3. සාධු සූත්ර වර්ණනාව
තුන් වැන්නෙහි : උදානං උදානෙසි උදානයක් ප්රීතිවාක්යයක් (ප්රකාශයක්) කළේ ය. යම් සේ තෙල් නියමිත ප්රමාණය (දරා) ගැනීමට නො හැකි ව බඳුනෙහි උතුරා යයි ද, ඊට “අවසේක” (උතුරා යාම) යි කියනු ලැබේ. යම් ජලයක් තඩාගයකට (විලකට) දරා ගත නොහැකි ව, පිටාර ගලයි ද, ඊට ‘ඕඝ’ (සැඩ පහර) ය කියනු ලැබේ. එසේ ම යම් ප්රීති වචනයක් හදවතට දරා ගත නො හැකිවේ ද අධික වී ඇතුළත තිබීමට නො හැකි ව පිටතට එයි ද එය ‘උදාන’ යි කියනු ලැබේ. මේ ආකාරයේ ප්රීතිමය වචන උච්චාරණය කරයි යන අර්ථ යි.
සද්ධායපි සාහු දානං කර්මයත් ඵලයත් අදහා දෙන ලද්දා වූ දානය යහපත් ලෙස (ධාර්මික ලෙස) ලැබුයේ හොඳ වූවක් ම ය. ‘මැනවි’ යි කියත්, කෙසේ නම් මේ දෙක ම සම වේ ද? ජීවිතයට බිය ඇත්තේ යුධ කිරීමට අසමත් වේ. වස්තුක්ෂය වීමට (අඩුවීමට) බියවූයේ දීමට අසමත් වේ. ජීවිතයත් රැක ගනිමි. යුද්ධය ද කරන්නෙමි යි කියන්නා යුද නො කරයි. ජීවිතය කෙරෙහි ආශාව හැරදමා දෙකඩ වීම හෝ වේවා, මරණය හෝ ලබන්නෙමි. “මෙය ම ඓශ්චර්යයකි” යි උත්සාහ කරන්නා ම යුද්ධ කරයි. ධනය ද රකින්නෙමි, දන් ද දෙන්නෙමි යි කියන්නා නො දෙයි. ධනය කෙරෙහි ආශාව හැරදමා මහා දානයක් දෙන්නෙමැයි උත්සාහ කරන්නේ ම දෙයි. මෙසේ දානයත් යුද්ධයත් සමාන ය. ඊට වැඩි කුමක් ද? අප්පාපි සන්තා බහුකෙ පීනන්ති. යම් සේ යුද්ධයෙහි දී වීරපුරුෂයන් ටික දෙනෙකු වුව ද බොහෝ බිය ගුළු පුරුෂයන් (මර්දනය කරයි ද) එසේ ම ශ්රද්ධාදී සම්පන්න පුද්ගලයා සුළු හෝ දානයක් දෙන්නේ බොහෝ මසුරු බව මර්දනය කරයි. බොහෝ වූ දාන විපාක ද ලබයි. මෙසේ දානයත් යුද්ධයත් සමාන ය. එහෙයින් කී සේක.
අප්පම්පි චෙ සද්දහානො දදාති
තෙනෙව සො හොති සුඛී පරත්ථ
තෙනෙව සො හොති සුඛී පරත්ථ
මෙහි ද අර්ථය ප්රකාශ කරනු පිණිස ඒකසාටක බ්රාහ්මණ වස්තුවත් අංකුර වස්තුවත් විස්තර කළ යුතු ය.
ධම්මලද්ධස්ස දැහැමින් සෙමෙන් ලද භෝගයේත් (ධම්මලද්ධ) දැහැමින් ලත් පුද්ගලයාගේත්; මෙහි “ධම්මලද්ධ” පුද්ගලයා නම් ප්රතිවේධ කළ ධර්මය ඇති - ආර්ය ධර්මය ඇති - පුද්ගලයා ය. මෙසේ ධර්මයෙන් ලද භෝගවලින් යම් දානයක් ධර්මය අවබෝධ කළ පුද්ගලයාට දෙන්නේ ද එය ද මැනවි යන අරුත යි. යො ධම්මලද්ධස්ස මේ ගාථා පදයෙහි ද මේ අර්ථය ම ය. උට්ඨානවිරියාධිගතස්ස උට්ඨානයෙනුත් වීර්යයෙනුත් ලත් භෝගවල, චෙතරණිං මෙය දේශනා ශීර්ෂය පමණි. යමයාගේ චේතරණිය ද, සංජීවකාලසුත්ත ආදියත්, එක් තිසක් වූ මහා නිරයත් සම්පූර්ණයෙන් ම ඉක්මවා යන අරුත යි.
විචෙය්ය දානං තෝරා ගෙන දෙන ලද දානය, එහි තෝරා ගැනීම් දෙකකි. දක්ෂිණා තෝරා ගැනීම හා දක්ෂිණෙය්ය තෝරා ගැනීම ය. ඒවායින් ලාමක වූ ලාමක වූ (පහත් පහත්) ප්රත්යය බැහැර කොට ප්රණීත වූ ම දේ තෝරා ගෙන දෙන ඔවුන්ගේ දානය දක්ෂිණා තෝරා ගැනීම යි. සාවද්ය සිල් ඇති මෙයින් (මෙම සසුනින්) බැහැර- අනූපහක් වූ මිථ්යාදෘෂ්ටික පාසණ්ඩ ප්රභේද වූ දක්ඛිණෙය්යයන් (දිය යුත්තන්) හැර, ශීලාදී ගුණ සම්පන්න වූ බුදු සසුනේ පැවිදි වූවනට දෙන දානය දක්ඛිණෙය්ය තෝරා ගැනීම වේ. මෙසේ දෙයාකාරයකින් තෝරා ගෙන දීම, සුගතප්පසත්ථං බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලද, එහි දක්ඛිණෙය්යන් තෝරා ගැනීම දක්වන සේක්, යෙ දක්ඛිණෙය්යා ආදිය වදාළ සේක. බීජානි වුත්තානි යථා මෙයින් දක්ෂිණාව තෝරා ගැනීම වදාළ සේක. විෂම නො වූ බීජ හා සමාන ව තෝරා ගන්නා ලද ප්රණීත වූ දෙය්ය ධර්මය ය (දිය යුතු දෑ ය.)
පාණෙසුපි සාධු සංයමො ප්රාණීන් කෙරෙහි සංයතභාවය ද (සංයමය හෙවත් ප්රාණඝාතයෙන් වැළකීම ද) මැනවි. මේ දේවතාවා අන්යයන් විසින් පවසන ලද දානානිශංසය ඉක්මවා ශීලානිශංසය පැවසීම ආරම්භ කළේ ය. අහෙඨයං චරං හිංසා නො කරමින් හැසිරෙන්නේ පරූපවාදා අන්යයන්ගේ දෝෂාරෝපණවලට බියෙන් භයා දෝෂාරෝපණවලට බියෙනි.
දානා ච ඛො ධම්මපදං ව සෙය්යො දානවලින් නිර්වාණ සංඛ්යාත වූ ධර්ම පදය ම උසස් ය. පුබ්බෙ ච හි පුබ්බතරෙ ච සන්තො පූර්වයෙහි ද - කාශ්යප බුදුන් වහන්සේගේ කාලයෙහි, පූර්වතර කාලයෙහි - කෝණාගමන බුදුන් සමයෙහි, ඒ සියලු දෙනා පූර්ව හා පූර්වතර ව සිටියාහු නම් වෙත්.
තුන්වැනි සූත්රය යි.
4. නසාන්ති සූත්ර වර්ණනාව
සිවු වැන්නෙහි - කමනීයාති රූපාදි ඉෂ්ටාරම්මණ, අපුනාගමනං අනාගන්තා පුරිසො මච්චුධෙය්යා ත්රෛභූමික වෘත්ත සංඛ්යාත වූ මෘත්යුධෙයයෙන් (මාර රාජ්යයෙන්) අපුනාගමන (යළි නො පැමිණීම්) සංඛ්යාත නිර්වාණයට නො පැමිණෙන්නාහු, සත්ත්වයෝ නිර්වාණයෙන් යළි නො එත් ම ය. එහෙයින් එය ‘අපුනාගමන’ (යළි නො පැමිණීම) යි කියනු ලැබේ. කාමයෙහි බැඳුණා වූ ද, ප්රමාද වූවෝ ද ‘අනාගන්තා’ (නො පැමිණෙන්නාහු) නම් වෙත්, පැමිණීමට නො හැකි වේ. එහෙයින් මෙසේ කී ය. ඡන්දජං තෘෂ්ණා ඡන්දයෙන් හටගත් අඝං පඤ්චස්කන්ධ දුක; දෙවන වචනය ඊට සමාන වචනයකි. ඡන්ද විනයා අඝවිනයො තෘෂ්ණාව දුරු කිරීමෙන් පඤ්චස්කන්ධ දුරු කිරීම (වේ). අඝවිනයා දුක්ඛවිනයො පඤ්චස්කන්ධය දුරු කිරීමෙන් සසර දුක දුරු කරන ලද්දේ ම වේ. චිත්රානි අරමුණු වශයෙන් විචිත්ර වූ, සංකප්පරාගො සංකල්පිත රාගය යි. මෙසේ මෙහි වස්තුකාමය හා ක්ලේශකාමය ‘කාමය’ යි පවසන ලදි. මේ අර්ථය පසූරසූත්රයෙන් පැහැදිලි කරගත යුත්තේ ය. තෙරුන් වහන්සේ විසින් සංකල්පරාගය කාමයයි කියන ලද්දේ පසූර පරිව්රාජකයා මෙසේ පැවසී ය: