7. අචෙලකස්සප සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයේ “අචෙල කස්සපො” යනු ආකාරයෙන් අචේලයෙකි වස්ත්‍ර නැත්තෙකි. නාමයෙන් කස්සප නමැයි “ඔකාසං” යනු ප්‍රශ්න-ව්‍යාකරණයට ක්ෂණික කාලයක්. “අන්තරඝරං” යන මෙහි “දෙඅත් බැඳගෙන අන්තරඝරයෙහි නොහිඳින්නෙමි” යන මෙහි අන්තරඝර යනු නිවසේ ඇතුලයි. “පහතට හෙලූ ඇතිව අන්තරඝරයෙහි ඇවිදින්නෙමි”1 යන මෙහි අන්තරඝර යනු ඉන්ද්‍රඛීලයේ පටන් මුලු ඇතුළු ගම්මානය යි. මෙම සූත්‍රයේ ද මේ දෙවන අදහස ගත යුතුයි. “යදාකඞඛසී” යනු යමක් කැමති නම් එයයි.
මේ සූත්‍රය වදාරනු කැමති වුවත් භාග්‍යවතුන් වහන්සේ තෙවනවර දක්වා ම ප්‍රතික්ෂේප කරන ලද්දේ කුමක් නිසාද? ගෞරවය දැන්වීම පිණිසය. දෘෂ්ටිගතිකයෝ වනාහී ප්‍රශ්නයට වඩා ම පිළිතුරු නොදෙන්නේ නම් ගෞරව නොකරති. “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත පැමිණීමත්, ප්‍රශ්න ඇසීමත් පහසුය.” ඇසූ ගමන් ම පිළිතුරු දෙන්නේ නම් ඒ එක් වදනකුදු නො අදහති. පිළිනොගනිති. දෙවරක්-තෙවරක් ප්‍රතික්ෂේප කළවිට “ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළඹීමත් ප්‍රශ්න ඇසීමත් ඉතා දුෂ්කර වූවකි” යි ඊට ගරුකරති. තෙවැනි වර දක්වා ඉල්ලීම් කර, පිළිතුරු දුන්කල්හි එය මැනවින් අසති. අදහති. පිළිගනිති. මෙනිසා භාග්‍යවතුන් වහන්සේ “මොහු මනාව අසන්නේය, පිළිගන්නේය” යනුවෙන් තෙවැනිවර දක්වා ඉල්ලීම් කළ කල්හි පිළිතුරු දුන් සේක. තවද වෛද්‍යවරයෙක් තෙල් හෝ පැණි හෝ පිසනුයේ මෘදු වූ පැසීම්, රළු වූ පැසීම් ආදී යෝග්‍ය පැසීම් අවස්ථාව මැනවින් බලනුයේ පැසෙන අවස්ථාව නො ඉක්මවා ම ලිපෙන් එය බස්වයි. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ ද සත්ත්වයන්ගේ ඤාණය මුහුකුරා යෑම සිදුවන අවස්ථාව මනාව දන්නා සේක් - තෙවැනිවර දක්වා ඉල්ලන තෙක් ම සිටිසේක.
“මා හෙවං කස්සප” යනු කස්සපය! එසේ නොකියන්න. දුක තමා විසින් කරන ලදැයි පැවසීම නුසුදුසුය. දුක කරන්නා වූ - කාරකයක් වූ “ආත්මය” නම් වූ කිසිවක් නැතැයි දක්වයි. සෙසු ප්‍රශ්නයන්හි අර්ථ ද මෙලෙසින්ම දතයුතුයි. “අධිච්ච සමුප්පන්නං” යනු කරුණක් - හේතුවක් නොමැතිව යමක් කැමැත්තෙන් - අහඹු ලෙස ඉපදීමයි. “ඉති පුට්ඨො සමානො” යන්න කුමක් නිසා කියන ලද්දේ ද? මෙලෙස වූ සිතක් පිළිබඳව කස්සට ඇතිවිය. මේ තැනැත්තා දුක තමා විසින් කරන ලදැයි ආදී වශයෙන් විමසනු ලැබූ විට ‘එසේ නොකියව’ යි පවසයි. ‘දුකක් නැතිද?’යි විමසූවිට ‘ඇතැ’යි කියයි. ‘භාග්‍යවත්හු දුක නොදනියි. නොදකියි’ යනුවෙන් විමසූවිට ‘දුක මම දනිමි’යි කියයි. මෙලෙස පවසනුයේ ඇයි? මවිසින් වැරදි ලෙස ප්‍රශ්න අසන ලදද?”යි සිතා නැවත එම ප්‍රශ්නාවලිය දෙස මුලසිට පරීක්ෂා කර බලමින් පිරිසිදු කරමින් මෙලෙස පැවසීය.
“ආචික්ඛතු මෙ භන්තෙ! භගවා” යන මෙහි ශාස්තෲන් වහන්සේ කෙරෙහි හටගත් අසීමිත ගෞරවය නිසාම ‘භවං’ යනුවෙන් නොපවසා ‘භගවා’ යැයි පැවසීය. “සො කරොති” යනාදිය ‘දුක තමා විසින් කරන ලදැ’යි යන පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමට කියන ලදී. මෙහි “සතො” යනු සත්තමී අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු පදයකි. එබැවින් අර්ථ මෙසේ දතයුතුයි. “කස්සප! ඔහු කරයි. ඔහු විඳියි. ආදී වශයෙන් මුලදීම ගත්විට; පසුව දුක තමා විසින් ම කරන ලදී” යන පිළිගැනීමට පැමිණීමට සිදුවේ. “ඉතිවදං” මේ මුලින් ඇති ‘ආදී’ ශබ්දය අනන්තර වශයෙන් ශාස්වත ශබ්දයන් හා සම්බන්ධ වේ. දක්වයි. ගනියි යනු මෙහි සෙසු පාඨයන්‍ ය. මෙය කියන ලදී. “මෙසේ දක්වමින් මුලින් ම ශාස්වත වාදය දක්වා, එම වාදය ගන්නා ලද්දේ කුමක් නිසා ද? එහි මෙය දැක්වීමයි. “එතං පරෙ” යනු කාරකයාද විඳින්නාද එකට ම ගෙන මේ ශාස්වත වාදයට පැමිණේය යන අර්ථයි.
“අඤ්ඤො කරොති” ආදිය වනාහි දුක අනුන් විසින් කරන ලදැයි එන පිළිගැනීම දුරුකිරීම සදහා යොදන ලදී. “ආදිතො සතො” මෙය වනාහි මෙහි දී ද පැමිණවිය යුතුය. මෙය මෙහි අර්ථයයි. “කස්සප! අනිකකු කරයි. අනිකකු විඳියි’ යන්න මුලදීම ගත්විට කාරකයා පසුව සිඳ දමයි. ඔහු විසින් කළ දේ වෙනත් අයෙකු විසින් විඳියි යනුවෙන් එසේ පිළිගත් උච්ඡේද දෘෂ්ටිය ඇතිවේ.” උච්ඡේද දෘෂ්ටිය ඇති පහර ලබා වේදනාවෙන් පීඩා වූවන්ට “දුක අනුන් විසින් කරන ලදී” යන පිළිගැනීම ඇති වේ. “ඉති වදං” මුලදී කියන ලද ක්‍රමයෙන් ම යෙදිය යුතුයි. මේ එම අර්ථ යෝජනාවයි. මෙසේ දක්වමින් මුලින්ම උච්ඡේදවාදය දක්වයි, එම උච්ඡේදවාදය ම ගනියි. කුමක් නිසාද? එහි මේ දැක්වීමයි. “එතං පරෙ” යනු මේ උච්ඡේදවාදය පිළිගැනීමට පැමිණේ යන අර්ථයයි.
“එතෙතෙ” යනු සම්බුදු වූ ශාස්වත - උච්ඡේදවාද සංඛ්‍යාත වූ “උභො අන්තෙ අනුපගම්ම” යනු අන්ත දෙක ම අත්හැර - ඊට නොපැමිණ, “මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති” යන මධ්‍යම ප්‍රතිපදාවෙහි පිහිටා තථාගතයන් වහන්සේ දහම් දෙසන සේක. ඉදින් කවර ධර්මයක් ද? “යදිදං අවිජ්ජා පච්චයා සංඛාරා” යනු හේතු වශයෙන් ඵලය ද හේතු නිරෝධ වශයෙන් නිවණ ද දක්වන ලදී. කිසියම් කරන්නෙක් හෝ විඳින්නෙක් මෙහිදී නොදැක්විනි. මෙපමණකින් ඉතිරි ප්‍රශ්න ප්‍රතික්ෂිප්තය. අන්ත දෙකට නොපැමිණ යන මෙහිදී “අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ” යන තෙවන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරන ලදී. මෙයින්ම හේතුවක් නැතුව හටගත් බව ද නොදැනීම ද ප්‍රතික්ෂිප්ත බව දතයුතුයි. ය්‍යරීමෙන් අනුපිළිවෙලින් ධර්මාවබෝධය වේනම් ඔහු විමසා බැලීමෙන් හා කල්‍යාන මිත්‍ර ආශ්‍රයෙන් - භජනයෙන් - පයිරුපාසනයෙ