6. සප්ප සූත්‍ර වර්ණනාව
සය වැන්නේ - සොණ්ඩිකාකිලඤ්ජං සුරා සාදන්නන්ගේ (රා පෙරන) මටුලු කස්සක් කොසලිකා කංසපාති කෝසල රජුගේ රිය සක ප්‍රමාණ වූ පරිභෝග පාත්‍රය (තළිය) ගලාගලායන්තෙ ගර්ජනය කරද්දී කම්මාරගග්ගරියා කම්මල්කරුගේ (නවම්දන්නාගේ) ලිප් (උදුන්) බටයෙන් (මයින හමෙන්) ධමමානාය එහි වාතයෙන් පිරෙන කල්හි ඉති විදිත්‍වා ශ්‍රමණ ගෞතමයන් දැහැනට යොමු වූයේ, සුවසේ සිටින්නේ, ඔහු ගටන්නෙමි යි කියන ලද පරිදි ශරීරයක් මවා දැහැන් වඩන භූමියෙහි ඒ මේ අතර සැරිසරනු විදුලිය ආලෝකයෙන් දැක මේ සත්ත්වයා කවරෙක් දැයි විමසන්නේ ‘මේ මාරයා’ යි මෙසේ දැන,
සුඤ්ඤගෙහානි හිස් ගෙවල සෙය්‍යා සැතපීම පිණිස සිටින්නෙිම, සක්මන් කරන්නෙමි, හිඳ ගන්නෙමි, සැතපෙන්නෙමි යි මේ අරමුණු පිණිස යමෙක් හිස් ගෙවල් පාවිච්චි කරයි ද යනු අරුත යි. සො මුනි අත්තසංයතො ඒ බුදු මුනිවරයා අත් පාවල නරක හැසිරීමක් නොමැති බැවින් සංයම තත්ත්වයට පත් වූයේ වොස්සජ්ජ චරෙය්‍ය තත්‍ථ සො, හේ ඒ ආත්මභාවය කෙරෙහි ඇලීම - තෘෂ්ණාව - හැර දමා සැරිසරන්නේ ය. පතිරූපං හි තථාවිධස්ස තං එසේ සිටි බුදු මුනිවරයාගේ ආත්මභාවයෙහි ඒ තෘෂ්ණාව හැර දමා (කෙරෙන) හැසිරීම නම් සුදුසු ය, යුතු ය, යෝග්‍ය ය.
චරකා සිංහ ව්‍යාඝ්‍ර ආදී හැසිරෙන (ජංගම) සත්ත්වයෝ, භෙරවා සවිඤ්ඤාණක අවිඤ්ඤාණක විය. එහි සවිඤ්ඤාණක නම් සිංහ ව්‍යාඝ්‍රාදීහු ය. අවිඤ්ඤාණක නම් රාත්‍රිභාගයෙහි කණු හුඹස් ආදිය යි. ඒවා ඒ වේලාවෙහි යක්ෂයන් මෙන් එළඹ සිටී. ලණු වැල් ආදිය සර්පයන් මෙන් එළඹ සිටියි. තත්‍ථ ඒ බිහිසුණු තත්ත්වයන්හි, හිස් ගෙවල සිටින බුදුමුනිවරයා රෝම සෙලවීම් මාත්‍රයක් හෝ නො කරයි.
දැන් අභව්‍ය (විය නො හැකි දේ) පිළිබඳ පරිකල්පනය දක්වන සේක්, නභං ඵළෙය්‍ය ආදිය පැවසූහ. එහි ඵළෙය්‍ය යනු කපුටු පාදයක් මෙන් කැබලි කැබලිවලට පැළෙයි ද? චලෙය්‍ය නෙළුම් පතෙහි වාතයෙන් සෙලවුණු ජල බිඳුවක් මෙන් සැළෙන්නේ ය. සල්ලම්පි චෙ උරසි පකප්පෙය්‍යුං තීක්ෂණ (තියුණු) ආයුධ උල් ද පපුවට ගසන්නෝ ය. උපධීසු ස්කන්ධ උපාධීන්හි තාණං න කරොන්ති තියුණු උලක් උරයෙහි ගසන විට භයෙන් වන ලැහැබට කඳු විවරවලට පිවිසෙමින් ආරක්ෂාව සලසන්නේ නමි. බුදුවරයෝ සිායලු භය සිඳ දැමූ හෙයින් මෙබඳු ආරක්ෂාවක් නම් නො කරති.
සය වැනි සූත්‍රය යි.
7. සොප්පසි සූත්‍ර වර්ණනාව
සත් වැන්නේ - පාදෙ පක්‍ඛාලෙත්‍වා බුදුවරුන්ගේ ශරීරයෙහි රජස් දූවිලි නො ඇළේ. නෙළුම් පතෙහි දිය වැටුණාක් මෙන් පෙරළී යයි. එසවෙුව ද සිරුර ‘සෘතු’ ගන්වනු වස් (සනහනු වස්) සෝදා පා දොවා පිවිසීම පැවිද්දන්ගේ ව්‍රතය යි. එහි දී බුදුන් වහන්සේලාගේ ආචාර භේදයක් (සිරිත් කැඩීමක්) නම් නැත. ආචාර ධර්මයේ සිට සෝදත්. ඉදින් භාග්‍යවතුන් වහන්සේ ස්නානය නො කරත් නම් පා නො සෝදත් නම් මේ මනුෂ්‍යයෙක් නො වේ යයි කියනු ඇත. එහෙයින් මිනිසුන් කරන දේ පැහැර නො හැර සෝදන සේක. සතො සම්පජානො නින්ද ග්‍රහණය කිරීමේ සතිසම්පජඤ්ඤයෙන් සමන්නාගත වූ සේක්. උපසඞ්කමි ශ්‍රමණ ගෞතම මුළු රෑ එළිමහනේ සක්මන් කොට ගඳ කිළියට පිවිසි නිදයි. බෙහෙවින් සැප සේ නිදන්නේ වන්නේ ය. ඔහු ගටන්නෙමි යි සිතා එතැනට පැමිණියේ ය,
කිං සොප්පසි කිම නිදහි ද? ඔබට මෙය කුමන නම් නින්දක් ද යි කියයි. කිංනු සොප්පසි කුමක් නිසා නිදහි ද? දුබ්භගො විය මළ අයකු මෙන්, විසඥ වූවෙකු මෙන් ද, සුඤ්ඤමගාරං මට හිස් නිවසක් ලැබිණැයි නිදන්නෙහි ය කියයි. සුරියෙ උග්ගතෙ හිරු නැගී ආ විට; දැන් අන් භික්ෂූහු අමදිත්, බොන පැන් ගෙන එත්, පිඬු පිණිස යාමට සූදානම් වෙත් ඔබ කුමක් නිසා නිදාගත් වන ම සිටින්නෙහි ද?
ජාලිනී භව තුනෙහි ගිලී සිටින්නහු විසින් “අජ්ඣත්තිකස්සුපාදාය අට්ඨාරස තණ්හාවිචරිතානි” යනාදි පරිදි තමාගේ ඒ කොටස් බවට පත් වූ දැලින් ‘ජාලිනී’ (දැලක් ඇත්තී) විසත්තිකා රූපාදියෙහි ඒ ඒ තැන විසත්ත බැවින්, විෂ ඇති බැවින්, විෂ මූලවූ බැවින් හා විෂපරිභෝග කරන බැවින් ද ‘විසත්තිකා’ නමි. කුහිඤ්චි නෙතවෙ කිසියම් තැනකට පැමිණවීමට, සබ්බුපධීනං පරික්‍ඛයා සියලු ස්කන්ධ, ක්ලේශ, අභිසංස්කාර, කාම ගුණ යන කොටස් සහිත උපධීන්ගේ ක්ෂය වීමෙන්; කිං තවෙත්‍ථ මාර මාරය තට කිම? කුමක් නිසා ඔබ උණු කැඳෙහි සැඟවෙන්නට නො හැකි කුඩා මැස්සකු මෙන් කෙළවරක් නොමැති ව අවදි කරමින් ඇවිදින්නෙහි ද?
සත් වැනි සූත්‍රය යි.