5. නගර සූත්ර වර්ණනාව
පස්වන සූත්රයේ “නාමරූපෙ ඛො සති විඤ්ඤාණං” යන මෙහි සංස්කාරයන් ඇති කල්හි විඤ්ඤාණය ද අවිද්යාව ඇති කල්හි සංස්කාරයන්ද ඇතිවේයැයි කිවයුතු වන්නේය. එම දෙකම මෙහි නොපැවසුණි. කුමක් නිසාද? අවිද්යා සංස්කාර දෙක වනාහි භවයට තෙවැනි හේතූන් වේ. ඒවා සමග මේ විදර්ශනාව නොගැටෙයි. මහා පුරුෂයා වනාහි වර්තමාන පඤ්චවෝකාර වශයෙන් ඇතුලට බැස සිටියි.
අවිද්යා සංස්කාරාදිය නොදක්නා කල්හි බුදුවීමට නොහැකිද? සත්ය වශයෙන්ම නොහැක. දැන් ඒ භව, උපාදාන, තණ්හා වශයෙන් එම තුන දක්නා ලද්දේමය. ගොයෙකු පසුපස එළවාගෙන යන පුරුෂයා ඌ ළිඳට පිවිසෙනු දැක, ඊට බැස ඌ ගියතැන දක්වා සාරා ගොයා අල්ලාගෙන යයි. ඉතිරි කොටස නොසාරයි. කුමක් නිසාද? එහි කිසිවක් නොමැති බැවිනි. මෙසේ මහා පුරිස බෝධිසත්වයෝ ද ගොයා ලුහුබැඳ ගිය පුරුෂයා මෙන් බෝමැඩ හුන් සේක් ජරාමරණ දෙකෙහි සිට “මෙයින් මේ ප්රත්ය ඇතිවේ”, “මෙයින් මේ ප්රත්යය ඇතිවේ” යැයි පරීක්ෂාකර බලා නාමරූප ධර්ම ප්රත්ය දුටු පසු; ඊටද හේතුව සොයා බලනුයේ විඤ්ඤාණය දුටුසේක. ඉක්බිති මෙපමණකින් පඤ්චවෝකාර භව වශයෙන් විමසා බලන වාරය හෙයින් විදර්ශනා කිරීම නතරකළ සේක. ගොයා ගත් පසු හිස්වූ ළිඳ නැවත නොබිඳී මැවීමෙන් අවිද්යා සංස්කාර දෙක තිබියදීත්, ඒ දෙකට මත්තෙන් පැවති විඥාණයම විදර්ශනාවෙන් ගත් බැවින් එම දෙක මෙහිදී වෙන් වෙන් වශයෙන් නොදක්වන ලදැයි දත යුතුයි.
“පච්චුදා වත්තති” යනු නැවත හැරෙයි. මෙහි විඤ්ඤාණය ඇති තැනින් ආපසු හැරී යනුයේ කුමක් නිසාද? ප්රතිසන්ධි විඤ්ඤාණය ද විදර්ශනා ඤාණය ද නිසයි. එහි ප්රතිසන්ධි විඤ්ඤාණය ප්රත්ය වශයෙන්ද විදර්ශනා විඤ්ඤාණය අරමුණු වශයෙන් ද නැවත හැරෙයි. මේ දෙක ම නාමරූප අතික්රමණය නොකරයි. නාමරූපයගෙන් එහාට නොයයි. “එත්තාවතා ජායෙථ වා” යනාදියෙහි විඤ්ඤාණය නාමරූපයන්ට ප්රත්යවන කල්හිද නාමරූප විද්ඤාණයට ප්රත්යවන කල්හි ද මේ දෙකම අන්යෝන්ය වශයෙන් ප්රත්ය වන කල්හිද මෙපමණකින් හටගනිවු, උපදිවු යනුයි. මෙයින් මත්තෙහි හටගත යුත්තක් හෝ ඉපදිය යුත්තක් නැත.
මෙලෙස භවයෙන් භවයට යන චුති ප්රතිසන්ධිය සමග පදපහ දක්වා නැවත එය මෙපමණක්මයැයි මුලින් කී අර්ථය ම පවසනුයේ “යදිදං නාමරූප පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං”යි දේශනා කර, අනතුරුව අනුලෝම ප්රත්යකාර වශයෙන් විඤ්ඤාණ ප්රත්යයෙන් ඇතිවන නාමරූප මූලික වූ අනාගත ජරාමරණයන් දැක්වීමට, “නාමරූප පච්චයා සළායතනං” යනාදිය දේශනා කළ සේක.
“අඤ්ජසං” යනු මාර්ගයට ම යෙදුණු තවත් නමකි. “උද්දාපං” ජලයෙන් උස්ව නැගුණු බැවින් “උද්දාපං” යනු වහර ලත් ප්රාකාර වස්තූන්ගෙන් සමන්විත “රමණීයං” යනු හාත්පස සිවු දොරටු අතරෙහි නානාවිධ භාණ්ඩ නම් සම්පතින් අලංකාර වූ “මාපෙහි” යනු මහජනයා යවා වාසය කරවන්නෙහිය. “මාපෙය්ය” වාසය කරවන්නේ ය. එයද පළමුව දහඅට කෙළක් ජනයා යවා “සම්පූර්ණ වූයේද?”යි අසා “තවම නැත”යි පැවසූ විට, තවත් කුල පහක් යවයි. නැවත විචාරා “අසම්පූර්ණ” බව දැන තව කුල තිහක් යවයි. නැවත විචාරා “අසම්පූර්ණ බව” දැන, තවත් කුල දහසක් ද, නැවත කුල එකොළොස් නහුතයක් ද නැවත කුල අසූ හතරක් ද යවයි. මෙසේ වාර කිහිපයක් ම යවා, “දැන් නුවර සම්පූර්ණද?”යි ඇසූ රජුට, “මහරජ! කුමක් කියයිද? ඉතා විශාල වූ නගරයේ කිසිදු බාධාවක් නැත. මෙලෙස කුලයන් යවා පිරවිය නොහැක. අඬබෙර හසුරුවා “අසුවල් නුවර මේ මේ සම්පත්වලින් පරිපූර්ණය. යමෙක් එහි විසීමට කැමතිනම් සැපසේ එහි යෙත්වා. ඔවුන්ට මේ මේ ආරක්ෂා විධි ලැබෙන්ය”යි නගර වර්ණනාවක්, ලැබෙන ලාභ ප්රයෝජනත් පවසන්නේ නම් මැනවි.”යි නගරාරක්ෂක පුරුෂයා කීවේය. රජු එසේ කළ කල්හි, මිනිස්සු නගරයේ ගුණත්, පරිහාර ලාභයනුත් අසා සැම දිසාවකින්ම රැස්ව නගරය පිරවූහ. ඉන්පසුව එනුවර ජනයාගෙන් සම්පූර්ණ වූයේ වෙයි. එනිසා “තදස්ස නගරං අපරෙන සමයෙන ඉද්ධං චෙව පීතං ච” යනාදිය පවසන ලදී.