9. දෙවැනි චෙතනා සූත්ර වර්ණනාව
නවවන සූත්රයේ - විඤ්ඤාණ හා නාමරූප දෙක අතර එක් සන්ධියකි. වේදනා හා තණ්හා දෙක අතර එක් සන්ධියකි. භව හා ජාති දෙක අතර එක් සන්ධියකි. මෙසේ සන්ධි තුනකි.
නවවන සූත්රයයි.
10. තෙවැනි චෙතනා සූත්ර වර්ණනාව
දසවන සූත්රයේ - “නති” යනු තණ්හාවයි. ඒ තණ්හාව වනාහී ප්රිය රූපාදියෙහි නැමෙන බැවින් ‘නති’ යැයි කියනු ලැබේ. “අගතිගති හොති” යනු පැමිණීමෙහි “ගමන” (ගති) වේ. කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පැමිණි කල්හි, එළඹ සිටි කල්හි ප්රතිසන්ධි වශයෙන් විඥාණයට “යෑම” වේ. “චුතුපපාතො” යනු මෙසේ විඤ්ඤාණය ප්රතිසන්ධි විෂයට පැමිණි කල්හි, පැමිණි කල්හි “චුති” යන වචනය යෙදේ. එහි ඉපදීම් සංඛ්යාත වූ “උප්පාතො” (ඉපදීම) යන වචනය යෙදේ. ඒ දෙක එකතු වී මේ “චුතූපපාත” යන වචනය සැකසේ නම් වේ. මෙසේ මෙම සූත්රයෙහි තණ්හාවට ද (නතියා) අරමුණෙහි විඥානය පැවතීමට ද (අගතිගතියා) අතර එකම සන්ධියක් කියන ලදී.
දසවන සූත්රයයි.
සතරවන කළාරඛත්තිය වර්ගය නිමාවිය.
5. ගහපති වර්ගය
1. පඤ්චභයවෙර සූත්ර වර්ණනාව
ගහපති වර්ගයේ පළමු සූත්රයෙහි “යතො” යනු යම් කලෙකයි. “භයානි වෙරානි” යනු භය, වෛර, චේතනාදියයි. “සොතාපත්තියංගෙහි” යනු දෙවැදෑරුම් සෝවාන් අංගයන්ය. යමක් පූර්වභාග සෝවාන්ඵල ප්රතිලාභය පිණිස පවතියි. ඒවා සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්රතිපත්තියම”යැයි පැමිණියේය. ලබන ලද ගුණ ඇතිව සෝවාන් ඵලයට පැමිණ සිටියහුගේ යම් අංගයක් වේනම් එය ද ‘සෝතාපන්නයාගේ අංගය’ යැයි කියයි. බුදුරදුන් කෙරෙහි අචල ප්රසාදයක් ඇත්තවුන්ට මේ තවත් වචනයකි. මෙය මෙම සූත්රයේ දී අදහස් කරන ලදී. “අරියො” යනු දෝෂ නොමැති බවයි. දෝෂාරෝපණ නොමැති බවයි. “ඤායො” යනු හේතුවකින් හටගත් බව දැන යනුයි. ඨිති ඤාණය ද පටිච්ච සමුප්පාදය ද දැනගත් යනුයි. එහෙයින් කියන ලදී. “ඤායො” යනු පටිච්චසමුප්පාදයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ද “ඤායො” යැයි කියයි. “පඤ්ඤාය” යනු භවයෙන් භවයට උපන් විදර්ශනා ප්රඥාවෙනි. “සුදිට්ඨො හොති” යන භවයෙන් භවයට ඉපිද දැකීම් වශයෙන් මැනවින් දක්නා ලදි යනුයි.
“ඛීණ නිරයො” යනු යනාදියෙහි මතු එහි නූපදින බැවින් “මගේ නිරය ක්ෂය විය” “ඒ මම ක්ෂීණ වූ නිරය ඇත්තෙක්මි.” යනුවෙන් දැනීමයි. මේ ක්රමය සෑමතැන ම දතයුතුයි. “සොතාපන්නො” යනු නිවණට යන මාර්ග ශ්රෝතසට (දියපහරට) පැමිණියේ යනුයි. “අවිනිපාත ධම්මො” යනු දුක් ඇති තැනට නොවැටෙන ස්වභාව ඇති. “නියතො” යනු පළමු මාර්ගය නම් වූ යහපත් නියමිත පිළිවෙලින් නියත වූ යනුයි. “සම්බෝධි පරායණො” යනු ‘මතු මාර්ගත්රය’ නමැති සම්බෝධියයි. “මට පරම වූ උතුම් මාර්ගය ඇත. ඒ මම උතුම් සම්බෝධිය පිහිටකොට ඇත්තෙම් වෙමි” ඒ සම්බෝධිය ඒකාන්තයෙන් විශිෂ්ටාවබෝධය ඇත්තකැයි යන අර්ථයි.