ වර්ගයේ පළමු සූත්රයේ - “පබ්බතෙය්ය” යනු පර්වතයේ පවතින යනුයි. “ඔහාරිණි” යනු නදී ප්රවාහයට වැටුණු වැටුණු තණපත්, කටුකබල් ආදිය පහළට ගෙනයන යනුයි. “දූරංගමා” යනු වැටුණු තැන් සිට යොදුන් සතරක් පහක් ගහගෙන යන යනුයි. “සීසසොතා” යනු සැඩ දියපහරකි. “කාසා” ආදී සියල්ල තෘණ ජාතීහුය. තණ වර්ගයි. “රුක්ඛා” යනු එරඬු ආදී දුර්වල ගස් වර්ගයන්ය. “තෙ නං අජ්ඣො ලම්බෙය්යුං” යනු එම ගස් ගංගා තීරයේ වැවී අග නැමෙමින් දියෙහි ස්පර්ශ වන පරිදි දැඩි සේ එල්බගෙන ඇත. මත්තෙහි එල්ලී සිටී යන අර්ථයි. “පලුජ්ජෙය්යුං” යනු මුලත් සමගම හිසේ වැටෙන්නේය යනුයි. එම ගස් පඳුරු වසා පැතිරගත් වැලි-මඩ ආදිය එම පුරුෂයාගේ මුවෙහි පිවිස, මහත් විනාසයක් ඇතිකරන්නේය.